වහලක් නැති අටලක්ෂයක්

Habitat-for-Humanity

මැති ඇමැතිවරුන් වෙනුවෙන් නවතම නිවාස සංකීර්ණ ඉඳි කෙරෙද්දී ලංකාවේ ජනගහනයෙන් ලක්‍ෂ අටකට පමණ පදිංචියට නිවසක් නොමැති බව අනාවරණයවී තිබේ.

“මිලියන 6 ක පවුල් වෙසෙන ලංකාවේ යම් ආකාරයක නිවසක් හිමිව ඇත්තේ පවුල් මිලියන 5.2 කට පමණක් බවත්, අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන පවුල් ලක්‍ෂ අටකට ආසන්න සංඛ්‍යාවක් අන්ත දරිද්‍රතාවයෙන් පෙළෙන අතර ඔවුන්ට නිවසක් කියා කියන්නට ආරක්ෂිත ස්ථානයක් පවා නැති තරම්” යැයි මනුෂ්‍යත්වයට නිවහනක් (Habitat for Humanity) සංවිධානයේ ශ්‍රී ලංකාවේ අධ්‍යක්‍ෂක යූ හ්වා ලී පවසයි.

ලෝක ජනාවාස දිනය නිමිත්තෙන් මිගමුව ජනාවබෝධ කේන්ද්‍රය සහ සීදුව ශ්‍රමාභිමානි කේන්ද්‍රය සුම් තාක්ෂනය ඔස්සේ පැවැත්වූ වැඩසටහනකට එක් වෙමින් යු හ්වා ලී අවධාරණය කළේ මෙම ගැටලුවට විසඳුම සෙවීම ආණ්ඩුවේ කාර්ය භාරයක් වුවද නමුත් පෙර පැවති ආණ්ඩු වලට මෙම ප්‍රශ්නයට පිළිතුරු දීමට කිසිදු අදහසක් නොතිබූ බවය.

“නිදහස ලබා වසර 72 ක් ගතවී තිබුනත් ලංකාව තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක්. අවම වශයෙන් රටේ නිවාස ගැටළුවට විසඳුමක් ලබා දීමට මෙතෙක් පැවති කිසිම ආණ්ඩුවකට නොහැකි වී තිබෙනවා,” යැයි ඔහු පවසයි.

යු හ්වා ලී මේ බව පවසා සිටියේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නිවාස දෙසීයක් මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාස භූමියේම ඉදිකිරීමට යෝජිතව තිබියදීය.

සෑම වසරකම ඔක්තෝම්බර් 04 වැනිදාට යෙදෙන ලෝක ජනාවාස දිනය කේන්ද්‍ර කර ගනිමින් මිගමු ජනතා ඒකාබද්ධ සංවිධානය ගම්පහ දිස්ත්‍රික්කයේ නිවාස අහිමි ජනයා මුහුණ පාන ගැටළුවලට විසදුම් ඉල්ලා නිවාස ඇමැති ලෙස අගමැති මහින්ද රාජපක්‍ෂ වෙත ලිපියක් ද බාර දී තිබේ.

“සෑම පවුලකටම සුව පහසු නිවසක් සැපයීම වත්මන් ආණ්ඩුවේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්තිවල විශේෂ අංගයක් වන බැවින් අපගේ ප්‍රශ්නය තේරුම් ගැනීමට ඔබ තුමන්ට පහසු වනු ඇතැයි විශ්වාස කරන බව” සඳහන් කරන එම ලිපිය, “ස්ථිර වාසස්ථානයක් නොමැති අපට සමාජය තුලදී පිළිගැනීමක් නොමැතිව කොන්වෙනු ලබයි. අපේ දරුවන් පාසල්වලට ඇතුලත් කර ගැනීමට යාමේදී ස්ථිර ලිපිනයක් නොමැති හෙයින් අපගේ ඉල්ලුම් පත්‍ර ප්‍රතික්ෂේප වීම නිතර සිදුවෙයි. ස්ථිර ලිපිනයක් නොමැති හෙයින් රජයෙන් ලබාදෙන සහනාධාර ද අඩු ආදායම්ලාභී අප හට අහිමි වී ඇත” යනුවෙන් ප්‍රකාශ කරයි.

මිගමු ජනතා ඒකාබද්ධ සංවිධානයේ ක්‍රියාකාරිනි සුභද්‍රා කුමාරි මෙහිදී සිය අදහස් දක්වමින් කියා සිටියේ මෙම නිවාස ප්‍රශ්නය 1979 සිට වසර 40 ක් පුරා පවතින්නක් බවයි.

“අපි හැම කෙනාම අඩු ආදායම් ලාභීන්. ඒ නිසා, ආර්ථික දුෂ්කරතා එමටයි. අපිට ගෙවල් කුලී ගෙවන්න බැරි නිසා දෙමාපියන්ගේ, ඥාතීන්ගේ නිවාසවල පවුල් කිහිපයක් එක්ක ජිවත් වෙද්දී එකිනෙකාගේ පෞද්ගලීකත්වයට හානි සිදුවෙනවා. එකම නිවස ඇතුලේ පවුල් 3,4ක් ,ඒ කියන්නේ 10 – 15 දෙනෙක් ජීවත්වෙනකොට මොනතරම් සිත් වේදනා , රණ්ඩු සරුවල් ඇතිවීම වගේම පුද්ගලික නිදහසත් නැති වෙලා නොයෙක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිදුවෙනවා,” යැයි ඇය පැවසුවාය.

මේ අතර, ග්‍රාමීය කම්කරු සමාජය පෙන්වා දෙන්නේ යුද්ධයෙන් පසුව නිවාස අහිමි පුද්ගලයන් රාශියක් උතුරු පළාතේ ජීවත් වෙන බවයි.

“පවුල් 7000 කට වඩා නැවත පදිංචි වීමේ අපේක්ෂාවෙන්,තවමත් අනාථ කඳවුරුවල නැත්නම් තමන්ගේ නෑයන්ගේ ගෙවල්වල නැත්නම් කුලී ගෙවල්වල ජීවත්වනවා. ඔවුන්ගෙන් පවුල් 800ක් පමණ තවමත් ජීවත් වන්නේ අනාථ කඳවුරුවල.

මයිලෙට්ටි සහ කන්කසන්තුරේ වරායවල් සහ පලාලි ගුවන්තොටුපොළ සංවර්ධන කටයුතු සඳහා කියා මේ දෙමළ ජනතාවට අයත් ඉඩම් විශාල ප්‍රමාණයක් නිදහස් නොකර තවමත් හමුදාව භාරයේ තබාගෙන සිටිනවා” යැයි ග්‍රාමීය කම්කරු සමාජයේ සභාපති ඒ. ඉම්බනායගම් පෙන්වා දෙයි.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….