නිහඬ සංස්කෘතියේ නවකතාව හොදම මාධ්‍යයක් වෙයි

nawakathawa

නූතන තාක්ෂණික උපාංග නිසා ජනතාව නිහඬ මිනිසුන් වී ඇති බවත් නිර්මාණය වෙමින් තිබෙන්නේ නිහඬ සංස්කෘතියක් බවත් එය වෙනස් කළ හැක්කේ කලා නිර් මාණවලින් බවත් නවකතාව ඊට හොදම මාධ්‍යක් බවත් පොලොන්නරුව මහ දිසාපති ඩබ්.ඒ.ධර් මසිරි මහතා පවසයි.

මහ දිසාපතිවරයා මේ බව පැවසුවේ පොලොන්නරුවේ නූතන පරපුරේ කලා සලකුණ  වන ප්‍රවීන නාට්‍යවේදී ඩී.කේ.ආටිගලගේ කුළුදුල් ඓතිහාසික නවකතාව ‘කාල’ දොරට වැඩීමේ උළෙලට සහභාගී වෙමින් ඊයේ (26) පොලොන්නරුව චන්ද්‍ර මණ්ඩපයේ දීය.

ළමානාට්‍ය, යොවුන් නාට්‍ය ,කතාන්දර ඇතුළු කඩවර නම් වේදිකා නට්‍ය‍යක් ද එයම කාල නමින් ටෙලි නාට්‍ය‍යක් ලෙස ද කාල නමින් සිනමා පටයක් ද රචනා කළ ඩී.කේ. ආටිගල නම් කෘත හස්ත නිර් මාණවේදියාගේ කාල නවකතාව දොරට වැඩීම පොලොන්නරුව නවනගරය චන්ද්‍රමණ්ඩපයේ දී පැවති අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ මහ දිසාපතිවරයා මෙසේ ද කීය.

“ඓතිහාසිකව සිදුවූ දේ නැවත නැවත සිදුවෙනවා දැයි අපි ආපහු හැරිලා බැලුවොත් අතීත මුතුන් මිත්තන් කළ දේවල් අද වර් තමානයේ සිදුවෙනවා ද කියලා හොයලා බලනකොට ඒවා ගැන විශේෂ සැලකිල්ලක් දක්වන බවක් පේන්නේ නෑ.නමුත් අතීතයේ හිටිය රජදරුවන් මුතුන් මිත්තන් කියපු කරපු දේවල් ලියැවිලා තියෙන ඉතිහාසය අධ්‍ය‍යනය කර නැවත ඒ ශ්‍රී විභූතිය උදාකර ගන්නට නම් නැවත නැවත ඉතිහාසය ප්‍රතිනිර් මාණය කිරීමට සිදුවෙනවා.

කලාකරුවා ඉතිහාසඥයා කරන්නේ ඒ කාර් යය.අද පොලොන්නරුවේ ඩී.කේ.ආටිගල සූරීන් මේ කාල නවකතාව හරහා කරන්නේ ද එයයි.ආපහු හිතලා බැලුවොත් පරාක්‍රම සමුද්‍රය චිරාත් කාලයක් තිස්සේ මේ රටට බත සපයන්න කන්න දෙකක් වතුර දෙනවා.මේ දියවර තමයි නාන්න කියන්න,පානය කිරීමට,ගහකොළවලට සතාසීපාවාගේ ප්‍රයෝජනයටත් දෙන්නේ.

මේ සා සේවාවක්  පරාක්‍රම සමුද්‍රයෙන් සිදුවෙන බව අපි සිතා බලනවාද?මේ වැවෙන් ඉටුවන කාර් යය අනාදිමත් කාලයක් මේ කාර් යය සිදු කළා.හැබැයි කීයෙන් කීදෙනාට ද අපි ඒ වතුර බිදක් පාවිච්චි කරනකොට නිර් මාණය කරපු කෙනා ගැන සිහි වෙන්නේ.එදා එහෙම සිහි කළත් අද මිනිස්සුන්ගෙන් සමාජයෙන් මෙය මැකිලා යන තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ.

එදා කළ නිර් මාණ පිළිබදව හැම කෙනෙක් ම සිතා බලනවා නම් ජනතාවට මෙවැනි ග්‍රන්ථයක් තුළින් හරි ජනතාවට කියා දෙන්න උත්සාහ ගන්නවා නම්,විචාර බුද්ධියෙන් සිතා බැලීමට කියා දෙනවා නම් ඉතාම අනර් ඝයි.මම හිතනවා ඩී.කේ.ආටිගලයන් විසින් මේ ගත්ත උත්සාහය සාර් ථක වෙන්නේ ජනතාව එය නැවත නැවත සිදු කරයි නම් පමණයි.කාල කෘ තිය කියවනකොට එදා ඒ ඓතිහාසික කලාවැව නිර් මාණය කළා විතරක් නෙමෙයි ඒ වැව පරිස්සම් කරපු ආකාරය ඉතාම හොදින් පැහැදිලිවෙනවා.එදා හිටපු ජනතාව වැව තමන්ගේ ජීවිතයටත් වඩා වටිනා එකක් විදිහටයි සැලකුවේ.

