කොවිඩ් එන්නත නිරුවතින් හිඳින මිනිහාට විළි මුවා කරගත හැකි කොස් කොළයක් පමණි

corona34
එන්නත ලබා ගැනීමෙන් කොවිඩ් ආසාදනය100% ක් වළක්වන බවට කිසිදු සහතිකයක් නැත. සියලු එන්නත් හදිසි අවශ්‍යතාව මත භාවිතය සඳහා අනුමැතිය ලත් එන්නත් බව පැහැදිලිව ප්‍රකාශ වී තිබේ. ඒ නිසා ඔවුන් විවිධ එන්නත් වල බලපෑම Pfizer (95%), Moderna (94%), Sputnik (92%), Sinopharm (79%), AstraZeneca (70%) ආදී වශයෙන් විවිධ ප්‍රතිශත පරාසයක පෙන්වයි. ඒ අනුව 100% ක් බලය සහිත එන්නතක් තවම නිපදවා නැත. සෑම එන්නතකම ගැනීමෙන් පසුව කොවිඩ් ආසාදනය වැළඳීමේ යම් සම්භාවිතාවක් තිබේ. එය නිල වශයෙන්ම ලංකාවේ භාවිතා කරන එන්නත් වල 5% සිට 30% දක්වා පරාසයක් තුළ විහිදී තිබේ.
ඒ අනුව එන්නත ගැනීමෙන් පසුව කොවිඩ් ආසාදනය වූ නිසා කිසිදු එන්නත් නිෂ්පාදකයෙකු හට එරෙහිව නඩු පැවරීමක් හෝ ඒ වෙනුවෙන් යම් වන්දියක් ඉල්ලා සිටීමට හැකියාවක් නැත. එසේම එන්නත ලබා ගනීමෙන් පසුව ද එම පුද්ගලයා වාහකයෙකු වීමට ඉඩ තිබෙන අතර සියලු සෞඛ්‍යාරක්ෂක පිළිවෙත් අනුගමනය කළ යුතුය. ඒ අනුව එන්නත ගත් පුද්ගලයින් ද අනෙක් අයගේ ආරක්ෂාවට තර්ජනයක් නොවන බවට සහතිකයක් නොමැත.කාලි වරමින් ධම්මික පැණිය හැදූ බව කී ඔල්මාද පැණි බාස් කියා සිටියේ ද පැණිය නිසා ජීවිත කාලයටම හැදෙන්නේ නැති බව ය. එය අතේ පත්තු වන බොරුවක් වූ පසු ජනතාව එන්නත ගැන බලාපොරොත්තු තැබූහ..
කොවිඩ් ආසාදනයෙන් සුවය ලැබීමේ ප්‍රතිශතය සෑම රටකම පාහේ 70% ඉක්මවා යන ප්‍රතිශතයකි. ඒ අනුව කොවිඩ් වැළදෙන බොහෝ දෙනෙකු හට බරපතල රෝග ලක්ෂණ පෙන්වන්නේ නැත. ඒ අය එන්නත ගත්තත් නැතත් එය එසේමය. එවිට එන්නත ගැනීමෙන් කොවිඩ් ලක්ෂණ බරපතල නොවන්නේය යන මතය හුදු මිථ්‍යාවක් වන අතර එය 70% වේ සාමාන්‍ය සුවවීමේ තත්වය එන්නතේ ප්‍රතිරෝධී බලය සාර්ථක පෙන්වීමට උපායශීලී ලෙස යොදාගැනීමකි.
එවිට බරපතල වන 30% තුළ එන්නත ලබා ගත් පුද්ගලයින් ගේ අඩු වීම හෝ සුවය ලබන 70% පුද්ගලයින් අතර එන්නත ලබා ගත් පුද්ගලයින් ගේ ප්‍රතිශතය වැඩිවීම යන කාරණය පදනම් කරගෙන එන්නතේ බලපෑමෙන් සුව වීම සිදුවන බවට නිගමනයකට ඒම විද්‍යාත්මක නොවේ.
එසේ නම් එන්නත ලබා නොගෙන  සිටින අය බරපතල නොවන්නේ කුමන හේතුවක් නිසාද යන්නත් පෙන්වා දිය යුතුය. ඒ අය ස්වාභාවික ප්‍රතිශක්තිය හෝ වෙනත් හේතුවක් නිසා බරපතල තත්වයට පත් නොවී සුවය ලබන්නේ නම් එන්නත ලබා ගත් අය එය ලබා නොගත්තා නම් ඔවුන් ගේ ප්‍රතිඵලය ද එසේ විය හැකිව තිබිණ. පැණියට වඩා එන්නත කෙරෙහි මිනිසුන් විශ්වාසය තබන්නේ මේ සංඛ්‍යා ලේඛන විජ්ජාව නිසාය. එහෙත් ආණ්ඩුව එන්නත හරහා පුරවැසියන් හට වෙනස් කොට සැලකීමේ ප්‍රතිපත්තියට අවතීර්ණ වෙමින් සිටියි.
