මේක මගේ කරුමේ…!

covid 19 death rate vaccine sri lanka

මුල්ම රැල්ලේ දී මිනිස්සු ටිකක් මේකට බය උනා. හැබැයි ඒ ක්ෂණයෙන්ම ඔවුන් මේක අල්ලගත්තා. ඊටපස්සේ නිකටට යටින් මාස්ක් එක දාගෙන ධම්මික පැණිය බිව්වා. පැණිය ගන්න පෝලිම්වල හිටියා. ඒ අස්සේ ගමේ අත් බෙහෙත් උනත් නැඟලා ගියා.

ඊටපස්සේ මිනුවන්ගොඩ පෑලියගොඩ රැලි එනකොට මිනිස්සු මේකට සෙට්වෙලා මේ රැලි උඩ පාවෙන ක්‍රමය සොයාගෙන ඉවරයි. අපි මුහුදේ නානකොට රැල්ලක් එනකොට එක්කෝ රැල්ල උඩ පාවෙන්න උත්සාහ කරනවා, නැත්නම් රැල්ල යටට කිමිදෙනවා. අපේ මිනිස්සු මේ රැලිවලදී මේ ක්‍රම දෙකම තවමත් අනුගමනය කරමින් ඉන්නවා.

මම ඉන්නේ දකුණු ලක ගමක. මෙහේ මිනිස්සු මාස්ක් පළඳින්නේ හරිම අඩුවෙන්. ටවුන් එකට වගේ යනවනම් ඔන්න දාගන්නවා. හැබැයි ඒක කවදා ගත්ත කොහේ කොහොම තිබුණ එකක්ද කියලවත් නිච්චියක් නෑ. සමහරු තවමත් මේක දාන්නේ නිකටට යටින්. සමහරුන්ගෙ මුඛ ආවරණවලින් අහසේ තරු ගනන් කරන්න පුලුවන්.

දැන් දවසට මරණ සීය පැනලා. මිනිස්සු තැන තැන මේකේ ආදීනව කතා කරනවා ඇහෙනවා. ඒ කතා කරන්නෙත් මාස්ක් එකක් නැතුව. මීටරේ නම් කොහොමටවත් නෑ.. දැන් ඉස්සර වගේ නෙවෙයි කොහේ හරි ගෙදරක කෙනෙක්ට කොරෝනා හැදුනත් එහෙමට කමක්කාරියක් නැහැ.. කොටින්ම මිනිස්සු කොරෝනා හිතින් අයින් කරල වගේ.

ආණ්ඩුව කිසිම පිළිවෙලක් නැතුව වැක්සීන් එක හොරාකන්න දීලා බලන් ඉන්නකොට ගමේ මිනිස්සු ටීවි එකෙන් ඒවා බලලා හිනා වුණා. අනේ බලහල්ලා මුන්ට පිස්සු කියන්නැහේ තමයි ඔවුන් හිනාවුණේ. දැන් 60ට වැඩි මහල්ලෝ මැරෙනවා. ‘මේක ඝාතනයක් ආණ්ඩුව හිතාමතා කරපු’ කියලා කියන මිනිස්සු හරිම අඩුයි හොයාගන්න. හැබැයි නගරයේ තත්ත්වය මීට ටිකක් වෙනස් ඇති.

මම ඊයේ ඇල්පිටිය නගරයට ගියා. යම් වැඩකට. ඒ ගිය ගමන් පොත් කඩයකට ගියා. මම නිකමට ඇහුවා.. කොරෝනා තත්ත්වය එන්න එන්නම නරකයි නේද? කියලා..

‘දැන් ඉතිං බේරීමක් නෑ’

ඊයෙත් එකසිය ගානක් නේද? මම අහනවා

‘මොන බොරුද 500ක් විතර මැරෙනවා. කියන්නේ නෑ.. ඒකයි. අපරාදේ අපි මේ කාලකණ්ණියාට අහුවුණානේ. යුද්දේ කරලා තියෙන්නෙත් මූ නෙවෙයි මහත්තයා.. ඒත් ඉතිං දැන් මොනා කරන්නද?…’

මම නෝන්ඩි හිනාවක් දාලා ආවා…

ඉතිං මම ගෙදර ඇවිත් මේක තේරුම් ගන්න උත්සාහ කළා. අපි ඔය සුළු පිරිසක් ලෝකය දකින්නේ ප්‍රබන්ධ බටහිරක් ගැන ආසාවකින්. නැත්නම් ඒ පැත්තෙන් එන ආලෝක කඳම්භයක් ආශ්‍රයෙන් තමයි අපි දේවල් තේරුන් ගන්නේ. ඒ නිසා අපි අපේ සතුට නැතිකරගෙනම තමයි උදේට නැඟිටින්නේ. උදේට හරිම නිසසල වෙන්න ඕනී කියලා අපි හිතාගෙන නැඟිටිනකොට පන්සලේ හාමුදුරුවෝ හෙනගහන්නැහේ පීකරේ දාලා.. ඉතිං අපිට කේන්ති එනවා..

