අන්තෝ ජටා – බහී ජටා (පඹගාල ලිහාගනු පිනිස..!!)

ත්‍රිවිද හමුදාපතිවරුන් සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීයා සහ පොලිස්පති රනිල් වික්‍රමසිංහට කියලා තියෙනවා වහාම ඉල්ලා අස්වෙන්න කියලා. ඒකම පක්ෂ නායකයනුත් අද තිබුණ රැස්වීමේදී එක හඬින් කියලා තියෙනවා. දැනගන්න තිබෙන විදිහට තවමත් ‘ජනතාව විසින් පන්නා දැමූ ජනපති’ගේ ඉල්ලා අස්වීම කතානායකට ලැබිලා නෑ. ඒක කවදා ලැබේවිද කියන්න දන්නේ නෑ.
ඒ අතර රනිල් වික්‍රමසිංහ කතානායකවරයාට කියලා තිබෙනවා වැඩබලන ජනාධිපති විදිහට වහාම සුදුසු කෙනෙක් අගමැති විදිහට පත් කරන්න කියලා. අද (13) හවස තිබුණ පක්ෂ නායක රැස්වීමේදී ත්‍රිවිද හමුදාපතිවරුන් ප්‍රමුඛ ආරක්ෂක ප්‍රධානීන් පාර්ලිමේන්තුව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වෙඩි තැබීම සඳහා අවසර ඉල්ලා තිබෙනවා. ඒකට පක්ෂ නායකයන් අවසර ලබාදී නෑ.
දැන් පෙනෙන්න තිබෙන දෙය තමයි පොදුජන පෙරමුන මේ තත්ත්වය කලමණාකරණය කරගැනීම වෙනුවෙන් කිසි දෙයක් නොකරන බව. කිසිඳු මැදිහත්වීමක් නොකර කාලය ගැනීම ඔවුන්ගේ උපාය විය හැකියි. රනිල් වික්‍රමසිංහට අවශ්‍ය දෙක කරගන්නට ඉඩදී බලාසිටින්න යැයි ඔවුන්ට රාජපක්ෂවරුන්ගෙන් උපදෙස් ලැබුණා වියහැකියි.
මේ තිබෙන තත්ත්වය තුළ වෙන්න පුලුවන් ලොකුම දේ තමයි රටේ දේශපාලන නායකත්වයක් නැතිනිසා යැයි කියමින් හමුදාව බලය අතට ගැනීම. මොකද මේ තත්ත්වය තුළ ඔවුන්ට නිවැරැදි අණදීමක් නැත්තන් ඔවුන් විශාල අවිනිශ්චිත තත්ත්වයකට ඇදවැටෙනවා. පාර්ලිමේන්තුව සහ රාජ්‍යය ආරක්ෂා කිරීම සඳහා තමන් බලය අතට ගන්නවා කියන දේ මේ තත්ත්වය තුළ ඔවුන්ට ඕනෑම වෙලාවක කියන්න පුලුවන්.
ඒනිසා මේ වෙන දේවල් ජනතාව විදිහට අපිට හැම අතින්ම අවාසි සහගතයි. ලෝකයේ නරකම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට වඩා හමුදා පාලනයක් නරකයි.
ජනාධිපතිවරයා රටේ නැහැ. ඔහු ඉල්ලා අස්වෙන්නෙත් නෑ. එහෙනම් කතානායකට සහ අග්‍රවිනිසුරුට මේ තත්ත්වයට මැදිහත් වෙන්න පුලුවන්ද? ඒක ඉතාමත් වැදගත් මේ අවස්ථාවේ. මටනම් හිතෙන්නේ ව්‍යවස්ථාව අස්සේ ඒකට ඉඩක් තිබෙනවා. ඒත් මේ තත්ත්වය තුළ කතානායක හැසිරෙන්නේ ළඳරුවෙක් වගේ. ඔහු ගිරවෙක් වගේ ජනතාව විසින් පන්නලා දාපු ජනාධිපති එවන නිවේදන සහ අගමැති රනිල් වික්‍රමසිංහ එවන නිවේදන කියවන එක විතරයි කරමින් ඉන්න බව අපිට පේන්නේ. ඔහු මේ වෙලාවේ වැඩිහිටියෙක් වෙලා මේ අර්බුදය සමනය කරගන්න මැදිහත් වෙන්න ඕනී. එහෙම නැත්තං ශක්තිමත් මිනිහෙක්ට වහාම පාර්ලිමේන්තුව රැස්වෙලා මේ තනතුර දෙන්න ඕනී.