කොවිඩ් මරණ අතර එන්නත නොගත් පුද්ගලයින් ගේ ප්‍රතිශතය ඉහළ බවට නගන තර්කය එබඳුම දෙපැත්ත කැපෙන බාල්දු තර්කයකි. එන්නත් ගැනීම නිසා කොවිඩ් මරණය වළක්වා ගැනීමට බැරි බව එයින්ම ගම්‍ය වේ. එන්නත ලබා ගත් අයගෙන් ද යම් ප්‍රතිශතයක් මරණයට පත්වීමට ඉඩ තිබේ යනු එහි අර්ථයයි. ඒ ප්‍රතිශතය ද සම්භාවිතාවක් මිස නිශ්චිත පුරෝකථනයක් නොවේ. මෙම සෑම එන්නතක්ම අතුරු ආබාධ පිළිබඳ අනතුරු හැඟවීමේ ලේබලයක් සහිතය. ඒවා සියල්ලක් ම “විය හැකිය” යන අනුමානය මත ප්‍රසිද්ධ කොට තිබේ. එසේම එන්නත ගැනීමෙන් පසුව එකෙණෙහි මතුවන සංකූලතා හැරුණු විට අනෙකුත් අතුරු ආබාධ එන්නත හා සම්බන්ධයක් නොමැති බවට පැවසීමෙන් පහසුවෙන් ම ඒ චෝදනාවෙන් ගැලවිය හැකිය.
ලොව බොහෝ සාර්ථක එන්නත් කරළියට පැමිණ ඇත්තේ දීර්ඝකාලීන පර්යේෂණ වලින් පසුවය. එහෙත් කොවිඩ් එන්නත් මාස කිහිපයකින් දඩි බිඩියේ කල එළි බසින්නේ ප්‍රමාණවත් සායනික ප්‍රතිඵල නොමැතිවය.මේ බව ජාත්‍යන්තර කීර්තියට පත් ශ්‍රී ලාංකේය වයිරස විශේෂඥ මහාචාර්ය තිස්ස විතාරණ ද අවධාරණය කොට තිබේ.ඔහු පවසනුයේ එන්නත යනු කොවිඩ් පිටු දැකීමේ එක් උපාය මාර්ගයක් පමණක් බවය.මෙය ගැමි වහරට අනුව කිවගොත් අමු හෙළුවෙන් ඉන්න එකා කොස් කොලයකට විළි බිය මුවා කර ගැනීමකි.අනෙක් කරුණ නම් මෙම එන්නත් වල ප්‍රතිරෝධී බලය අළුත් වෛරස ප්‍රභේද වලට එරෙහිව ක්‍රියාත්මක වන්නේද යන්න ගැන ද නිශ්චිත නිගමනයක් ද නැත. දැන් පැණිය හා එන්නත අතර වෙනස හඳුනාගැනීම දුෂ්කර වී තිබේ.
රට පුරා එන්නත් පෝලිම් ඔල්මාද පැණි බාස් ගේ කෑගල්ලේ කාලි දේවාලය ඉදිරිපිට පැණි පෝලිම මෙන්ම  අවිධිමත්ය. අවදානම්ය. අශික්ෂිතය. පැණි බාස් ගේ කොවිඩ් බිස්නස් එක “ජන ගත කළ” දුන් මාධ්‍ය මුදලාලිලාම ඇන්ටිජන් බිස්නස් වලින් කෝටි ගණන් උපයා ගනී. ඒ හරහා පොසිටිව් වන මිනිසුන් කොරන්ටයින් ජාවාරමේ ගොදුරු බවට පත් කර ගැනීමට මාන බලන තක්කඩි ව්‍යාපාරිකයින් ද ඔවුන් ගේම කල්ලියේ ගජමිතුරන් ය.
පුද්ගලික රෝහල් වල දැඩි සත්කාර ඒකක වල රෝගීන් ගේ පණ නළ පරදුවට තබා ගෙන මුදල් ගසා කති. දැන් එන්නත පමණක් නොව ඇන්ටිජන් ටෙස්ට් කිට්ස්, ඔක්සිමීටර්, කොරන්ටයින් පවා මේ කොවිඩ් වෙළඳාමේ එක කොටසක් බවට පත්වෙමින් තිබේ. මිථ්‍යාව හරහා ගොඩගිය කොවිඩ් ජාවාරම දැන් විද්‍යාව මතින් මඩිය තරකර ගනිමින් සිටියි.
මිනිසුන් මිථ්‍යාව හා විද්‍යාව අතර මුලාවට පත්ව සිටියි. මාධ්‍යයට වගු අඳින්නට රස කර කියන්නට සංඛ්‍යා ලේඛන ඇති තරම් තිබේ. “ෂෙයා” කරන්නට පණ අදින මිනිසුන් ගේ වීඩියෝ තිබේ. එහෙත් මේ රෝගය නිසා නිවෙස් වල කොටුවී සිටින අසරණ මිනිසුන්ට පිහිට වීමට ඔවුන් ඒ දුක සැප සොයන්නට සිටින්නේ ටික දෙනෙකි.
 ජනතාව දහදුක් විඳිද්දී පාලකයින් සුර සැප විඳින පාලකයින් මාධ්‍ය සාකච්ඡා ඔස්සේ “පොර ටෝක්” දෙමින් මිනිසුන් ගේ ජීවිත මත බදු බර පටවමින් උන් ගේ දේශපාලන ඩීල් ගොඩ දමා ගැනීමට ජනතා සෞඛ්‍යය බිල්ලට දෙමින් තමන්ගේ හෙන්චයියන් හට මේ වසංගතය ජාවාරම් සරු කරගන්නට ඉඩදී සිටීම අරුමයක් නොවේ.  අපිට පැණි දුන්නේ උන්මය. අපිට දුම්හට්ටි,කැඳ මුට්ටි පෙන්නුවේ උන්මය. කුණ්ඩලිනී මුට්ටි ගඟට දමා බෝක්කු වලට වැන්දේ උන්ය. අන්තිමේදී එන්නත නොගත්තොත් බලාගනිල්ලා කියමින් ගැසට් වලින් චණ්ඩි පාට් දමන්නේත්  උන්මය.
ආයුර්වේද වෛද්‍ය ඩැනිස්ටර් පෙරේරා

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….