ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 69 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන රට වට බැඳි රන් වැට, ශ්‍රී ලංකා නාවික හමුදාවේ 69 වන සංවත්සරය වෙනුවෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදේශකත්වය හා මඟපෙන්වීම යටතේ ආගමික, සමාජ සුභසාධන සහ නාවික සම්ප්‍රදායන්ට මුල්තැනක් ලබා දෙමින් වැඩසටහන් රැසක් සංවිධානය කරන ලදී.

2019 නොවැම්බර් 27 සහ 28 යන දෙදින අනුරාධපුරය ඓතිහාසික ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස පැවති නාවික ධජයන්ට සෙත්පැතීමේ ධජ පූජාව සහ කප්රුක් පූජාව සමගින් ආරම්භ කරන ලද ආගමික වැඩසටහන් මාලාවේ ක්‍රිස්තියානි දේව මෙහෙය කොළඹ, ශාන්ත ලුසියා දෙව්මැදුරේ ද, මුස්ලිම් ආගමික උත්සවය කොළඹ කොටුව, චැතැම් වීදියේ ජුම්මා මස්ජිඩ් මුස්ලිම් පල්ලියේ ද, හින්දු ආගමික උත්සවය කොළඹ, ශ්‍රී පොන්නම්බලවානේෂ්වරම් හින්දු කෝවිලේදී ද පැවැත්විණි.

2019 නොවැම්බර් මස 29 වන දින වැලිසර, නාවික හමුදා පරිශ්‍රයේදී සර්වරාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනයක් පැවැති අතර, සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනයෙන් අනතුරුව, ‍නොවැම්බර් 30 වන දින ගරුතර මහා සංඝරත්නය විෂයෙහි දානමය පිංකමක් සහ පිරිකර පූජාවක් ද පැවැත්විණි. එහිදී සංඝයාවහන්සේලා විසින් මාතෘ භූමිය වෙනුවෙන් සිය ජීවිතය පූජා කළ නාවික විරුවන්හට සහ ආබාධිත තත්වයට පත් නාවික විරුවන්හට මෙන්ම වත්මන් නාවික හමුදාධිපතිතුමන් ඇතුළු සියලුම නාවික පුද්ගලයන්හට ආශිර්වාද ප්‍රාර්ථනා කරන ලදී.

ජනීය ශ්‍රී දළදා සමිඳුන් අභියසදී ගිලන්පස සහිත බුද්ධ පූජාවක් පැවැත්වීමට ද කටයුතු කෙරිණි. නාවික හමුදාධිපතිතුමන් විසින් අස්ගිරි පාර්ශවයේ සහ මල්වතු පාර්ශවයේ මහානායක හිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව ශ්‍රී දළදා මාලිගය පරිශ්‍රයේදී උත්තම ශ්‍රී දන්ත දාතූන්වහන්සේ උදෙසා පූජාවක් ද ගරුතර මහා සංඝරත්නය විෂයෙහි දානය පිළිගැන්වීම ද සිදු විය. මෙම අවස්ථාවන් සඳහා ‍නාවික හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි, අරුන්දති උදිතමාලා ජයනෙත්ති මැතිණිය, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, නාවික විධානයන් භාර ආඥාපතිවරුන්, අධ්‍යක්ෂක ජෙනරාල්වරුන්, ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, නාවිකයන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් ද එක්වී සිටියහ.

තවද, 69 වන නාවික දිනය වෙනුවෙන්  ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අණදෙන නිලධාරි, කපිතාන් මහේෂ් ද සිල්වා ගේ අංශ පිරික්සුමක් පැවැති අතර, එහිදී අණදෙන නිලධාරිතුමා විසින් නැව් මුළුව ඇමතීමට ද කටයුතු කරන ලදි. අනතරුව, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නන්දන ජයරත්න ගේ ප්‍රදානත්වයෙන් නිලධාරීන් සහ නාවිකයන්ගේ සහභාගීත්වයෙන් මංගල භෝජන සංග්‍රහයක් පැවැත්වීමට කටයුතු කරන කරන ලද අතර, ඒ සඳහා නාවික හමුදා මූලස්ථානයට සහ ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ නිලධාරීන් මෙන්ම නාවික පුද්ගලයින් විශාල පිරිසක් ද එක්වී සිටියහ.

මිට සමගාමීව සියළුම නාවික විධානයන්හි සර්ව ආගමික කටයුතු, ප්‍රජා සත්කාරක සහ සමාජ සුභසාධන වැඩසටහන් රැසක් ද සංවිධානය කර තිබුණි.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….