ඒත් ලංකාවේ බහුතරයක් මිනිස්සු මේවගේ ප්‍රශ්න තේරුන් ගන්නේ හරිම සරල සුමට ක්‍රමයකට.

‘මේක අපේ කරුමේ.. මැරෙන්න වෙලාව ආවාම අපිට කොහේ හිටියත් මැරෙන්න වෙනවා.’

මේක තමයි ලාංකේය අපේ සතුටේ තියරිය. මේ ආන්ඩුව.. ඔව් ඒක අපේ කරුමේ. ඒක ගෙවන්න වෙනවාම තමයි.. එතකොට මේ මරණ..? අයියෝ ඔය මිනිස්සු වෛරස් එක යන්න බැරිවෙන්න සීල් කරපු කාමරේක දාලා හිටියත් මැරෙනවා..

එතකොට අපි පාස්කු මරණ ගැනත් මෙහෙමද හිතුවේ? ඔව් .. දැන් අපි ඒකත් අතෑරලා දාලා ඉවරයි. ඒක ඒ මිනිස්සුන්ගේ කරුමේ. ඒ දවස්වල දේශපාලන අරමුණක් හින්දා මිනිස්සු ඒක උස්සගෙන දිව්වා තමයි, හැබැයි තව දුරටත් ඒක නඩත්තු කරන්න මිනිස්සු ලෑස්ති නෑ..

88/89 දකුණේ සිංහල කොල්ලෝ කෙල්ලෝ ආණ්ඩුවේ හමුදා අතින් මැරුන් කෑවේ උන්ගේ කරුමේ හින්දා.. ගෙනාපු ආයුෂ ඉවර හින්දා.. ඉතිං ඒ මරපු එවුන්ට මොකට දඬුවම් දෙනවද? ලසන්ත වික්‍රමතුංග මැරුවා නෙවෙයි ලසන්ත ගෙනාපු ආයුෂ ඉවරයි. ලසන්ත ගෙදර හිටියත් හාට් ඇටෑක් එකක් ඇවිත් හරි මැරෙනවා. ඉතිං ලසන්ත මරපු එවුන්ට ඇයි දඬුවම් දෙන්න කතා කරන්නේ.. තාජුඩීන් මැරුනෙත් ඒ ගෙනාපු ආයුෂ ඉවරවෙලා. ඒක කරුමේ.. එක්නැළිගොඩ ගත්තත් එහෙමයි.. ඉතිං අපි ඇයි ඝාතකයෝ හොයන්නේ?

අපි ජාතියක් විදිහටම මෙන්න මෙහෙම තමයි අහන්නේ. මරණ විතරක් නෙවෙයි හොරකම් ජඩකම් මේ සේරම අපි තේරුන් ගන්නේ මේ කෝව අස්සට දාලා.

මම දන්න ගමක වයසක ගැහැනු කෙනෙක් ඇයගේ තේ වත්ත සුද්දකරන්න ආපු වයසක දෙමළ මනුස්සයෙක් අතින් දූෂණය වුණා. ඒ දූෂණය ගැන මේ කාන්තාවගේ අදහස මොකක් වෙන්න ඇත්ද? ‘අනේ පුතේ මම ගිය ආත්මේ විශාල කරුමයක් කරන්න ඇති. ඒක තමයි ඔය පඩිසන් දුන්නේ..’

ඇත්තටම හැමදේකටම ආදේශ කරන්න පුලුවන් මෙහෙම සතුට සදන සියලු දුක් දෝමනස්සයන් පහකරලා නිවනම ගෙනෙන මෙවැනි වචන මාලාවක් ලෝකයේ වෙන කිසිම රටක තියෙනවාද? මම නම් හිතන්නෙ නැහැ..ඒ අතින් අපි හරි වාසනාවන්තයි..! මේ රටේ ඉපදුන මම අද මෙහෙම හිතනවා.. මේක මම ගිය ආත්මේ කරපු කරුමයක් වෙන්න ඇති..

ඡායාරූපය ගත්තේ නදීරා එම් රත්නයකගේ බිත්තියෙන්..

-කේ. සංජීව-

aithiya

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….