වසංගතයට මුවාවී මූලික මානව අයිතිවාසිකම්වලට තට්ටු කිරීමේ තවත් උත්සාහයක්

police

2020 දෙසැම්බර් 10දාට යෙදුණු ජාත්‍යන්තර මානව හිමිකම් දිනයේ තේමාව වුණේ මානව හිමිකම් දිනයේ තේමාව වන්නේ “වඩා හොඳින් සුවපත් වෙන්න – මානව හිමිකම් වෙනුවෙන් නැගීසිටින්න (Recover Better – Stand Up for Human Rights)” යන්නයි. කොවිඩ්-19 ගෝලීය වසංගතය සමග සම්බන්ධ සුවපත් වීමේ හා කිරීමේ උත්සාහයන්වලදී මානව හිමිකම් තහවුරු කිරීම තමයි එහි අරමුණ වුණේ.

මෙය ශ්‍රී ලංකාවට විශේෂයෙන් අදාළ වෙනවා. කොවිඩ්-19 වසංගතය මැඩලීමේ මුවාවෙන් ගනු ලබන ඇතැම් ක්‍රියාමාර්ගවලදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් නොතකා හරින ප්‍රවණතාවක් දකින්නට ලැබෙනවා.

මේ මානව හිමිකම් නොතකාහැරීම කොයිතරම්ද කියනවා නම්, සාමකාමී උද්ඝෝෂණයකට සහභාගී වූ ගුරු සංගම් නායක ජෝසප් ස්ටාලින් ඇතුළු පිරිසක් දඬුවමක් ලෙස නිරෝධායනයට යොමුකරන්නට පොලිසිය කටයුතු කළා.

ඒ බොරුවට එරෙහිව සමාජ විරෝධය ගොඩනැගෙද්දී ඊනියා නිරෝධායනය අතරමගම එම පිරිස නිදහස් කිරීමට පොලිසිය කටයුතු කළා. පසුගිය අවුරුද්දේදී මහර බන්ධනාගාරයේ සිරකරුවන් 11දෙනෙකු ඝාතනයට ලක්වුණේ කොවිඩ්-19න් ආරක්ෂාව ඉල්ලා කළ උද්ඝෝෂණයක් අතරතුරදීයි.

2020 වසරේදී පමණක් රජයේ අත්අඩංගුවේ සිටියදී පුද්ගලයන් 26දෙනෙකු මියගිය බව වධහිංසනයට එරෙහි ශ්‍රී ලාංකික එකමුතුව ප්‍රකාශ කළා. එය වධහිංසනයට එරෙහිව ක්‍රියාත්මක වන සංවිධාන 27ක හා ක්‍රියාකාරිකයන්ගේ එකතුවක්. මෙම ඝාතනවලින් අඩක් පමණ සිදුවුණේ පොලිස් අත්අඩංගුවේදීයි.

වධහිංසනය හා නීති විරෝධී ඝාතන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ පොලිසියට තිබෙන්නේ ඉතා නරක ඉතිහාසයක්. 2017 වසරේදී අනුරාධපුර අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එල්ලා පහරදී වධහිංසනයට ලක්කළ තරුණයකුට රුපියල් ලක්‍ෂය බැගින් වූ වන්දි හා රු. 25,000ක නඩු ගාස්තු පෞද්ගලික මුදලින් ගෙවන ලෙස 2021 ඔක්තෝබර් 22දා ශ්‍රේෂ්ඨාධිකරණය අනුරාධපුර පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයකුට සහ පොලිස් කොස්තාපල්වරයකුට නියෝග කළේ මෙම ලිපිය ලංකා පුවත්පතේ පළවූ පසුවය.

පොලිස් සේවාවේ ගුණාත්මකභාවය නංවන්නටත්, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රමිතිය ඉහළ නංවන්නටත් නීති ශක්තිමත් කළ යුතුව තිබෙනවා. එහෙත්, ඇත්තටම සිදුවන්නේ එයද?

අපරාධ නඩුවිධාන සංග්‍රහය (සංශෝධත) පනත් කෙටුම්පත 2021 ඔක්තෝබර් 8දා ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන්නට රජය කටයුතු කළා.

එම සංශෝධනය මගින් දක්වා තිබෙන විශේෂිත තත්වයන් යටතේ සැකකරුවකු හෝ චූදිතයකු අධිකරණය වෙත පෞද්ගලිකව ඉදිරිපත් වීමේ අවශ්‍යතාව නොතකාහැර කටයුතු කිරීමට එම සංශෝධනය මගින් අධිකරණ නිලධාරීන් හට හා මහාධිකරණ විනිසුරුවරුන් හට විධිවිධාන සලස්වා තිබෙනවා. චූදිතයා ශාරීරිකව අධිකරණය වෙත ඉදිරිපත් නොකර, එම පුද්ගලයාගේ එකඟතාවෙන් තොරව පවා, අපරාධ නඩු විභාග කිරීමේ හැකියාව ද මෙම සංශෝධනය මගින් ලැබෙනවා.

