බන්ධනාගාර නිලධාරින් රැඳවියන් ගැන හිතන්නේම පහත් හැඟීමෙන්

senaka Perera

සිරකරුවෝද මනුෂ්‍යයෝය කියා පාඨයක් බන්ධනාගාර තාප්ප වල ගසා තිබුණාට නීතිය ක්‍රියාත්මක කිරිමේ බන්ධනාගාර නිලධාරීන් තුලම සිරකරුවන් / සැකකරුවන් ගැන ඇත්තේ පහත් හැඟීමක් බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා පවසයි.

ශ්‍රි ලංකාවේ බන්ධනාගාර 28 ක් ඇති බවත් ඒවායෙහි මේ වන විට සැකකරුවන් හා සිරකරුවන් 25000 ක් පමණ සිටින බවත් කිසිම ආකාරයකට බන්ධනාගාරය තුල ඔවුන්ට මනුෂ්‍යයෙකු ලෙස සැලකුම් නොලැබෙන බවද ඒ මහතා කියා සිටියි.

බන්ධනාගාර තුල මේ වන විට ඝාතන රැසක් සිදු වුවද මේවාට වැරදිකරුවෙකු තවමත් නොමැති බව පෙන්වා දෙන ඔහු ආසන්නතම උදාහරණයට ගත්තේ පහුගිය වසරේ සිදු වු මහර බන්ධනාගාරයේ සිදු වු කැරැල්ලය. මහර බන්ධනාගාර ගැටුම සිදුව ලබන මස 29 දාට වසරක් සම්පුර්ණ වෙන නමුත් තවමත් එහිදි වින්දිත තත්ත්වයට පත් වු සිරකරුවන්ට සාධාරණ්‍යක් ඉටු වී නොමැති බව අවධාරණය කර සිටියි.

එදා මෙය දෙපාර්ශවයක් අතර ඇති වු ගැටුමක් ලෙස සඟවා මේ රැඳවියන්ගේ ඝාතන යටපත් කිරිමට ගත් උත්සහ පිලිබඳවද සිහිපත් කළ සේනක මහතා පවසන්නේ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අප සිරකරුවන්ට හොඳින් සලකන බවට අත්සන් තබා ඇතත් එය නාමික බව පෙන්වා දී සිටියි.

එසේම බන්ධනාගාරයෙන් පිටව යන 50% ක පමණ පිරිසක් නැවත බන්ධනාගාර ගත වෙන බව පෙන්වා දෙන ඔහු කියා සිටින්නේ ඊට හේතු වී ඇත්තේ බන්ධනාගාර විශෝධන ක්‍රියාවලියේ අසාර්ථකභාවය නිසා බව ද පවසයි.

බන්ධනාගාර ආඥා පනතේ ඇති ආකාරයට විශෝධන ක්‍රියාවලියක් සිදු නොවන බව පෙන්වා දෙන ඔහු පවසන්නේ මේ රැඳවියන් ක්‍රමවත් ලෙස විශෝධන ක්‍රියාවලියකට යොමු කළ යුතු බවය.

එසේම පහුගිය සැප්තැම්බර් 12 දා රාජ්‍ය අමාත්‍යවරයෙකු බන්ධනාගාර තුලට කඩා වැදී හැසිරි තිබු ආකාරය සම්බන්ධයෙන්ද තවම නීතිය ක්‍රියාත්මක වී නොමැති බව සඳහන් කරන සේනක මහතා පවසන්නේ මේ රැඳවියන් ඉල්ලන්නේ දුමින්ද සිල්වාට දුන් පහසුකම් වලින් 5% ක් වත් නොවන බවය.

එසේම බන්ධනාගාර රැඳවියාට වධකාගාරයක් නොවිය යුතු බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

ඔහු මේ බව කියා සිටියේ සිරකරුවන් සම්බන්ධ විශේෂ කරුණු රැසක් සාකච්ඡාවට ලක් කෙරෙන ” සිරකරුවෝ මනුෂ්‍යයෝ ද ? ” විද්වත් සංවාදය අද (21) පෙරවරු 10.00 ට කොළඹ ජානකී හෝටලයේදී පැවැති අවස්ථාවේදීය.

මෙය රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය හා අයිතිය වෙබ් අඩවිය විසින් සංවිධානය කර තිබු අතර සීමිත ජන සහභාගීත්වයකින් සුම් තාක්ෂණය ඔස්සේ සජීවිව පැවැත්විණි.

මෙම මහජන සංවාදයේදී ආසියානු මානව හිමිකම් කොමිසමේ නීතිඥ බැසිල් ප්‍රනාන්දු, ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු සාමාජිකා නීතිඥ අම්බිකා සත්කුණනාදන්, රුහුණු විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය සුරංජිත් ගුණසේකර යන මහත්ම මහත්මීන් අදහස් දැක් වුහ.

මෙම වැඩසටහන මෙහෙයවනු ලැබුයේ නීතිඥ දුලාන් දසනායක මහතා විසිනි.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….