ගෙවල් බිඳුම් රැසක් සිදු කළ තිදෙනෙක් අත්අඩංගුවට!

hand cup

කොරෝනා වසංගතය හේතුවෙන් රට වසා දමා ඇති කාලය තුළදී බොරලැස්ගමුව පොලිස් වසමේ පරණ කැස්බෑව පාර, රත්තනපිටිය ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිලි හා නිවාස ඉදිකිරීමට සැලසුම් සහ ඉඩම්  සංවර්ධනය කිරීමට තාක්ෂණික උපදෙස් ලබා දෙනු ලබන ආයතනයක් බිඳ රුපියල් ලක්ෂ 16 ක කට අධික පරිගණක, නිවාස හා ගොඩනැගිලි  සැලසුම් පිටපත් මුද්‍රණ යන්ත්‍ර ඇතුළු විදුලි උපකරණ රැසක් සොරකම් කළ පුද්ගලයින් තිදෙනෙක් සොරකම් කර සඟවා තිබූ බඩු තොගයක් සමග ඊයේ  (21) වන දින උදෑසන අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව බොරලැස්ගමුව පොලීසිය පැවසීය.

අත්අඩංගුවට පත්වූ සැකකරුවන් 31,42,46 වැනි වයස් කාණ්ඩ වල පසුවන්නන් බවත් තදින්ම හෙරොයින් පානය සඳහා ඇබ්බැහි වූවන් බවත් පොලිසිය පවසයි.

මෙම සැකකරුවන් තිදෙනා ආයතනය බිඳ සොරාගත්  භාණ්ඩ වල මිල රුපියල් ලක්ෂ දාසයකට වඩා අධික වූවද එම භාණ්ඩ සියල්ලම රුපියල්  හතලිස් පන්දහසක් වැනි සුළු මුදලකට විකුණා තිබියදී අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පැවසීය.

සොරකම් කර සඟවා තිබියදී පොලීසිය විසින් සොයා ගත් භාණ්ඩ අතර පරිගණක 05, ප්‍රොජෙක්ටර් යන්ත්‍රයක්, ඡායා පිටපත් යන්ත්‍ර 02, පරිගණක උපාංග, විදුලි උපකරණ, ෆැක්ස් යන්ත්‍රයක්, ලැමිනේටින් යන්ත්‍රයක්, මවුන්ටන් වර්ගයේ පාපැදියක් , පරිගණක යන්ත්‍ර ඇමුණුම් කිරීම සඳහා යොදා ගන්නා වයර් විශාල ප්‍රමාණයක් තිබූ බවත් පොලීසිය පැවසීය.

ප්‍රදේශවාසීන්ගෙන් සහ ලද රහසිගත තොරතුරු මත විමර්ශන සිදුකර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවත් සැකකරුවන් තිදෙනාගෙන් දෙදෙනෙක් ආයතනයට  අයුතු ලෙස ඇතුළුවී භාණ්ඩ සොරකම් කර ඇති බවත් අනෙක් පුද්ගලයා සොර බඩු ළඟ තබා ගනිමින් අඩුම මිල ගණන් යටතේ විවිධ පුද්ගලයන්ට හා විවිධ ස්ථානයන්ට විකුණා ඇති බවත් පොලිසිය පවසයි.

මෙම පුද්ගලයින්  අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් පරීක්ෂණ කරන බව ආරංචි වූ සැනින් වංචා සහගතව නිරෝධායනයට ලක්ව ඇති බව හඟවමින් නිවසේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන ලියනගේ නුගේගොඩ කොට්ඨාස කලාප අංක 01 බාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කුමාර රූපසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණය මත බොරලැස් ගම පොලිස් ස්ථානයේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජනිත මධුසංඛ මහතාගේ මෙහෙයවීම මත පොලිස් සැරයන් 36763 සමන්,  51857 විපුල, පොලිස් කොස්තාපල් 68832 අමරසිංහ,  94121 ඒකනායක, 92525 මාලන්,  96878 වීරසිංහ,  34142 ජිනදාස,   92527 ප්‍රසාද් කාන්තා පොලිස් කොස්තාපල් 11853 ඒකනායක යන  නිලධාරීන් විසින් සිදුකරනු ලබයි

boralesgamuwa borlesgamuwa

සමීර  අබේසිංහ (බොරලැස්ගමුව)

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….