GMOA වෙතින් තද දැනුම් දීමක්

GMOA – Government Medical Officers' Association

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

නිරායුධ පොදුජන අරගලය මිලේච්ඡත්වයෙන් මර්දනයට එල්ල කර ප්‍රහාරයට විරෝධය සහ ස්වාධීන විමර්ෂණයක් ඉල්ලා සිටීම.

වර්තමාන රජයේ දැඩි මූල්‍ය සහ ආර්ථික කළමණකාරණයේ අසමත්භාවය නිසා අද වන විට දේශපාලන හා සමාජ අර්බුදයක් වෙතට ගමන් කරමින් පවතී.

තම මූලික අවශ්‍යතාවයන් සපුරාගැනීමට නොහැකි වීමත්, උසුලාගත නොහැකි ජීවන වියදමත් නිසා අහිමි වෙමින් පවතින තම ජීවත් වීමේ අයිතිය වෙනුවෙන් ජාති, ආගම්, පක්ෂ පාට බේදයකින් තොරව මහජනතාව වත්මන් රජයට සහ දේශපාලන ක්‍රමවේදයට එරෙහිව අනවරත අරගලයක නිරත වී සිටියි.

මෙම ජන අරගලය ප්‍රචණ්ඩත්වයට යොමු කිරීම සඳහා රාජ්‍ය සහ රාජ්‍ය නොවන විවිධ කණ්ඩායම් දිගින් දිගටම කටයුතු කරන බව නිරීක්ෂණය කළෙමු. ඊයේ දිනයේ දී තම මුලික අවශ්‍යතා වෙනුවෙන් හඩ නැගූ නිරායුධ සිවිල් ජනතාවට රඹුක්කන ප්‍රදේශයේ දී ආරක්ෂක අංශ මගින් එල්ල කරන ලද මාරාන්තික සහ ම්ලේච්ඡ ප්‍රහාරය එහි ප්‍රතිඵලයකි.

නීත්‍යානුකූල අවම බලය භාවිතා කිරීම වෙනුවට ආරක්ෂක අංශ විසින් නිරායුධ ජනතාවට එල්ල කර ප්‍රහාරය නිසා මේ වන විට එක් පුද්ගලයෙක් අවාසනාවන්ත ලෙස මරණයට පත්වී ඇත.

කෑගල්ල, රඹුක්කන සහ නුවර රෝහල්වලට මේ වන විට තුවාලකරුවන් 35 දෙනෙකු පමණ ඇතුලත් කර ඇත. ඔවුන් අතරින් තිදෙනෙක් තවමත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති. මෙම තුවාලකරුවන්ගේ ශරීරයේ උරස් හා උදර කුහර ප්‍රදේශ වලට ජීවඋණ්ඩ භාවිතය නිසා සිදු වූ දරුණු තුවාල නිරීක්ෂණය වන බව අපගේ සංගමයේ කෑගල්ල ශාඛාව අප දැනුවත් කර ඇත.

මෙම අමානුෂික ප්‍රහාරය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර, ඒ පිළිබඳව වහාම අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකර ඊට වගකිව යුතු සියලුම දෙනා සම්බන්ධයෙන් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගත යුතු බවත්, මෙම සිදුවීමෙන් අගතියට පත් සියලුම දෙනාට වහාම සාධාරණය ඉටු කළ යුතු බවත් අවධාරණය කරමු.

වත්මන් පාලකයින් ජනතාවගේ සැබෑ ගැටලු වලට විසඳුම් සෙවීම පසෙකලා, ප්‍රජාතන්ත්‍රවාදී අරගලය ප්‍රචණ්ඩත්වය මගින් මර්දනය සඳහා උත්සහා කරමින් සිටියි. පීඩනයට සහ අසහනයට පත්ව සිටින ජනතාව ප්‍රකෝප කිරීම සහ ප්‍රචණ්ඩත්වයට පෙළඹවීම තුළින් රට තුළ අරාජිකත්වයක් ඇතිවීමේ අවදානමක් මතු වී ඇත. මෙමගින් රට නැවතත් 88/89 යුගයේ මෙන් හැරවිය නොහැකි අර්බුදයක් කරා ගමන් කිරීමේ අවදානමක් ඇත. ඒ සදහා වත්මන් අසමත් පාලකයන් සහ දේශපාලනඥයන් ඍජුව වගකිව යුතුය.

දැඩි ඖෂධ සහ ඉන්ධන හිගය හමුවේ කඩාවැටෙමින් පවතින සෞඛ්‍ය ධාරිතාව මෙවැනි ප්‍රචණ්ඩත්වය නිසා ඇති වන ආපදා හමුවේ තවදුරටත් අර්බුදයට ලක් වේ. තම ජිවත් වීමේ අයිතිය තහවුරු කර ගැනීම සදහා සමකාමීව අරගල කරන බුද්ධිමත් ජනතාව ප්‍රචණ්ඩත්වය සදහා යොමු කරවීමට ගන්නා කූඨ උත්සාහය වටහා ගෙන බුද්ධිමත්ව කටයුතු කරන ලෙස ජනතාවගෙන් අප ඉල්ලා සිටිමු.

මෙම තීරණාත්මක අවස්ථාවේදී වත්මන් අසමත් පාලනය සහ ජරාජීර්ණ ක්‍රමවේදය වෙනස් කිරීම වෙනුවෙන් සිදුකරන ජනතා අරගලයේ දී ජනතා අයිතීන් වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අඛණ්ඩව පෙනී සිටින බව ප්‍රකාශ කරමු.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….