ලක්ෂ 850කට අධික මුදලකින් නවිකරණය කල මාර්ගයේ ගල් මතුවෙයි

නැගී එන කළාප වල ග්‍රාමිය යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ දශක හතකට පමණ පසුව රුපියල් ලක්ෂ 850කට අධික මුදලක වියදමින් නවිකරණය සිදුකරන පුහුලේවැව මාර්ගයේ ඉදිකිරිම් සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවත් මාර්ගයේ නවීකරණ කටයුතු අවසන්වීමත් පෙර මාර්ගයේ ගල් මතුවි ඇති බවට මාර්ගය භාවිතා කරන ගම්මුන් චෝදනා කළහ.

පුහුලවැව හංදියේ සිට නෙළුගොල්ලෑව දක්වා කිලෝමීටර් තුනක පමණ දුරින් යුතු මාර්ගය සංවර්ධන කටයුතු මේ වනවිට අවසන් වෙමින් පැවතියත් එම මාර්ගය කොතරම් කළක් භාවිතා කිරීමට හැකිවේද යන්න සම්බන්ධයෙන් දැඩි සැකයක් මතුවෙමින් පවතින බව ගොවින් පිරිසක් අනාවරණය කළහ.

දශක හතකට අධික කාලයක් මෙම මාර්ගයට තාර නොදැමුණු බවත් කාපට් ඇතිරීම බව කියමින් දියර තාර හා කුඩා ගල් (චිප්ස්) සහිත මිශ්‍රණයක් මාර්ගයේ අතුරා ඇති බව මාර්ගයේ ප්‍රමිතිය පිළිබදව සැකමතු කරනා ගම්මුන් පිරිසක් අනාවරණය කළහ.

මේ සම්බන්ධයෙන් පසුගියදා ගම්මුන් විසින් අදාල සංවර්ධන කටයුත්ත සිදුකරන නිලධාරින් බලධාරින් ඇතුළු කොන්ත්‍රාත් ආයතනයට විරෝධය පළකල බවත් පසුව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා මාර්ගය හොදින් ඉදිවෙන බවට ඔවුන් ප්‍රකාශ කළ බව ගම්වැසියන් පැවසුහ.

ඒ සම්බන්ධයෙන් විරෝධය පලකරන පුහුලවැව නෙළුගොල්ලෑව මාර්ගය භාවිතා කරන ගම්වැසියන් පිරිසක් මෙසේ පැවසුහ.දශක හතකට විතර පස්සේ තමයි වර්ථමාන රජය මේ මාර්ගය සංවර්ධනය කරන්න මුදල් යොදවලා තියෙන්නේ.සේවා යෝජකයා උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම්වරයා.

මුදල රුපියල් අට කෝටි පනස් හය ලක්ෂ අනුහතර දහස් හයසිය හතලිහක්.දාලා තියන කාපට් එක සම්බන්ධයෙන් අපි කිසිදු සෑහීමකට පත්විමක් නෑ.

අනිත් කාණු පද්ධති බෝක්කු ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා හොද වර්ෂාවකින් පසුව අපිට කියන්න පුළුවන්.මේ මාර්ගය එක් වර්ෂාවකින් පසුව විනාශ වෙනවා ඒක ස්ථිරයි.මේ මාර්ගයේ වැඩි හරියක් ගමන් කරන්නේ ගොවින්ගේ ට්‍රැක්ටර් ලොරි රථ වගේ බර වාහන.පවුල් දෙසියක් පමණ මාර්ගය භාවිතා කරනවා.

පාසල් ළමුන් සියයකට අධික ප්‍රමාණයක් ඉන්නවා.කොන්ත්‍රාත් සමාගම කියනවා මේක එක කාපට් වර්ගයක් මේකට වසර තුනක වගකීමක් තියනවා කියලා.ඔය වගකීම් දෙන ආකාරය ගැන අපි දන්නවා.මේවා කැඩිලා බිදිලා ගියාම ආපහු කොන්ත්‍රාත් සමගාම් පැත්ත පළාතේ නෑ.දැනටමත් ඇතැම් ස්ථාන වලින් කුඩා ගල් මතුවෙලා.

සමහර තැන්වල අගල් භාගයක ගල් මිශ්‍රණයක් නෑ.අධීක්ෂණය කරන ආයතන වලට පළාත් ප්‍රධාන ලේකම්වරයට රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ නිලධාරින්ට ව්‍යාපෘති අධ්‍යක්ෂ පළාත් ව්‍යාපෘති අධ්‍යක්ෂතුමන්ලට ඇවිල්ලා මේ මාර්ගය ප්‍රමිත ගතයි කියලා හොද සහතිකයක් දෙන්න කියලා අපි ඉල්ලනවා.

නමුත් මේ මාර්ගයේ රුපියල් ලක්ෂ අටසිය පනහක වැඩක් කෙරිලා නෑ කියලා ග්‍රාමිය ඉන්න අපිට බැලූ බැල්මට තෙරේනවා.සමහර මහත්තවරු හිතාගෙන ඇති අපි ගම්වල හැදුණු වැඩුනු මිනිස්සු නිසා මෝඩයෝ වෙන්න ඇති කියලා යනුවෙන් ඔවුන් පැවසූහ.

මෙම චෝදනාව සම්බන්ධයෙන් අදාල කොන්ත්‍රාත් සමාගමේ කලමනාකාර අධ්‍යක්ෂ අනුර විජේනායක මහතාගෙන් දුරකථනයෙන් කළ විමසීමකදි ඔහු මෙසේ පැවසුවේය.කාපට් වර්ග දෙකක් තියනවා.ඒ එක කාපට් වර්ගයක් තමයි දාලා තියෙන්නේ.ඔයා මොනවද කාපට් ගැන දන්නේ පාර ප්‍රමිති ගතව හදලා තියෙන්නේ යනුවෙන් පැවසුවේය.

පසුව එම ව්‍යාපෘති භාර කලමනාකාරවරයා බව කියන මහේෂ් යන අය විසින් මව්බිම අමතමින් කියා සිටියේ ගම්මුන් සමග සිදුකළ සාකච්චාවකින් පසුව ඔවුන් ඉදිකිරිම් පිළිබදව සෑහීමකට පත්වු බවයි.

ඉංජිනේරුවන් තාක්ෂණ නිලධාරින් ඇතුළු අධීක්ෂණ ආයතන ලබාදුන් සියළුම සහතික තිබෙන බවත් වසර තුනක කාලයක් මාර්ගයට ආයතනය වග කියනා බව ඔහු පැවසුවේය.මාර්ගයේ ඕනෑම ස්ථානයකින් කැබලි කපා මාර්ගයේ ශක්තිමත් බව පෙන්විය හැකි බව ඔහු පැවසුවේය.මාර්ගය ප්‍රමිතිගත ආකාරයට සැකසෙන බවත් චෝදනාව බැහැර කරනා බවත් ඔහු වැඩිදුරටත් පැවසුවේය.

අනුරාධපුර – මහේෂ් විජේසූරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….