මගේ අදහස නම් මේ වෙලාවේ කරන්න තියෙන හොඳම දේ වහාම පාර්ලිමේන්තුව රැස්වෙලා මේක ගැන ඉක්මන් තීරණයක් ගැනීම කළ යුතුයි. පාර්ලිමේන්තුව පැය 24ක් හෝ එකදිගට රැස්වෙලා මේ වෙලාවේ රට වෙනුවෙන් එකමිටට තීන්දු තීරණ ගන්න ඕනී.
දැන් නිර්මානය වෙලා තිබෙන තත්ත්වය සමනය කරන්න නම් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් වගේ කෙනෙක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගෙනල්ලා වහාම ඔහු ජනාධිපති ධුරයට පාර්ලිමේන්තුවේ සියල්ලන්ගේම එකඟතාවයෙන් පත් කළ යුතුයි. තවත් රහස් ඡන්ද තිය තිය මේක කරන්න ගියොත් ජනාධිපති කෙනෙක් පත්කරගන්න කොට රටක් නොතියෙන්න පුලුවන්. මේවා කරන්න මහා කාලයන් අවශ්‍ය නෑ. මේ තියෙන අර්බුදය අස්සේ පැය ගාණක මහංසියකින් මේක කරන්න අමාරු නෑ. අවශ්‍ය හැවෝම එකමිටට එකතුවෙන එක විතරයි.
මේ වෙලාවේ පක්ෂවලින් කෙනෙක් ජනාධිපති විදිහට තෝරන්න ගියොත්, ඒ වෙනුවෙන් රහස් ඡන්ද තියන්න ගියොත්, ඒ හරහා ජනාධිපති වෙන කෙනාත් එපාකියන්න ජනතාව පෙළබෙන්න පුලුවන්. ඒනිසා හොඳම දේ තමයි රටේ හැවෝටම එක ලෙස එකඟ වෙන්න පුලුවන්, පිළිගන්න පුලුවන් සාලිය පීරිස් වගේ කෙනෙක් වහාම ජනාධිපති කිරීම. ඊළඟට පාර්ලිමේන්තුවට පුලුවන් අගමැති කෙනෙක් තෝරගෙන හැම පක්ෂයක්ම නියෝජනය වෙන කැබිනට් එකක් හදන්න.
මේ කිසිදෙයක් අවුරුදු ගණන් ඇදෙන ඒවා නෙවෙයි මාස 06කින් මැතිවරණයකට යන්න බලාගෙන කරන වැඩ වෙන්න ඕනී. ඒක එහෙම වුණාම දේශපාලන පක්ෂවලටත් බය වෙන්න දෙයක් නෑ. ඔවුන්ටත් මාස 06කින් පස්සේ ඕනීනම් තම තමන්ගේ දේශපාලනය ආයෙත් පටන්ගන්න පුලුවන්.
අගමැතිවරයා තෝරනකොට අනුරකුමාර දිසානායක වගේ කෙනෙක්ට අගමැති තනතුර දීම මේ වෙලාවේ කරන්න පුලුවන් තවත් හොඳ දෙයක්. මේ මාස 06 මේ විදිහට කැප කරන්න වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හිත හදාගන්න ඕනී. එහෙම නැතුව මේ ප්‍රශ්නය විසඳාගන්න කවුළුවක් මටනම් පේන්නේ නෑ.
මේ අර්බුදය පෙන්වන විශාලම චිත්‍රය තමයි ජනාධිපති ක්‍රමයක් නඩත්තු කරන්න තරම් අපි විශාල මොළයක් තියෙන මිනිස්සු නොවෙයි කියන දේ. ඒනිසා මේ ඇතිවී තිබෙන තත්ත්වය ප්‍රයෝජනයට අරගෙන වහාම ප්‍රථම පියවර විදිහට ඔය පිස්සු ජනාධිපති ධුරය අහෝසිකරලා දාන්න ඕනී. ඒ වැඩේ කරන්නත් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් වගේ කෙනෙක් හොඳටම ගැලපෙනවා.

-කේ. සංජීව-

aithiya

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….