තොණ්ඩමන් ආණ්ඩුව අතහරී

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයා වෙත පැවරි ඇති බලතල අවම කිරිම සදහා සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට ලංකා කම්කරු කොන්ග්‍රසයේ පුර්ණ සහයෝගය ලබාදිමට තම පක්ෂය (25) දින පැවති විශේෂ සාකච්ඡාවකින් පසු තිරණය කල බව එම පක්ෂයේ සභාපති , භාණ්ඩාගාරික සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතා පැවසිය.

මාධ්‍යට (25) දින විශේෂ ප්‍රකාශයක් කරමින් මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතා මෙසේ පැවසිය.

රටේ ජනතාව විශේෂයෙන් වතුකරයේ ජනතාව ජිවන වියදම ඉහල යාම , ඉන්ධන මිල ඉහල යාම,ගැස් හිගය , විදුලි කප්පාදුව හේතුවෙන් දැඩි පිඩාවට පත් වි ඇති නිසා තම පක්ෂය රජයට ලබාදුන් සහයෝගයෙන් ඉවත් වුණා.

සමගි ජන බලවේගයෙන් ගෙන ආ විශ්වාසභංග යෝජනාව පිලිබදව බොහෝ දෙනෙකුට විශ්වාසයක් තිබුණේ නැ.

ඒ නිසා අපි ඒකට සහයෝගය දෙන්න තිරණය කරලා තිබුණේ නැ.

අද වෙනකොට රටේ බහුතර ජනතාව ආණ්ඩුවට එරෙහිව පාරට බැහැලා ඉන්න අවස්තාවේ විශ්වාසභංග යෝජනාව දිනන්න පුළුවන් කියලා වැඩි පිරිසක් විශ්වාසයෙන් කටයුතු කරනවා.

ඒ අනුව තමයි අපි කොටගල ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේදි අපේ පක්ෂයේ මහ ලේකම් ජිවන් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ සියළුම ජෙෂ්ඨ නායකයින් සමග විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවේ විශ්වාසභංග යෝජනාවට සහයෝගය දක්නවාද නැද්ද යන්න පිලිබදව.

ඒ අනුව අප පක්ෂය ඒකමතිකව තිරණය කලා විශ්වාසභංග යෝජනාවට පක්ෂව සහයෝගය දක්වන්න.

අපි හැමදාම තිරණයක් ගන්නේ හොදට හිතලා බලලා,අපි වෙනත් අයට ඕනි විදිහට තිරණය ගන්නේ නැ, සමහරුන් අපිව විවේචනය කරනවා අපි බුද්ධිමත් තිරණ ගන්නේ නැ කියලා.

අපි නිසි වේලාවට බුද්ධිමත් තිරණ ඕනි තරම් ඉතිහාසයේ අරගෙන ජයග්‍රහණ ලබාගෙන තියෙනවා.

ඒ අනුව තමයි විශ්වාසභංග යෝජනාවට සහයෝගය දක්වන්න අපේ පක්ෂය ඒකමතිකව තිරණය කලේ යනුවෙන්පැවසිය.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජාතික සංවිධායක පි.සත්තිවේල් මහතා මාධ්‍යට අදහස් ප්‍රකාශ කිරිම මේ සමග එවා ඇත.

හැටන් රංජිත් රාජපක්ෂ

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….