දේශිය කිරි ගොවියාගේ ඛේදාන්තය

milk

කිරි පිටි මිළ කොතෙක් ඉහළ ගියද   කිරි ලිටරයක් සදහා  තමන්ට ලැබෙන්නේ ඉතා සොච්චම් මුදලක් බවත්  පුන්නක්කු, බෙහෙත්,  විටමින් වර්ග, එන්නත්  සහ තණ කොළ සදහා තමන්ට විශාල මුදලක් වැය වන බව කළුතර දිස්ත්‍රික්කයේ  කිරි ගව ගොවින් චෝදනා කරති.

කිරි ලිටරයක් සදහා මෙතෙකක් ගෙවු රුපියල් 70 – 80 මුදල සදහා රුපියල්  20 ක වත් වැඩි කිරිමක් තමන්ට අවශ්‍ය යැයි ගොවින් කියති. දියර කිරි සදහා ලැබෙන මුදල ප්‍රමාණවත් නොවිම නිසා  තරුණ පිරිස් මෙම කර්මාන්තයට එකතු නොවන බව  කිරි ගව කර්මාන්තයේ නිරත ගොවින් පෙන්වා දෙති.වැඩි කිරි ප්‍රමාණයක් ලබාගැනිම සදහා මේ වනවිට  ගම්බද ප්‍රදේශවල පවා ගොවින්  විදේශිය හා දෙමුහුන්  උසස් තත්වයේ ගවයින් ඇති කරන අතර මෙම ගවයින් සදහා යන වියදමද ඉහළ බව ගොවින් පෙන්වාදෙති.

ගවයින් එන්නත් කිරිම, පණු බෙහෙත් , විටමින් වර්ග, සහ රෝගි අවස්ථාවලදි ප්‍රථිකාර සදහා විශාල මුදලක් වැය වන බව ගොවින් පෙන්වා දෙති. පශු වෛද්‍යවරුන් සදහා වැය වන මුදල් ,  මෙන්ම පුන්නක්කු මිළද දිනෙන් දින ඉහළ ගොස් ඇතැයි ගොවින් පෙන්වා දෙති. දෙමුහුන් වර්ගයේ ගවයෙකුගේ මිල  රුපියල් ලක්ෂ දෙක තුනක් වන බවත් මෙවැනි ගවයින්  නියමිත ප්‍රමිතියෙන්  රැක බලා ගතයුතු බවත් ගොවින් පෙන්වා දෙති. මේ සදහා විශාල වියදමක් වැය වුවත් ලැබෙන ආදායම  ප්‍රමාණවත් නැතැයි ගොවින් පෙන්වාදෙති. කිරි ලීටරයකට රුපියල්  හතක මුදල් වැඩි කිරිම ප්‍රමාණවත් නැතැයි කිරි ගව ගොවින්  කියති.

දේශිය කිරි ගොවියා වෙනුවෙන්  නැවුම් කිරි ජනතාව වෙත ලබාදිම සදහා ක්‍රමවේද සකස් කර ග්‍රාමිය මට්ටමින් යෝගට් සහ අතුරු නිෂ්පාදන ඇති කිරිමට කටයුතු කළ යුතු බව  ගොවින් කියති.

බුලත්සිංහල, දෙණි කඩේ-  කේ. ලයනල් මහතා.

—————————————————–

“ කිරි පිටි මිළ ඉහල ගියත්  අපට ලැබෙන්නෙ ඉතාම  සොච්චම් මුදලක්. අනෙත් අතට ගවයින්ට දෙන්න තණ කොළ නැහැ. කළුතර දිස්ත්‍රික්කයේ රජයේ ඉඩම් විශාල ප්‍රමාණයක් වතු සමාගම් යටතේ කැලෑවට අතහැරල තියෙනවා. අපට බදු ක්‍රමයට හෝ එම ඉඩම් ලබාදෙනවා නම් තණ කොළ වගා කර ගැනිමට හැකි වෙනවා.  ගව ගාල් හදා ගන්න විශාල මුදලක් වැය වෙනවා. කිරි ගවයෙකු ලක්ෂ ගණනක් වෙනවා.  රජය පහසු කම් දෙනවා කිව්වත් බැංකුවලින් ඒ පහසුකම් අපට ලැබෙන්නෙ නෑහැ. පුන්නක්කු, ඔමි, කැට ෆීල්,  ඇමිනෝල්, මිල්ක් මාස්ටර් වගේ දිනපතා ගවයින්ට ලබා දිය යුතු අතිරේක බෙහෙත් හා විටමින් වල මිල විශාල ලෙස ඉහළ ගිහිල්ලා.“

ජීවන් කරන්නාගොඩ  මහතා

—————————

“ මට හරක්  හය දෙනෙක් ඉන්නවා. සත්තුන්ට දෙන්න තණ කොළ නැහැ. බැංකු වලින් සියයට  හයේ පොලියට ණය දෙනවා කිව්වට  අපට එහෙම ණය දෙන්නෙ නැහැ. කිරි ලිටරයක මිළ වතුර ලීටරයක මිලට වඩා අඩුයි. මේකට  තරුණයො අත ගහන්නෙ නෑ. කිරි පිටි මිල ඉහළ ගියත් දේශිය කිරි ගොවියාට යන එන මං නැහැ.

milk milk

milk

 

එස්. පොද්දෙණිය  – මීගහතැන්න

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….