දත්තවල වැදගත්කම හා සයිබර් ත්‍රස්තවාදය

cyber

“සංඛ්‍යානමය චින්තනය අනාගතයේදී කාර්යක්ෂම පුරවැසිභාවයක් සඳහා කියවීම හා ලිවීම තරමට ම වැදගත් වනු ඇත.”
– විද්‍යා ලේඛක එච්.ජී. වෙල්ස්

නූතන සමාජයේ ජීවත් වන පුරවැසියන් කියන්නේයනු දත්ත සමග ජීවත් වන ජනතාවක්. දුම්රිය කාලසටහනේ සිට, කාලගුණ තොරතුරු, වෙළඳපොළ මිළ උච්චාවචනයන් ආදී වූ දත්ත රැසක් අප එදිනෙදා භාවිතා කරනවා. ඒ අතර, කොවිඩ්-19 සම්බන්ධ දත්ත මෑත කාලයේදී ඉතා වැදගත් වුණා. අපගේ ජීවිතයට දත්ත සම්බන්ධ වන ආකාරය ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි උදාහරණයක් තමයි කොවිඩ්-19 වසංගතය සම්බන්ධ දත්ත භාවිතය.

එක්සත් ජාතීන් විසින් වසර 2030 වන විට සාක්ෂාත් කර ගැනීමට අරමුණු කරගෙන තිබෙන තිරසාර සංවර්ධන අරමුණු 17න් 17වන අරමුණ ගෝලීය හවුල්කාරිත්වයට අදාළයි. එහිදී දත්තවල වැදගත්කම විශේෂයෙන් අවධාරණය වෙනවා.

තිරසාර ඉලක්ක 17 සාක්ෂාත් කර ගැනීමේදී රටක ප්‍රතිපත්ති සහ තීරණ ඉතා වැදගත් වෙනවා. ගනු ලබන තීරණ සාක්ෂි මත පදනම් වූ විට ඒවා වඩා නිවැරදි වෙනවා. දත්ත අවශ්‍ය වන්නේ ඒකටයි. උදාහරණයක් ලෙස, කෝවිඩ්-19 පාලනය කිරීම සඳහා කුමන මට්ටමේ සමාජ සම්බාධක පැණවිය යුතුද යන්න තීරණය කිරීමේදී දත්ත ඉතා වැදගත් වෙනවා.

තිරසර සංවර්ධන අරමුණු අතර පළමු අරමුණ වන්නේ සෑම තැනක ම ඇති සෑම ආකාරයක ම දිළිඳුකම දුරලීම යි. 2012 වන විට ශ්‍රී ලංකාවේ දරිද්‍ර‍තාව 6.7%ක් වුණා. මෙය 2006/07 වන විට 15.2%ක මට්ටමේ පැවතුණා. එහෙත්, ඒ වන විටත් දිස්ත්‍රික් හතක ම ජනතාවගෙන් 10%කට වඩා දිළින්දන් වුණා.  එම දිස්ත්‍රික්ක හත වුණේ රත්නපුර, බදුල්ල, කිලිනොච්චිය, මඩකලපුව, මන්නාරම, මොනරාගල සහ මුලතිවු.

මෙවැනි දත්ත මත පදනම්ව දරිද්‍රතාව සිතියම්ගත කර ගැනීම හා ඒ අනුව අනාගත සැලසුම් සකස් කර ගැනීමත්, ඒ සඳහා උපකාරී වන ප්‍ර‍තිපත්ති සම්පාදනය කර ගැනීමත් තිරසාර සංවර්ධන අරමුණු දිනා ගැනීම සඳහා අවශ්‍යයි.

උපදින පුද්ගල සංඛ්‍යාව හෝ ඔවුන් මරණයට පත් වන වයස හෝ තවමත් දුගී බවෙන් පෙළෙන පිරිමින්, කාන්තාවන් හෝ දරුවන් ගණන හෝ අධ්‍යාපනය ලබාදිය යුතු ළමුන් ගණන හෝ පුහුණු කළ යුතු වෛද්‍යවරුන් ගණන දැනගත හැක්කේ දත්ත මගිනුයි. දත්ත සරල විය යුතුයි. එසේ ම භාවිතය පහසු වන පරිදි ඉදිරිපත් ව්ය යුතුයි.

තොරතුරු දැනගැනීමේ අයිතිය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(අ) ව්‍යවස්ථාව මගින් තහවුරු කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ හිමිකම් පනත අනුව, රටේ සාමාන්‍ය පුරවැසියන්ට ද දත්ත වෙත පිවිසීමේ හිමිකම පුළුල් වෙනවා.

ශ්‍රී ලංකාව දත්ත ත්‍රස්තවාදයක ගොදුරක් බවට පත්වන්නේ මෙවැනි පසුබිමක් තුළයි. ජාතික ඖෂධ නියාමන අධිකාරියට අයත් දත්ත ගොනු 11,000කට අධික සංඛ්‍යාවක් මකාදැමීම එම සිද්ධියයි. ඒ සම්බන්ධයෙන් සැකපිට එපික් ලංකා ටෙක්නොලොජීස් සමාගමේ සහකාර මෘදුකාංග ඉංජිනේරුවරයකු යයි කියන ප‍්‍රමෝද් දිලූප රාමනායක නම් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ත්‍රස්තවාදී සැකකරු පැය පහකට අධික කාලයක් ගතකරමින් මෙම දත්ත මකාදමා තිබෙන අතර එය අත්වැරදීමකින් සිදුවූවක් බවට ඔහු රඟපෑමක් කර තිබෙන බව ද, ඒ වන විට ඔහු එම ආයතනයෙන් ඉල්ලා අස්වී වෙනත් ආයතනයක සේවයට යාමට සූදානමින් සිටි බව ද අධිකරණය ඉදිරියේ නීතිපති දෙපාර්තමේන්තුව විසින් වාර්තා කරනු ලැබුවා.

