සිරකරුවන්ද මනුෂ්‍යයන්ය යන වදන ක්‍රියාවෙන් ඔප්පු කළ යුතු බව අධිකරණ ඇමතිද පිළිගනියි.

welikada

විවිධ වැරදි සම්බන්ධයෙන් අධිකරණයෙන් වැරදිකරුවන්වී සිර දඩුවම් ලබා සිටින සිරකරුවන් පිරිසක් වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැගී දින කිහිපයක් තිස්සේ උද්ඝෝෂණයක නිරත වන අතර ඒ පිළිබඳව සොයා බැලීම සඳහා අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඊයේ  දින (23) පෙරවරුවේ සහභාගී විය.

මෙහිදී  අමාත්‍යතවරයා උපවාසයේ යෙදී සිටින සිරකරුවන් සමඟ  සාකච්ඡාවක නිරත වු අතර එහිදී සිරකරුවන්ගේ පාර්ශවය වෙනුවෙන් සිරකරුවන්ට මේ වන විට පවතින ගැටලු පිළිබඳව අදහස් දැක්විණි.

එම සිරකරුවන් විශේෂයෙන්ම සඳහන් කලේ අභියාචනාවන් ඉදිරිපත් කිරීමේදී සිදුවන ප්‍රමාදයන් පිළිබඳව, යහපත් කල්ක්‍රියාවෙන් යුතුව සිරදඩුවම් විඳින සිරකරුවන් සඳහා දඬුවම් අඩුකරගැනීම, පුනරුත්ථාපන ක්‍රමවේදය නිසිලෙස ක්‍රියාත්මක කිරීම සහ පොදු සමාව ලබාදීමේදී සියළුම සිරකරුවන් සඳහා එකම ක්‍රමවේදයක් ඇති කිරීම සහ සිරකරුවන් පිළිබඳව සහ ඔවුගේ පවුල් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ක්‍රමවේදයක් සකසාදීම ආදී සිරකරුවන්ට බලපාන කරුණූ කිහිපයක් පිළිබඳවය.

සිරකරුවන්ගේ ගැටළු හා ප්‍රශ්ණ වලට සවන් දුන්  අමාත්‍යතුමා සඳහන් කලේ දිගින් දිගටම වැරදි සිදුකරන මිනිසුන් මෙන්ම ජීවිතයේ එක් වතාවක් වැරදි කරන පුද්ගලයින්ද සිටින අතර එම වැරදි නිවැරදි කර ගැනීමට එක් අවස්ථාවක් සලසා දියයුතු බවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු ජනාධිපතිතුමාගේ උපදෙස් මත මෙම ගැටලු සඳහා ලබාදිය යුතු විසඳුම් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවය.

ඒ සඳහා අවශ්‍ය කටයුතු සලසා දීමට අද දින සිටම ක්‍රියාත්මක වන බවත් එසේ අවශ්‍ය කටයුතු සලසා දෙන තෙක් මෙම උපවාසය අත්හැරීමට කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා රැඳවියන්ගෙන් ඉල්ලා සිටියේය.

බන්ධනාගාර පනත අනුව අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව යහපත් කල් ක්‍රියාවෙන් සිරදඩුවම් විඳින සිරකරුවන් සඳහා එක් සතියකට නිවාඩු ලබාදීමේ හැකියාවක් පවතින අතර (නිවාස නිවාඩු)  එම නීතිය ක්‍රියාත්මක කිරීමට ද බලාපොරොත්තු වන බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බවද අමාත්‍යතුමා සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා  සඳහන් කලේ සිරකරුවන්ද මනුෂ්‍යයන්ය යන්න සිරමැදුරු වල තාප්ප වලට පමණක් සීමා නොකර එය ක්‍රියාවෙන්ම ඔප්පු කල යුතු බවය.

මෙම අවස්ථාවට බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් වී.ආර්.සිල්වා මහතා , බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා ඇතුළු බන්ධනාගාර නිලධාරීන් පිරිසක් එක්විය.

 

ශානිකා

 

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….