නව පරපුරක තත්වාවබෝධය – බැසිල් ප්‍රනාන්දු

tharuna

ලංකාව අද විවිධකාර මහාපරිමාන  ගැටළු පිළිබදව අවබෝධයක් ලබා ගත හැකි මහා විශ්ව විද්‍යාලයක් බවට පත්ව ඇත. රටකට මුහුණ දිය හැකි සියලුම වර්ගයේ ගැටළු දැන් ඉතා තීවෘර වී රට පුරා පැතිර පවතී.

සෑම පවුලක් හා ගම් බිමක් පාසා සැබෑ මරණ බියක් පැතීරී පවතී. එක් අතකින් ඔවුන් අවට කවුරුන් හෝ කොවිඩ් 19 වෛරසය නිසා මරණයට පත්වී සිටී. මේ අතර කොවිඩ් තමන්ට හා තමන්ගේ හිතවතුන් අතරටද පැතිරිය හැකි බව පිලිබදව සැබෑ භීතියක් රටේ අස්සක් මුල්ලක් නෑරම පවතී. වසංගතයක් පිළිබද මේසා අත්දැකීමක් මෑත යුගයකදී ලංකාව තුළ දැකගන්නට හෝ අසන්නට නැත.

මුල් කාලයකදී මෙම වෛරසයේ ප‍්‍රතිඵල පිළිබදව අවබෝධයේ අඩුවක් තිබුනා නම් දැන් එම තත්වය මුලුමනින්ම වෙනස් වී පවතී. එන්නත ලබා ගැනීමට පොරකමින් ඉදිරියට එන ජනතා රැල්ල තුලද ඇත්තේ මෙම අවබෝධය සහ එම අවබෝධය තුලින් ජනනය වී ඇති භීතියයි.

එමෙන්ම, මෙසේ සැබෑ භීතියක් පැතිරවීම විවිධාකාර දේශපාලන ප‍්‍රචාරණයට විශාල ගැටලුවක් සේ පවතී. දේශපාලන ප‍්‍රචාරයේ ප‍්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ ජනතාව තුල පැතීරී පවතින අනවබෝධයයි. එම අනවබෝධය බොරු තොරතුරු ඉදිරිපත් කිරීම මගින් තාවකාලිකව යටපත් කල හැකිය. ඒ අනුව තමන් බලාපොරොත්තු වන දේශපාලන අරමුණුද ඉටු කර ගත හැකිය. එහෙත් ප‍්‍රශ්ණයක් පිළිබද සැබෑ අවබෝධයක් රට තුල වැඩෙන්නට ගත් පසු හා එම අවබෝධය මගින් තමන්ගේ ජීවිත වලටම පවතින තර්ජනය පිළිබදව පණිවිඩයක් සෑම මොහොතකම මෙන් තමන්ගේ සිත් තුල ජනනය වන තත්වයක් තුල එවැනි දේශපාලන ප‍්‍රචාරයන් සාර්ථකව කර ගැනීමට තිබූ පරිසරය අවලංගු වී යයි. මෙවැන්නක් සමාජය තුල ඇති වන අවස්ථාව සමාජයේ සැබෑ වර්ධනය කෙරෙහි බලපවත්වන ඉතා ප‍්‍රභලම සාධකයක් බවට පත් විය හැකිය.

මෙම තත්වය තුල රජය විසින් ගෙන යන ප‍්‍රචාරය රජයටම අහිතකර වන්නා වූ ප‍්‍රචාරයකි. එනම් රටේ ආර්ථික ගැටලු ඉතා ගැඹුරුව පවතින හෙයින් මෙම කොවිඩ් 19 මගින් ඇති වීමට ඇති මරණ හා වෙනත් ව්‍යවසන වලක්වා ගැනීමට වඩා ආර්ථිකය රැක ගැනීමට අවශ්‍ය යන පණිවිඩය ජනතාවට ගෙන එන්නේ තමන්ගේ මරණය පවා රජයට එතරම් වැදගත් කරුණක් නොවන බවය.

එවැනි පණිවිඩයක් ජනතාව තුල ඇති කරන්නේ අතිමහත් කුකුසකි. සෑම ජීවත්වන මිනිසකුටම හා ගැහැනියකටම තමන්ගේ ජීවිතය ආර්ථිකයට හෝ වෙනත් දෙයකට වඩා වැඩි වටිනාකමින් යුතු දෙයකි. මෙය ස්වභාවිකය. සම්පූර්ණ මිනිස් පැවැත්ම පවතින්නේ අන් සියල්ලටම වඩා තමන්ගේ ජීවිතය රැක ගැනීමට සෑම කෙනෙක් තුළම ඇති අතිශයින් ගැඹුරු වූ උවමනාව තුළය. එම උවමනාව ජීවිතය අතිශයින්ම ගැඹුරු ලෙස තර්ජනයකට පත් වූ අවස්ථාවක රජයකට එය වැදගත් කරුණක් නොවන්නේ නම් ඒ තුලින් ජනතාවත් රජයත් අතර ඇති වන විශාල පරතරය අවබෝධ කර ගැනීමට එතරම් අමාරු නැත.

