එළියකන්ද වධකාගාරයේදී පොලිසිය මගෙන් කටඋත්තර ගත් හැටි

ajith

කකුල් දෙකෙන් එල්ලලා, ඔලුව යටින් මිරිස් කුඩු පුච්චලා, නියපොතු ගලවලා, හම ගහලා කටඋත්තර ගනිද්දි ඒ සියල්ල විඳදරාගෙන කටඋත්තර දීම ප්‍රතික්ෂේප කරපු වීරයෙක් ගැන කියවන්න ආසාවෙන් ආවා නම් ආපහු යන්න. මේක එහෙම මයිල් කෙළින් වෙන කතාවක් නෙමෙයි. මං එහෙම වීරයෙක් නෙමෙයි.

1989 මැයි මාසෙ මාව හමුදාව විසින් අත්අඩංගුවට අරගෙන එළියකන්ද වධකාගාරයට අරන් යනකොට හදිසි නීතිය තිබුණෙ නැහැ. මාත් එක්ක අත්අඩංගුවට ගත් කණ්ඩායමේ රුහුණු විශ්වවිද්‍යාලෙ සමාජවාදී ශිෂ්‍ය සංගම් නායකයා වුණ තිස්සත් හිටියා. ඔහු නිදහස් කරන්නය කියලා ලොකු උද්ඝෝෂණයක් පැවැත්වුණ නිසා ඔහු නිදහස් කළා. ඔහු එළියට ගියාට පස්සෙ පක්ෂෙන් අනෙක් තුන්දෙනා වෙනුවෙන් හෙබයාස්කෝපුස් ගොනු කළා. ඒ අප අසවල් තැන රඳවා තබාගෙන ඉන්න නිසා අධිකරණයට ඉදිරිපත් කරන්නය කියලා.

ඒ අනුව අප මාතර පොලිසිය භාරයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන සිටින බවට පවසා රැඳවුම් නියෝග ගත්තා. හැබැයි ඇත්තටම හිටියෙ එළියකන්දෙ. මට මතක විදියට, 1989 අගෝස්තු මාසෙ හදිසි නීතිය නැවත පැනවූවා. එළියකන්ද නැවතත් පරිපූර්ණ වධකාගාරයක් බවට පත්වුණා. සිරකරුවන්ගෙන් පිරී ඉතිරී ගියා.

හතරවන පාබල හමුදාවෙ කැප්ටන් රත්නායකගෙ යටතෙ තිබුණ දකුණු පළාතෙ හා මාතර හමුදා බුද්ධි අංශය පස්සෙ කාලෙක කොටින්ට ඔත්තු දීම නිසා සිරභාරයට ගන්නා ලද හයවන කාලතුවක්කු හමුදා‍ෙ මේජර් දසනායක යටතට පත් කළා. ඉන් පස්සෙ එළියකන්දට ආවෙ කලින් හිටපු පිරිසට වඩා කෘර වධකයන් පිරිසක්. ඒ කාලෙ විස්තර මගේ කේපොයින්ට් කතාවේ තිබෙනවා.

විවිධ හැලහැප්පීම් මැද්දෙ එළියකන්දෙ තරුණයන් රැසක් මරාදමද්දි මාත්, දැන් ඩලස්ගෙ ලේකම් කෙනෙකු වන සුමිත් චන්දනත් පණ බේරගත්තා. මාත් එක්ක අත්අඩංගුවට ගත් අනෙක් සහෝදරයා වන ආනන්දෙ ශිෂ්‍යයකු වන චම්ලිව රැඳවුම් නියෝග, හෙබයාස්කෝපුස් තියෙද්දිම මරාදැම්මා.

මාතර පොලිසියෙන් ඇවිත් මගෙන් කටඋත්තර ගන්න ඕනැ බව කිව්වෙ ඔය ආසන්න වකවානුවක. සාජන් කෙනෙක් තමයි ආවෙ. මුලින් මං දීපු ප්‍රකාශය අතින් ලියාගෙන මට කියවන්නත් දීලා අත්සන් ගත්තා. ඒක හරිම සාමකාමී විදියටයි වුණේ. හැබැයි දවස් කීපයකට පස්සෙ අර සාජන්ම ඇවිත් මාව අරගත්තා. යතුරුලියනය කරපු කටඋත්තරයක් පෙන්නලා අපි මේක ටයිප් කරලා ගෙනාවා අත්සන් කරන්න කිව්වා. මං මුල් වාක්‍ය දෙක තුන යන්තම් බලනකොටම මට තේරුණා ඒකෙ සහකාර පොලිස් අධිකාරිවරයෙකුගෙ නම තියෙනවා, ඒ වගේම අත්අඩංගුවට ගත් දින වකවානු වෙනස් බව. ඒක වෙනස් බව මං කීවා. ‘එතකොට මේක අත්සන් කරන්න බැරිද?’ කියලා පොලිස් නිලධාරියා ඇසුවා. ඒ අසල සිටි වධකයකු වන කස්තුරි ඇවිත් ‘ඕකෙ කියවන්න දෙයක් නැහැ. අස්සං කරපං.’ කිව්වා. ඒක ඒ විදියට තමයි සෙට්කරලා තිබුණෙ.

තත්වය ගැන අවබෝධයක් තිබුණු නිසා මං ඒක අත්සන් කළා. එදා ඒක අත්සන් නොකළා නම් මේ කතාව කියන්න මං අද මෙතන නොඉන්න පුළුවන්.

ඒ කටඋත්තරය ඉන් පසුව මට විරුද්ධව සාක්ෂියක් විදියට භාවිතා කළා. ඒ විස්තර දැනට මං කියන්නෙ නැහැ.

කටඋත්තරය ගැනීම කියන නිශ්චිත කාර්යය වෙනුවෙන් මාව කිසිම වධහිංසනයකට ලක්කළේ නැහැ කියලා තර්ක කරන්න පුළුවන්. ඇත්තෙන්ම ඒ කටඋත්තරය මගෙන් ගත්තෙත් නැහැ. ඒ සහකාර පොලිස් නිලධාරියා ඉදිරිපිට මං අත්සන් කළෙත් නැහැ. මං ඒ පුද්ගලයා දැකලාත් නැහැ.

ඒත්, මං ඒක අත්සන් කළා. ඒකට හේතුව, ඒ වනවිට මං හිටපු පරිසරය. මං ලියපු කේපොයින්ට් කතාව කියවපු අය කියන්න මං ඒක අත්සන් කරපු එක වැරදිද කියලා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතෙ මේ කටඋත්තරය වගේ සාක්ෂියකින් ඔබ වැරදිකරුවෙකු වෙන්න පුළුවන්. ඊයේ ඒක ජවිපෙ ක්‍රියාධරයන්ට, දෙමළ කැරැලිකරුවන්ට වුණා. අද අහ්නාෆ් ජසීම්ට වෙන්න පුළුවන්. හෙට ඔබටත් වෙන්න පුළුවන්. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න. වධහිංසනයට විරුද්ධ වෙන්න.

අජිත් පැරකුම් ජයසිංහ – praja

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….