හොරකමේ ගිය පුද්ගලයා වයෝවෘද්ධ කාන්තාවක් මරා දමයි.

මත්කුඩු පානය සඳහා තමන් සන්තකයේ මුදල් නොමැති කමින් අළුයම් කාලයේ නිවාස බිඳිමින් සොරකමේ ගිය පුද්ගලයෙකු වැලිකඩ පොලිස් වසමේ රාජගිරිය පාර, රාජගිරිය ප්‍රදේශයේ නිවසක තනිව ජීවත්වූ වයෝවෘද්ධ කාන්තාවකගේ ගෙල සිරකොට ඝාතනය කර නිවසේ තිබූ මුදල් පැහැරගෙන ගොස් මරණය අබිරහසක් ලෙස වසන් කිරීමට තැත්කල සැකකරුවකු නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් (26) වන දින උදෑසන අත්අඩංගුවට ගත් බව එම ඒකකය පැවසීය.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වයස අවුරුදු (70) වන අංක 265, රාජගිරිය පාර, රාජගිරිය ලිපිනයේ පදිංචිව සිටි සිරිමා ගොපල්ලව නැමැති අවිවාහක වයෝවෘද්ධ  කාන්තාවකි.

මෙම කාන්තාව නිවසේ තනිවම ජීවත්ව ඇති බවත් ඇයගේ සහෝදර සහෝදරියන් දැනට විදෙස්ගතව සිටින බවත් සැකකරු මෙම නිවසේ කාන්තාව පමණක් තනිව ජීවත් වන බව තහවුරු කරගැනීමෙන් අනතුරුව (25) වන දින අලුයම 4:30 ට පමණ නිවසේ වහලයේ නිවස තුළට ඇතුළුවී රන් භාණ්ඩ සහ මුදල් සොරා ගැනීමට සූදානම්වූ අවස්ථාවේදී කාන්තාවට මෙම පුද්ගලයාගේ අඩි ශබ්දය හා නිවස තුළ තිබූ අල්මාරිය වල දොරවල් ඇරීමේ ශබ්දය ඇසීමත් සමග කාන්තාවගේ කෑ ගැසීමත් සමග සැකකරු විසින් කාන්තාවගේ ගෙල සිරකොට ඇති බවත් එම අවස්ථාවේ දී කාන්තාව සිහිමුර්ජා වී නිවෙස තුළ වැටී ඇති බවත් බියට පත්වූ  සැකකරු එම ස්ථානයෙන් පැන පළා ගොස් සැඟව තිබූ බවත් පොලීසිය පැවසීය.

කාන්තාවගේ නිවස තුළින් “සොරෙක් සොරෙක්” යන ශබ්දය අසල්වාසී නිවසක පදිංචි පුද්ගලයෙකුට ඇසීමත් සමග එම පුද්ගලයා මෙම කාන්තාවගේ නිවසට ඇතුළු වන ගේට්ටු වසා දමා තිබූ බැවින් කාන්තාවගේ නම කියා කිහිප වතාවක් ඇමතූවත් කාන්තාවගෙන් එයට පිළිතුරු නොලැබීම නිසා අනෙක් අසල්වැසි නිවැසියන්ටද කතා කොට පොලිස් හදිසි ඇමතුම් ඒකකයට මේ පිළිබඳව දන්වාඇත.

ලැබුණු දුරකථන ඇමතුම අනුව වහා එම ස්ථානයට පැමිණි වැලිකඩ පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් විසින් නිවසේ දොරවල් සියල්ලටම අඟුළු දමා තිබූ බැවින් ඉදිරිපස ප්‍රධාන දොර කඩා ඇතුල්වී සෝදිසි කර බැලීමේදී කාන්තාව නිදා සිටි කාමරය තුළ බිම වැටී මිය ගොස් සිටි බවද නිරීක්ෂණය වී තිබූ බව පොලීසිය පැවසීය.

විසි පස් වන දින දහවල් වන විට මෙම සිද්ධිය පිළිබඳව හා මෙවැනි ආකාරයෙන් කොරෝනා වසංගතය පවතින කාලය තුළදී නිවාසයන්ට ඇතුළු වන සොරුන් විසින් මෙවැනි ඝාතනයන් සිදුකරන බැවින් මෙම සිද්ධිය පිළිබඳව වහා පරීක්ෂණයක් සිදු කිරීමට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ගෙන් ලැබුණු නියෝග මත නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ඇතුළු  පොලිස් කණ්ඩායම් 04ක් යොදවා පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබූ බවද පොලිසිය පවසයි.

