ලොක්ඩවුන් එක ඇතුළේ කොවිඩ් මර්දනයට උත්තරයක් නැහැ

isolated areas in colombo

සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා හමුවිය.

වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින්ගේ විද්වත් සංගමයේ සභාපති, රවී කුමුදේශ් මහතා,

දැනට කරමින් සිටින රට වසා දැමීමේ තිබෙන අසාර්ථකත්වය මොකක්ද? ඒක සාර්ථක බවට පරිවර්ථනය කරන්නේ මොනවද කරන්න ඕනේ කියන එක යන කාරණා කරුණු සහිතව පෙන්වලා දුන්නා රජයේ ප්‍රතිපත්තියක් වගේ එකක් අපිට පේන්නට තියෙනවා. වැක්සින් එක දීලා ඉවර උනාම මේ රටේ වසංගතය තුරන් වෙනවා කියලා.

ඉතිං අපි ඒකෙදී කරුණු සහිතව සෞඛ්‍ය අමාත්‍යවරයාට පෙන්නලා දුන්නේ අද වෙනකොට ඉතා පැහැදිලිව පෙනී යන කාරණාවක් තමයි වැක්සින් එක දුන්නට රෝගය බෝ වෙනවා හා රෝගය බෝ කරනවා. අපි බලාපොරොත්තු වෙනවා සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට ජනාධිපතිවරයාට හෝ කාර්ය සාධන බලකායට හරි මේ පිළිබඳව පැහැදිලි කරලා අර වැරදි මතවාදී ඉවත් කරලා රට විද්‍යාත්මකව වසා තැබීමක් ඉදිරියට ගෙනල්ලා ඉදිරියේදීවත් මේ වෛරස් ඒ අඛණ්ඩ පැවැත්ම නවත්තලා යම්කිසි පාලනයකට රට ගෙනල්ලා ආර්ථිකය සකසා ගැනීමේ වැඩපිළිවෙළට එළැඹෙයි කියලා.

වෘත්තිය සමිති සම්බන්ධිකරණ මධ්‍යස්ථානයේ සමකැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා,

මොකද ජනාධිපතිතුමා අපට සාකච්ඡාවක් දුන්නේ නෑ තවම. අපි සෞඛ්‍ය ඇමැතිවරයාගෙන් අවධානය යොමු කරේ මේ පිළිබඳව වගකියපු ඇමතිවරයා ලෙස ජනාධිපතිවරයා සමග මැදිහත්වෙලා මේ කරුණු ඉස්සරහට සාකච්ඡා කරන්න. අපේ පැත්තෙන් දෙන්න පුළුවන් සියලු සහයෝග වෘත්තීය සමිති ව්‍යාපාරය හැටියට අපි ලබා දෙනවා. කෝවිඩ් පාලනය කරලා මිය යන එක නවත්තලා රට ඉස්සරහට ගෙනියන්න අපි උදව් කරනවා කියන කාරණය කිව්වේ අපි

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති, සමන් රත්නප්‍රිය මහතා,

මේ දීලා තිබෙන ලොක්ඩවුන් එක ඇතුළේ කොවිඩ් මර්දනයට උත්තරයක් නැහැ. විද්‍යානූකූල එකක් නෙමෙයි මේක පොලිටිකල් ලොක්ඩවුන් එකක්. පි.සී. ආර් පරීක්ෂණ වැඩි කරලා නැහැ. රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වැඩි කරලා නැහැ. එහෙනම් මේ ඇමතිවරයට කිව්වේ මේ ලොක්ඩවුන් එක හොඳයි හැබැයි මේක විද්‍යානූකූල තැනකට ගේන්න.

සෞඛ්‍ය ඇමතිගේ ඇහුම්කම් දීම සාධනීයයි ඔහු ප්‍රශ්නය තේරුම් ගත්ත බව පැහැදිලියි. ඒ නිසා ඔහු මැදිහත්වෙන බව අපිට ප්‍රකාශ කළා. ජනාධිපතිවරයත් එක්ක සාකච්ජා කරන බව ප්‍රකාශ කළා. ඒ සාකච්ජා කරලා කුමක්ද කරන්නේ කියන කාරනාව දිහා අපි ඇස් ඇරගෙන බලාගෙන ඉන්නවා.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….