මෙය බරපතල නීති සංශෝධනයක්. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11වන වගන්තියෙන් සහතික කර තිබෙන වධහිංසනයෙන් හා කෘර, අමානුෂික, අවමන් සහගත සැලකීම්වලින් හා දඬුවම්වලින් නිදහස සහ බලහත්කාරී රඳවා තබාගැනීමෙන් නිදහස තහවුරු කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(2) වගන්තියෙන් ස්ථාපිත පටිපාටිය අනුව, සැකකරුවකු හෝ චූදිතයකු ආසන්නම අධිකරණයේ විනිශ්චයකාරවරයකු වෙත ඉදිරිපත් කිරීමේ අයිතිවාසිකම තහවුරු වෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(3) වගන්තිය මගින් සෑම චූදිතයකුටම සාධාරණ නඩු විභාගයක් සඳහා අයිතිය තහවුරු කර තිබෙනවා. 1979 අංක 15 දරණ අපරාධ නඩුවිධාන සංග්‍රහය මගින් දක්වා තිබෙන ආකාරයට සැකකරුවකු හෝ චූදිතයකු ශාරීරිකව අධිකරණයට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව තහවුරු කර තිබෙනවා.

ශ්‍රී ලංකාව රාජ්‍යයක් ලෙස පාර්ශ්වකරුවකු වන ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන සම්මුතියෙහි 9වන වගන්තියෙහි 3 ඡේදයට අනුව, අපරාධ චෝදනාවක් මත අත්අඩංගුවට ගනු ලබන හෝ රඳවා තබාගනු ලබන ඕනෑම පුද්ගලයකු වහාම විනිශ්චයකාරවරයකු හෝ අධිකරණ බලය නීතියෙන් පැවරෙන වෙනත් නිලධාරීවරයකු වෙත වහා ඉදිරිපත් කළ යුතුයි. එම පුද්ගලයාට සාධාරණ කාලසීමාවක් තුළ නඩු විභාගයකට මුහුණදීමේ අයිතිය තිබෙන අතර, නොඑසේ නම්, එම පුද්ගලයා නිදහස් කළ යුතුයි.

අපරාධ නඩුවිධාන සංග්‍රහය (සංශෝධත) පනත් කෙටුම්ප‍තෙහි 144 අ වගන්තිය මගින් යෝජනා කර තිබෙන විධිවිධාන බලධාරීන් විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයා මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කිරීම සිතාමතාම වැළැක්වීමට සහ එම පුද්ගලයන්ගේ ශාරීරික පෙනීසිටීම වැරදි අන්දමින් වැළැක්වීමට පාවිච්චි කිරීමට තිබෙන ඉඩප්‍රස්ථාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය දැඩි අවධානය යොමුකර තිබෙන අතර ඒ බව අධිකරණ ඇමතිවරයාගේ අවධානයට ද යොමුකර තිබෙන බව දැනගන්නට ලැබුණා.

අපරාධ නඩුවිධාන සංග්‍රහයට යෝජිත සංශෝධන අනුව, නීතිමය නියෝජනය හා නිරීක්ෂණය වෙනුවෙන් සමගාමී හෝ ආසන්න වශයෙන් සමගාමී ශ්‍රව්‍ය-දෘෂ්‍ය සබඳතා සඳහා විධිවිධාන යෝජනා කර තිබෙනවා. එනම්, වීඩියෝ මාර්ගයෙන් සැකකරුවකු හෝ චූදිතයකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමයි.

එහෙත්, සැකකරුවකු මුල්වරට පැය 24ක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කිරීමේදී එවැනි ක්‍රමවේද සැකසීමේ ප්‍රායෝගිකත්වය ප්‍රශ්නයක් විය හැකි බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පෙන්වාදෙනවා.

මහේස්ත්‍රාත්වරයකුට අන්තර්ජාලය ඔස්සේ සැකකරුවකු සමීපව හා ප්‍රමාණාත්මක ලෙස නිරීක්ෂණය කිරීමට නොහැකි විය හැකියි. එසේම, රඳවා තබාගන්නා බලධාරීන් විසින් හිරිහැරයට, වධහිංසනයට හෝ වෙනත් ඒ හා සමාන අවමන් සහගත සැලකීමකට ලක්කර තිබෙන සැකකරුවකු තවදුරටත් එම බලධාරීන්ගේම ශාරීරික අත්අඩංගුවේ සිටියදී එවැනි ශ්‍රව්‍ය-දෘෂ්‍ය ක්‍රමවේදයක් ඔස්සේ මහේස්ත්‍රාත්වරයාට පැමිණිලි කරන්නට එකඟ වීම ද සිදු නොවීමට ඉඩ තිබෙනවා.

සසෙක්ස් විනිසුරුවරුන්ට එදිරිව රෙක්ස්, [1924] 1 KB 256 නඩුවේදී, එවකට එංගලන්තයේ අග්‍ර විනිශ්චයකාර හීවෝට් සාමිවරයා විසින් ඉදිරිපත් කරන ලද “යුක්තිය ඉටුකිරීම පමණක් නොව ඉටුකරන බව පෙන්නුම් කිරීම ද අවශ්‍යය” යන වාචිතය ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය තුළ ද මැනැවින් ස්ථාපිත වී තිබෙන සංකල්පයක්. මෙවැනි නීති සංශෝධන එයට ද පරස්පරයි.

අජිත් පැරකුම් ජයසිංහ – පැරාගේ විරාමය කොලම, ලංකා පුවත්පත

praja.lk

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….