මේ යටින් පවතින්නේ හිතවත්කම් බිදී යාමකි. කුමන අඩු පාඩු තිබුනත් තමුන්ගේ ආණ්ඩුව අවම වශයෙන් තමන්ගේ ජීවිතය රැකදීම සදහා සැලකිය යුතු ප‍්‍රයත්නයක් දරනු ඇත යන විශ්වාසය මත ජනතාවත් රජයත් අතර ඇති හිතවත් කම පදනම් වී ඇත. එම හිතත්කම පුහු විශ්වාසයක් මත පදනම් වූ එකක් බව හෙළිදරව් වීමට පටන්ගත් තැන සිට සිදුවන්නේ ජනතාව තුල එවැනි හිතවත්කමක් පවත්වාගෙන යෑමට තවදුරටත් හේතුවක් නැතැයි යන අදහස පැතිරී යාමය.

එවැනි තත්වයක් දැන් ලංකාව පුරාම පැතිර ගොස් ඇත. මෙම හිතවත් කම බිදී යෑම තාවකාලික ප‍්‍රශ්ණයක් නොවන බවද ඒ ආකාරයෙන්ම කවුරුත් වටහා ගැනීමද පුදුමයක් නොවේ. දස අතින්ම ඇසෙන්නේ ඉතාමත්ම බරපතල ප‍්‍රශ්ණයන්ය. ආර්ථිකය කඩා වැටීම, මූල්‍ය ක‍්‍රමයේ ඇති අපිරිමිත ගැටලුව, රටේ ආහාර නිෂ්පාදනයේ ඇති විය හැකි විශාල කඩා වැටීමක් පිළිබදව තොරතුරු හා ඒ වටා සිදු වන අන්ත දුගී භාවයේ රැව් පිළිරැව් දීම් සියල්ලම තුලින් ගොනු වන්නේ හිතවත් කම නොව අහිතවත් කම් වල සලකුණුය.

මේ සියල්ල වඩාත් තදබල ලෙස බලපාන්නේ රටේ තරුණ පරපුර කෙරෙහිය. ඔවුන් තමන් තුළ ඇති සමාජ අවබෝධය වැඩීම පටන් ගන්නේ මෙවැනි ගැඹුරු අවුලට පත් සමාජයක් තුල දකින්නට අසන්නට ලැබෙන දේ මගිනි. මෙම තරුණ පරපුරේ ගුරුවරයා වන්නේ සමාජ පීඩනය හා සමාජ අර්බුදයයි.

මේ නිසා මෙම නව පරම්පරාවද රටේ මෙම ආරවුල් ඇති කර ඇති මෙම වැඩිහිටි පරම්පරාව දෙස එතරම් දැඩි විශ්වාසයකින් නොබැලීමද පුදුමයට පත් වීමට දෙයක් නොවේ. රජයේ අහිතවත්කම් වැඩි වශයෙන්ම බලපවත්වන්නේ මෙම තරුණ පරපුරේ පැවැත්ම සම්බන්දයෙනි. ඔවුන්ගේ වත්මන් පැවැත්ම පමණක් නොව ඔවුන්ගේ අනාගත පැවැත්ම ද නිර්ණය කරන ප‍්‍රධාන සාධකය වන්නේ මහා පරිමාණ ගැටලු සමුදාවකි.

මෙහිද සාධනීය පැත්තක් ඇත. එනම් ලාංකික සමාජයේ සාමාන්‍යයෙන් පුරුදුව තිබෙන ගතානුගතික පැවතීම් සම්බන්දයෙන් ඉතා දැඩි බිදීමක් තරුණ පරපුර තුල ඇති වී තිබීමය. 1970 දී පමණ ඉස්මතු වූ තරුණ පරපුර පිළිබදව කියන ලද්දේ එම පරපුර කිසියම් අසහනයකින් පෙලෙන බවය. එහෙත් දැන් තරුණ වියට පත්වන කණ්ඩායම් තුල ඇත්තේ ඊට වඩා අතිශයින් ගැඹුරු අර්බුධයකි. එනම් දැන් පවතින සමාජ රටාව හා සමාජ පරිසරය තුළ තමන්ට හිමිවන්නේ අදුරු අනාගතයක් පමණක්ය යන හැගීම විසින් ඇති කරනු ලබන කම්පනයයි. මෙම කම්පණය බොහෝ නිර්මාණයනට මග සැලැස්විය හැකි ප‍්‍රධාන සාධකයක් වීමට ඇති ඉඩ කඩ ඉතා පළල්ය.

ගතානු ගතිකත්වයෙන් මිදීම ඔනම සමාජයකට අතිශයින්ම අමාරු කරුනකි. එහෙත් නව තරුණ පරපුරකට එම ගතානුගතිකත්වය තුළ තව දුරටත් රැදී සිටීමට බැරි තත්වයක් ඇති වී ඇත. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් තමන් ඉන්නා ඉවුරෙන් වෙනත් ඉවුරකට යෑම පිලිබදව, එනම් තමන් ඉන්නා ගැටලු වලින් එතෙර වීම පිළිබදව සිතීමට ඔවුන්ට සිදුවී ඇත.

නව තත්වාවබෝධයක් තුලින් නව මානසික තත්වයන් බිහිවන මොහොතක් දැන් ලගා වී ඇත. එම තත්වාවබෝධයන් තුලින් රටේ පැලපදියම් වූ ගතානු ගතිකත්වය බිදී යා නම් දැන් මේ මුහුණ දෙන බරපතල අර්බුදය මගින් කිසියම් නව මාවතක් කරා යොමු වූ තරුණ පරපුරක් අවශ්‍යයෙන්ම බිහි විය යුතුව ඇත.

බැසිල් ප‍්‍රනාන්දු

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….