ඒ විතරක් නෙමෙයි වාරි කර් මාන්තයේ සියලු නිර් මාණ හා අනෙකුත් නිර් මාණ දිහා බැලුවත් එහෙමයි.එදා එහෙම වුණත් අද කීයෙන් කීදෙනා ද එහෙම කරන්නේ.තමන්ට ජීවිතය දුන්න තමන්ට බත සරි කර දුන්න දියවර දීලා පෝෂණය කළ වැව රැක්කේ කොහොමද?හැබැයි අද මෙවැනි කලා කෘ තියක් තුළින් අපේ ජනසමාජයෙන් මැකී යන දේවල් යලි සිහි ගන්වමින් එදා තමන්ගේ ජීවිතය පරදුවට තියලා කළ නිර් මාණයන් දෙස බැලුවාම ඒ නිර් මාණ තුළින් තවත් නිර් මාණකරුවන් කිහිපදෙනෙක් බිහිකරන්න පුලුවන් නම් මම හිතන්නේ මේ ග්‍රන්ථය කියවීමෙන් ජනතාවට ඊට බලකෙරේවි.

ජීවිතය දෙන්න බැරි වුණත් ඒ හා සමාන කැප කිරීමක් කරමින් මේ රටේ සංවර් ධනය දෙස බලන්න ට මිනිසුන්ට හැකි වේවි.මගේ අතට මේ පොත ලැබුණාට පස්සේ මගේ ආශාව වැඩි කළා මේ පොත කියවා අවසන් කරන්න.අද කීයෙන් කීදෙනාද කියවන්නේ.අද කීයෙන් කීදෙනාද කලා කෘතියක් රස විදින්නේ.අද කියවන්න පුරුදු කරන්න වෙනවා.රසවිදින්න පුරුදු කරන්න සිදු වෙනවා.අපට පේනවා අද ක්‍රම ක්‍රමයෙන් බිහිවෙන්නේ නිහඬ සංස්කෘතියක්.

සයිලන්ට් කල්චර් එකක්.ඒකට පාර කපන්නේ මේ නූතන තාක්ෂණය.අද ගෙදර ගියාම අම්මා තාත්තා කතා කරන්නේ නෑ.දරුවෝ කතා කරන්නේ නෑ.අද දරුවන් වැඩිහිටියන් කතාකරන්නේ කාත් සමගද තමන් ළග කාමරයේ තිබෙන අතේ තිබෙන තාක්ෂණික උපකරණයත් එක්ක.අද මිනිසුන් එක්ක කතා කරන්නේ නෑ.මුහුණ බලන්නේ නෑ.තමන්ගේ ඥාතීන් අදුරන්නේ නෑ.

එක පංතියේ ඉන්න යාලුවන් අදුරන්නේ නෑ.අල්ලපු ගෙදර ඉන්න අය අදුරන්නේ නෑ.හැබැයි මම් ආදරයෙන් මේ රසිකයින්ගෙන් ඉල්ලා සිටිනවා කියවීම ජීවිතයට පුරුදු කරගන්න.දරුවන්ට කියා දෙන්න.මේවගේ කලා නිර් මාණ ළමයින්ගේ මනස පෝෂණය කරනවා.ඒ අවස්ථා ලබා දෙන්න කියා ඉල්ලා සිටිනවා.”

මෙහි ආරාධිත දේශයන සංගීතවේදී දර් ශන රුවන් දිසානායක මහතා විසින් සිදු කළ අතර ඩබ්.එම්.වලිසුන්දර,දිමුතු චින්තක ඇතුළු කලාකරුවන් කිහිපදෙනෙකු ද අදහස් පළ කළහ.

මෙම අවස්ථාවට කදුරුවෙල ජයන්තී විහාරාධිපති උතුරු මැද පළාතේ අධිකරණ සංඝනායක පූජ්‍ය කදුරුවෙල ධම්මපාල හිමියන් ද තවත් ආරාධිතයින් රැසක් ද සහභාගී වූ අතර කාල නම් ඓතිහාසික නවකතාවේ මුල් ම පිටපත ඩී.කේ.ආටිගලයන් ගේ මෑණියන් වෙත පිළිගැන්වීම සිදුවිය.පින්තූරයේ දැක්වෙන්නේ එම අවස්ථාවයි.

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….