අගමැති ආයෙත් අමාරුකම් කියයි – ඉන්ධන ඉල්ලුමෙන් ලබා දෙන්නේ සීයයට 50යි

ranil

නැවත වතාවක් ජාතිය අමතමින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්ධන හා ගෑස් හිගය පිළිබදව අදහස් දැක්වීය.

එහිදී වික්‍රමසිංහ මහතා කියා සිටියේ ජනතාව තව ඉවසා සිටිය යුතු බවයි.

ඉදිරියේදී තවත් බදු පැනවීමට නියමිත බවද ඒ මහතා කීය.

“මේ සති 03 තුල ඉන්ධන ගැන අමාරුම කාලය ඇවිල්ලා තියෙන්නේ. විශේෂයෙන්ම ගෑස් සහ ඉන්ධන ලබා ගැනීමට තිබෙන පෝලිම් වලින් පෙනී යනවා. දැනට ගෑස් රැගත් එක නෞකාවක් මේ වන විට ඇවිත් තියෙනවා.

එම නෞකාවේ ගෑස් මෙට්ට්‍රික් ටොන් 3,500ක් තිබෙනවා. මේ ගෑස් ලබා දෙන්නේ විශේෂයෙන්ම තොගය ලබා දෙන්නේ රෝහල්, හෝටල් සහ ආදාහනාගාර වැනි කණ්ඩායම් වලට ලබා දෙන්න. ඊට පසුව එන ගෑස් නෞකා වලින් මාස 04කට සරිලන ගෑස් ලබා ගන්න. ඒ සඳහා දින 14ක කාලයක් ගත වෙනවා. නුමුත් අපි බලාපොරෝත්තු වෙනවා එක නැවක් හරි ලංකාවට ගෙන්න ගන්න.

අපි අඛණ්ඩව ඉන්ධන ලබා දෙන්න තීරණය කළා. නමුත් අඛණ්ඩව ඉන්ධන ලබා දෙන්න පුළුවන් වන්නේ දැන් තිබෙන ඉල්ලුමෙන් සියයට 50ක් විතරයි. එකෙත් ප්‍රමුඛත්වය ලබා දෙනවා විදුලි බල උත්පාදනය, ප්‍රවාහනයට මෙන්ම තවත් අත්‍යවශ්‍ය සේවා රැසකට.

මේ වගේ දැන් තියෙන ඉන්ධන තොග වලින් අපට දවස් 07කට පමණයි. නුමුත් මේ මාසේ 16 වෙනිදා ඩීසල් මෙට්ට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවක් දිවයිනට පැමිණෙනවා. ඒ වගේම තවත් ඉන්ධන නෞකා දෙකක් තියෙනවා. පෙට්ට්‍රල් නැවක් සහ ඩීසල් නැවක් ලබා ගෙන තිබෙනවා. දැනට තියෙන තත්ත්වය අනුව මේ මාසය අවසන් වෙනකම් අපි ඉන්ධන නෞකා ලබා ගෙන තිබෙනවා.

ඒ වගේම ලබන මාසයටත් අපි ඉන්ධන නෞකා දෙකක් ලබාගෙන තියෙනවා. ඊට පස්සේ ඉන්දියාව සමග අත්සන් කරන නව ගිවිසුම අනුව මාස 04කට අවශ්‍ය ඉන්ධන ලබා ගන්න පුළුවන්.

නුමුත් මේ ඉන්ධන ලබා දෙන්නේ සීයයට 50ක ඉල්ලුමක් අනුවයි.

ඉන්ධන ලබා ගැනීමේදී අපිට විදෙස් මුදල් ගැටලුව පැන නැගුණා. ඒ ගැටලුව ගැන කතා කරද්දී එක් රාජ්‍ය බැංකුවක රුපියල් තිබුනෙත් නැහැ. පස්සේ මම කැබිනට් මණ්ඩලයට ගිහින් අනුමැතිය අර ගත්තා මුදල් මුද්‍රණය කරන්න. මේ හේතුව නිසයි නව බදු පැනවීමක් සිදුකලේ. ඒ වගේම තවත් බදු කිහිපයක් පැනවීමට තියෙනවා.

මේ වසර අවසන් වෙද්දී රුපියලේ හිඟකම නැති කරන්න අවශ්‍ය පියවර ගන්නවා ඒ වගේම විදෙස් සංචිත ගැටලුව නැති කර ගන්නයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය බලාපොරොත්තු වෙන්නේ” අගමැතිවරයා ප්‍රකාශ කර සිටියා.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….