මිනිස් ජවාරම් හේතුවෙන් දැරියක් අකාලයේ මියයයි

protect

වතුකරය තුල පවතින මිනිස් ජවාරම් හේතුවෙන් වතුකරයේ තවත් අවුරුදු 17 දැරියක් අකාලයේ මිය ගොස් ඇති බව ප්‍රොටෙක් සංගමයේ නුවරඑළිය දිස්ත්‍රික් නායිකා එම්. මෛත්‍රිලි මහත්මිය පවසයි.

ප්‍රොටෙක් සංගමයේ හැටන් කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදි මේ බව පැවසු මෛත්‍රිලි මහත්මිය එහිදි වැඩි දුරටත් මෙසේ පවසන ලදි.
වතුකරයේ සමහර බ්‍රෝකර්වරුන් වතු කරයේ බාල වයස්කාර දැරියන් පිට පලාත්වල නිවාසවල මෙහෙකාර සේවය සදහා රැගෙන යාමත් සමග වතු කරයේ තරුණියන්ගේ ජිවිතවලට දැඩි තර්ජනයන් එල්ලවිමේ අවදානම මේ වන විට වැඩි වෙමින් පවතිනවා.

පසු ගිය වර්ෂයේදි රට තුල දැඩි ආන්දෝලනයකට ලක්වුන ඉෂාලිගේ මරණයත් සිදුවුනේ මේ වතු කරය තුල පවතින මිනිස් ජවාරමේ ප්‍රථිපලයක් ලෙසයි.

එවැනිම තවත් මරණයක් මේ මස 19වන දින ගම්පහා ප්‍රදේශයේ නිවසක නාන තටාකය සුද්ධ පවිත්‍ර කිරිමට යාමේදි දියේ ගිලි මිය ගොස් තිබෙනවා වතුකරයේ මිනිස් ජවාරම් සිදු කරන එක් බ්‍රෝකර්වරයකු විසින් ගම්පහා ප්‍රදේශයේ නිවසක මෙහෙකාර සේවය සදහා මස්කෙළිය මෝකා වතුයායේ වයස අවුරුදු 17ක රමණි නැමති දැරිය රැගෙන ගොස් තිබෙන්නේ එම දැරියගේ මාමාගේද අනු දැනුම මතයි.

මෙම දැරිය ජිවත්ව තියෙන්නේ මාමා සමගයි මෙම දැරිය අධ්‍යාපනයද නතර කර ඇති දැරියක් බවයි දැන ගන්න තියෙන්නේ එසේ සිටින විට මෙම දැරිය ගම්පහා ප්‍රදේශයේ නිවසක මෙහෙකාර සේවයේ යෙදි සිටින විට එම නිවසේ නාන තටාකය සුද්ධ පවිත්‍ර කරන අවස්ථාවේ දියේ ගිලි මිය ගොස් තිබෙනවා.

ඉෂාලිගේ මරණය සිදුවුන අවස්ථාවේදි සමහර බලධාරින් පැවසුවේ වතු කරයේ දරුවන් විවිධ ප්‍රදේශවල නිවාස තුල මෙහෙකාර සේවය සදහා රැගෙන යාම පිලිබදව දැඩි නිති ක්‍රියාත්මක කරන බවයි එත් එම ප්‍රකාශ කතාවන්ට පමනක් සිමා වෙලා තියෙන්නේ.

මේ වතුකරයේ තරුණ ජිවිත විවිධ ප්‍රදේශවල මෙහෙකාර සේවය සදහා යොමු කිරිම් තුලින් සිදුවන්නේ වතු කරයේ තරුණ ජිවිත විශේෂයෙන් වතුකරයේ තරුණියන් අකාලයේ මිය යාමයි.

වතුකරය තුල සිදු කරන මෙම මිනිස් ජවාරම් පිලිබදව අදාල බලධාරින්ගේ දැඩි අවදානය යොමු විය යුතුයි එසේ නොවුනහොත් මේ වතු කරයේ තරුණ ජිවිත අකාලයේ විනාශ විම තවත් වර්ධනය වෙන්න පුලුවන්.

ප්‍රොටෙක්ට් සංගමයේ හැටන් කාර්යාලය නව ස්ථානයක ආරම්භ කිරිම මේ මස 26වන දින සිදු කරන බව එම සංගමයේ නුවරඑළිය දිස්ත්‍රික් නායිකා එම්.මෛයිදිලි මහත්මිය පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම මහත්මිය පවසන ලද්දේ ප්‍රොටෙක්ට් සංගමයේ නව කාර්යාලය හැටන් ඩංබාර් පාරේ අංක 18 දරණ ස්ථානයේ ස්ථාපිත කර ඇති බවත් එම කාර්යාලය 26වන දින පෙරවරු 10.00 විවෘත කිරිමට පියවර ගෙන ඇති බවත්ය.

මෙම අවස්ථාවට ප්‍රොටෙක්ට් සංගමයේ සභාපති තුමන් ඇතුළු කාර්ය මණ්ඩලය හා හැටන් කම්කරු කාර්යාලයේ නිලධාරින් පිරිසක්ද එක් වන බවද මෛයිතිලි මහත්මිය වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….