ලක්ෂ 28 වියදමින් ප්‍රතිසංස්කරණය කළ වැව් බැම්ම යළි ගැලවේ!

pahala dikwewa

ගලෙන්බිදුණුවැව මෙගොඩවැව පිහිටි පහළදික්වැව වැව වසර පනහකට පසුව රුපියල් ලක්ෂ 128ක පමණ මුදලක් වැයකර  ප්‍රතිසංස්කරණය කිරීමෙන් මාස කිහිපයකට පසුව බැම්ම බිදී විනාශවි ගොස් ඇති බව ගම්මානයේ ගොවින් පිරිසක් පෙන්වා දුන්හ.

මාස හයක් ගත වන කළ වැවේ බැම්ම විනාශ වීමෙන් පසුව කොන්ත්‍රාත් සමගමෙ පිරිසක් පැමිණ වැවෙහිම පස් යොදා පැලි ගිය ඉරි මකා දමා ඇති අයුරු එහි ගිය විට  දැකගත හැකි විය.

උතුරු මැද පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පුර්ණ අධික්ෂණයෙන් ප්‍රතිසංස්කරණය ආරම්භ කර ඇති වැවේ සියළුම ක්‍රියාකාරකම් අධික්ෂණය සදහා කැකිරාව වාරිමාර්ග දෙපාර්තුමෙන්තු අනු කාර්යාලයේ කර්මික ශිල්පියා යෙදවීමට එම දෙපාර්තුමේන්තු කටයුතු කර තිබුණි.

එම වැවෙහි සිදු කරන ළද ප්‍රතිසංස්කරණය මේ වන විට අවසන් කොට ඇති අතර පසුගියදා අනුරාධපුර දිස්ත්‍රික්කයට ඇද හැලුණු වර්ෂාව සමග වැව් බැම්ම ඉරිතැලි ගොස් විශාල කුහර මතුව වැව් බැම්ම අවධානමකට පත්ව තිබෙන අයුරු ගොවින් පෙන්වා දුන්හ.

වැව් බැම්ම පුළුල් කිරිම වැවෙහි රොන් මඩ ඉවත් කර වැව ගැඹුරු කිරිම වැවෙහි රලපනාව සැකසීම වැව්බැම්මට පිඩලි ඇල්ලීම මෙන්ම නාන තොටුපොල සැකසීම යන කටයුතු කොන්ත්‍රාත් සමගමට පැවරී තිබු ප්‍රතිසංස්කරණ කටයුතු වීය.

නිසි අයුරින් වැවෙහි රොන් මඩ ඉවත් කර ඇති බවක් දක්නට නොමැති බවත් වැව තුළ තිබු පස් යොදා ගෙන වැව් බැම්ම  ප්‍රතිසංස්කරණය කිරිම මගින් වැව් බැම්ම අවධානමක හෙලා වැව පහළින් ජිවත්වන ජනයාගේ නිවාස දේපළ අවධානමක හෙලා ඇති බව පහලදික්වැව ගොවි ජනතාව චෝදනා කරයි.

වැවෙහි ප්‍රතිසංස්කරණය ආරම්භවී කෙටි කලකින් එහි සිදු කරණු ලැබු ප්‍රතිසංස්කරණය පිළිබද සෑහිමකට පත් නොවු ගොවින් මේ පිළිබද පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මෙන්ම වග කිවයුතු ආයතන හා බලධාරින් අවස්ථා කිපයකදීම දැනුවත් කරමින් ප්‍රකාශ කරමින් කියා තිබුණේ වැව් බැම්ම වැසි සමයට ඔරොත්තු නොදෙන බවයි.

ඒ අයුරින්ම මාස ගනනාවකට පසු මේ වන විට ගොවින්ගේ මැසිවිල්ල සත්‍යක් බවට පත්වි තිබෙනවා.වැවෙහී අඩුපාඩු පිළිබදව ගොවි සංවිධාන ප්‍රදේශයේ ගොවි ජනතාව පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා දැනුවත් කිරීමෙන් අනතරුව වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක ඒ මහතා නිරතවූ අවස්ථාවේද වසර 50 කින් පමණ පහළ දික්වැව වැවෙහි නිසි ආකාරයෙන් ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවී නොමැති බවත් මෙවර සිදුකළ අළුත් වැඩියාවන් නිසා ආකාරයෙන් සිදු වී නොමැති බවත් ගොවීන් විසින් ආණ්ඩුකාරවරයාට පෙන්වා දී තිබුණි.

වැවෙහි ප්‍රතිසංස්කරණකටයුතු අවසන් බව ගොවි සංවිධාන සභාපතිවරයා විසින් සහතික කළත් ගොවියන්ගේ චෝදනාව වූයේ ඔවුන්ගේ අධීක්ෂණයකින් හෝ දැනුවත්වීමකින් තොරව එම කටයුත්ත සිදුකර ඇති බවයි.

මෙම වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු බැලූ බැල්මට නිසි ආකාරයෙන් සිදු වී නොමැති බවත් ඒ අනුව වැවේ  ප්‍රතිසංස්කරණය අවසන් වීමට පෙර ගොවින්ගේ සහතිකය ගත යුතු බවත් කපා ඉවත් කර ඇති පස් මීටර් කියුබ් ප්‍රමාණය නැවත මැන වාර්තාවක් තමා වෙත ඉදිරිපත් කිරීමට පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂක ජයන්ත හේරත් මහතා වෙත ආණ්ඩුකාරවරයා උපදෙස් ලබාදී තිබුණි.

යම් හෙයකින් වැව බැම්ම බිදී ගිය හොත් පළාත් සභා අරමුදල් මගින් රුපියල් වෙන් කල මිලියක 12.8ක මුදල පමණක් නොව යළ මහා වගා කරනා කුඹුරු අක්කර 100 ආසන්න ප්‍රමාණයක කුඹුරු වගාව විනාශ වීමත් වැවට ආසන්නයේම වැව පහලින් ඇති පවුල් 18 ක් හා පහල දික්වැව මරදන්කල්ල හරහා කැකිරාව ගලෙන්බිදුණුවැව මාර්ගය දක්වා ඇති ගම්මාන රැසක් අවදානම් තත්වයකට පත්වන බව ගොවින් පෙන්වා දුන්හ.

pahala dikwewa pahala dikwewa

pahala dikwewa

අනුරාධපුර මහේෂ් විජේසූරිය

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….