මෙම නිවාසය පිහිටි ස්ථානයේ අසල්වැසි නිවාසයන්හි සවිකොට තිබූ සීසීටීවී කැමරා දත්ත පරීක්ෂා කොට විමර්ශන ආරම්භ කළ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් මෙම ප්‍රදේශයේ ජීවත්වන මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන සිදු කළ පරීක්ෂණ වලදී සීසීටීවී කැමරා පද්ධති වල සටහන්ව තිබු මෙම සැකකරු කඩුවෙල විජිත කුමාර නොහොත්  ජින්ටි රංජි නැමැති අනුවර්ත නාමයෙන් පෙනී සිටින පුද්ගලයෙක් බවට හඳුනා ගත් බවත් ඉන් අනතුරුව මෙම පුද්ගලයා රාජගිරිය ප්‍රදේශයේ නිවසක සැඟව සිටින බවට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පැවසීය.

සැකකරු මීට පෙරද මෙවැනිම ආකාරයෙන් 2016 වසරේ දී  අතුරුගිරිය පොලිස් වසමේ අයි. ජෝතිපාල මාවත, අතුරුගිරිය වයස අවුරුදු පනස් එකක් වූ කාන්තාවක් ඝාතනය කර ගෙල බැඳි රන් මාලය කොල්ල කා පලාගිය පුද්ගලයකු බවට අනාවරණය වීමෙන් පසු අතුරුගිරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වසර හතරකට වැඩි කාලයක් බන්ධනාගාර ගතව සිට මීට මාස දෙකකට පමණ ඉහතදී ඇප මත නිදහස්ව පැමිණ සිටි පුද්ගලයෙක් බවත් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වූ බව ද නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පැවසීය.

සැකකරු (53)වැනි වියේ පසුවන තුන්ඇඳහේන, කොරතොට, කඩුවෙල යන ලිපිනයේ ස්ථිර වශයෙන් පදිංචිව සිටින අයෙක් බවත් හේවාවත්තගේ විජිත කුමාර සත්‍යජිත් නොහොත්  ජින්ටි රංජි නැමැති අනවර්ථ නාමයෙන් පෙනී සිටින අයෙක් බවත් පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය කළ ගත් බවත් පොලිසිය පවසයි.

සැකකරු කිසිදු සාක්ෂියක් සොයා ගැනීමට නොහැකි වන ආකාරයෙන් මෙම ඝාතනය සිදුකර පලාගොස් තිබූ බවත් පොලිස් අපරාධ ස්ථානික පරීක්ෂණ අංශයේ නිලධාරීන් සහ පොලිස් නිල සුනඛයින් යොදවා අසල්වැසි නිවෙස් වල සවිකර තිබූ  සී.සී.ටී.වී කැමරා දර්ශන හා තාක්ෂණික මෙවලම් උපයෝගී කරගනිමින් පැය විසි හතරක් ගත වන්නට මත්තෙන් සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි වූ බවත් පොලීසිය පැවසීය.

සැකකරු අත්අඩංගුවට ගෙන සිදුකළ පරීක්ෂණයේදී ඔහු විසින් මෙම ඝාතනය කළ බවට පිළිගෙන පාපොච්චාරණයක් සිදුකළ බව ද පොලීසිය පවසයි.

සැකකරු වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකිරීම සහ අධිකරණයට භාර දීම සඳහා වැලිකඩ පොලිස් ස්ථානය වෙත භාරදුන් බවත් පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සෘජු අධීක්ෂණය මත බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන ලියනගේ නුගේගොඩ කොට්ඨාස කලාප අංක 01 භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි කුමාර රූපසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් මත නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ. කේ.ජී හේවගේ මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක ජනක ජයලත්, පොලිස් සැරයන් 61844 අනුර, පොලිස් කොස්තාපල් 69080 ප්‍රමිල, 76917 සෙනෙවිරත්න, 85163 හේරත්, 93377        ත්‍රීමාන්න, 37256 දයාරත්න, 96915 දිල්ෂාන්, 37299 මදුවන්ත, 3715 කුමාර යන නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.

සමීර  අබේසිංහ (බොරලැස්ගමුව)

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….