මෙය යම් ඖෂධ ජාවාරමක අවශ්‍යතාව මත කළ ක්‍රියාවක් වන්නට පුළුවන්. කෙසේ වෙතත්, එය අතිශය භයානක තත්වයක්.

ජාතික ඖෂධ නියාමන අධිකාරියට අමතරව ශ්‍රී ලංකා රජයේ තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය වන ICTA ආයතනය ද මෙම සයිබර් ත්‍රස්ත ක්‍රියාව සම්බන්ධයෙන් වගකිව යුතුයි. මෙහි ප්‍රධාන වගඋත්තරකාර සංවිධානය වන එපික් ලංකා ටෙක්නොලොජීස් ආයතනය සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග අවශ්‍යයි. මේ සයිබර් ත්‍රස්තවාදී ක්‍රියාව සම්බන්ධයෙන් රජය තවමත් බැරෑරුම් අන්දමින් කටයුතු කරන බවක් පෙනෙන්නේ නැහැ.

මෙහිදී 2007 අංක 24 දරණ පරිගණක අපරාධ පනතේ 3 හා 4 වගන්ති උල්ලංඝනය කර තිබෙන බව ඉතා පැහැදිලියි. පනතේ තුන්වන වගන්තිය උල්ලංඝනය කරන වරදකරුවන්ට රු. ලක්ෂ පහක දඩයක් හා/ හෝ අවුරුදු පහක සිර දඬුවමක් ද, හතරවන වගන්තිය උල්ලංඝනය කරන වරදකරුවන්ට රු. ලක්ෂ දෙකක දඩයක් හා/ හෝ අවුරුදු පහක සිර දඬුවමක් ද පැනවිය හැකියි. එහෙත්, මේ දඬුවම් ප්‍රමාණවත් නොමැති බව දැන් පැහැදිලියි.

ශ්‍රී ලංකාවේ ඇතැම් රාජ්‍ය නායකයන් පවා මෙවැනි ක්‍රියා වීරකම් ලෙස සැලකීමයි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එවැනි මුග්ධ නායකයෙක්. ජනාධිපතිවරයාගේ වෙබ් අඩවිය හැක්කළ පාසල් සිසුවකු ඔහුගේ ඇගයීමට ලක්වුණා. එය බීබීසී නම් ජාත්‍යන්තර වෙබ් අඩවිය පවා වාර්තා කර තිබෙන මුග්ධ ආකාරය බලන්න. පරිගණකයක් තමන් විසින්ම එකලස් කරගැනීම එහි මහා වීරකමක් ලෙස හුවා දක්වා තිබෙනවා. ජනාධිපතිවරයාගේ වෙබ් අඩවිය හැක්කරන්නට හැකිවන්නට ඇත්තේම එහි තිබුණු දුර්වල ආරක්ෂාව නිසායි. මෙවැනි පරිගණක අපරාධ වීරකම් ලෙස හුවාදැක්වීම සයිබර් ත්‍රස්තවාදයට උඩගෙඩි දීමක්.

ලංකාවේ සමාජය තුළ ගුවන් යානා මංකොල්ලකරුවන්, හොර සල්ලි අච්චු ගසන්නන් ආදීන් ද කලින් කල වීරයන් වූ අන්දමටම වර්තමානයේදී පරිගණක අපරාධකරුවන් ද වීරයන් සේ සැලකෙන ආකාරයක් දක්නට ලැබෙනවා.

ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තය 2019 වන විට විදේශ විනිමය ඉපැයීමේ සිවුවන ප්‍රධාන මාර්ගය බවට පත්ව තිබුණු අතර ඇමරිකන් ඩොලර් මිලියන 1,200ක අපනයන ආදායමක් ඉපැයුවා. මෙම අංශය ශ්‍රී ලංකාවට බොහෝ දුර යා හැකි මාර්ගයක්. පරිගණක ඉංජිනේරුවන්, මෘදුකාංග ඉංජිනේරුවන් ආදීන් බිහිකරන විවිධාකාරයේ අධ්‍යාපන පාඨමාලා දේශීය හා විදේශීය අධ්‍යාපනික ආයතන විසින් මෙහෙයවනු ලබනවා. එහෙත්, එම පාඨමාලා හදාරන සිසුන් කෙතරම් දුරට පරිගණක හා සයිබර් අවකාශය සම්බන්ධ නීති හා ආචාරධර්ම පිළිබඳ දැනුවත් ද යන්න ගැටලු සහගතයි.

මෙම කාරණා වර්තමානය වන විට නම්, පාසල් මට්ටමේ සිටම ඉගැන්විය යුතුව තිබෙනවා.

පරිගණක අපරාධ හා සයිබර් ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නීති යම් දුරකට ශක්තිමත් මට්ටමක තිබෙන බව පෙනෙනවා. දැනට කෙටුම්පත් මට්ටමේ ඇති සයිබර් ආරක්ෂක පනත හා දත්ත ආරක්ෂණ පනත වැනි නීති සංශෝධන මගින් මෙය තවත් ශක්තිමත් කළ යුතුයි.

අජිත් පැරකුම් ජයසිංහ

praja.lk

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….