අපේ සිහිනය අපමය. වෙනස අපම වන්නෙමු.

ajith-parakum

අපි කට ඇරියෙ ජනප්‍රිය අරගල රැල්ලට බයේ සියලුදෙනා දත් මදින්නයි, කන්නයි විතරක් කට අරින තත්වයට පත්වෙලා හිටපු ලංකාවක. අපටත් මේක සූම්වලින් එහෙම කරන්න තිබුණා. ඒත්, අපි කොළඹ, මහවැලි කේන්ද්‍රයේ සම්මන්ත්‍රණයක් කරන්නට ඕනෑය කියලා තීරණය කළේ මේ අභියෝගයට අපි මුහුණදිය යුතු නිසායි.

ජනප්‍රිය බොරු හා අර්ධ සත්‍යවලට බයවෙලා ඇත්ත කතා නොකර මේ රට ගොඩගන්න බැහැ. අපේ හීනය අපි ඊයෙ පැහැදිලිව කිව්වා. අපේ ප්‍රකාශනයෙ කොටසක ඒක මෙහෙම සාරාංශගත වුණා.

“අපේ සිහිනය අපේ ජීවිත මත සුදු අලියෙකු ලෙස කඩා නොවැටුණු, දක්ෂතාවන්ට මුල්තැන දෙමින් පාලනය කරන කාර්යක්ෂම රජයකි. අපේ සිහිනය යථාර්ථවාදී රාජ්‍ය නියාමනයට යටත් වූ සාධාරණ වෙළඳපොළකි. අසාධාරණ රාජ්‍ය බාධාවලින් තොර තරගකාරී වෙළඳපොළ ආර්ථිකයකි. නැති බැරි ජනයා රැකගන්නා සමාජ ආරක්ෂණ ජාලයකි.

“අපේ සිහිනය මෙම තත්වයන්ගේ පැවැත්මට උපකාරී වන, ඒකාධිපතිවාදය පිටුදකින, සියලු ප්‍රජාවන් වෙත සාධාරණ අන්දමින් බලය බෙදී යන ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිට පක්ෂ අභ්‍යන්තරය හරහා සමාජය හා පවුල දක්වාම විහිදෙන සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයකි.

“අපේ සිහිනය රාජ්‍ය හෝ වෙනත් බලහත්කාරයන් හා ප්‍රචණ්ඩත්වය වෙනුවට නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත දේශයකි.
“අපේ සිහිනය දහසක් මත ගැටෙන, දහසක් මල් පිපෙන සාමකාමී, සුන්දර සිරි ලංකාවකි.
“අපේ සිහිනය අපමය. වෙනස අපම වන්නෙමු.”

අපි විශ්වාස කරන විදියට මේක තමයි ලංකාවෙ මිනිසුන් දකින, සැබෑවක් කරගත හැකි, සැබෑවක් කරගත යුතු සැබෑ සිහිනය.
සමාජවාදී විප්ලවයේ සිට ආණ්ඩු ගහලා පන්නන එක දක්ව ව්‍යාජ දර්ශනවලින් ලංකාවෙ මිනිසුන්ව රවටලායි තියෙන්නෙ.
පාලකයන් හොරකම් කළ බව ඇත්ත. ඒත්, දූෂණය පාලකයන්ට විතරක් සීමා වුණ එකක් නෙමෙයි. පාලකයන් හොරුන් වෙන්නෙ ඇයි? මැතිවරණයකින් බලයට පත්වෙන්නට නම් අතිවිශාල ධනස්කන්ධයක් තියෙන්නට ඕනැ. ඒ වියදම් කළ මුදල් ආපහු හොයන්න ඕනැ. ඒ වගේම සල්ලි දුන්න අයගෙ අපේක්ෂා ඉටුකරන්නත් ඕනැ. ඊළඟ ඡන්දෙ ගැන හිතන්නත් ඕනැ. මේ විෂම චක්‍රයට අහුවුණ අයට ගැලවීමක් නැහැ. ඒ චක්‍රයට අහු නොවී කොයි තරම් සුපිරිසුදු කෙනෙකුට වුණත් බලය ලබාගන්නත් බැහැ.

මේ දේශපාලන ක්‍රමය වෙනස්කරන්නට නම් මැතිවරණ ක්‍රමය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රතිසංස්කරණය කරන්නට ඕනැ.
ඒ වගේම තමයි, ලංකාව ණය ගෙවීම පැහැරහැරි බංකොලොත් ආර්ථිකයක් බවට පත්කළ ද්විත්ව අර්බුදයන්ගෙන් ලංකාව බේරාගැනීම සඳහා අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකළ යුතුයි. රාජ්‍ය ආදායම් වැඩි කරගත යුතුයි. වියදම් අඩු කරගත යුතුයි. ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් රජය ව්‍යවසායන්ගෙන් ඉවත් වී නියාමනයට සීමාවිය යුතුයි. පෞද්ගලික අංශය දිරිගැන්විය යුතුයි. රජය රැකියා දෙන ස්ථානයක් වෙනුවට මහජන සේවාවට මුල්තැන දෙන ආයතනයක් බවට පත්කළ යුතුයි.

මේ සියල්ල අතර, අවදානමට පත්වන පුද්ගලයන් ඉලක්ක කර සහනාධාර දිය යුතුයි. එහෙත්, සහනාධාර මුවාවෙන් වැඩි මිලට ආනයනය කළ භාණ්ඩ අඩු මිලට නොවිකිණිය යුතුයි. දිළිඳු ජනයා වෙනුවෙන් දෙන සහනාධාර ධනවතුන්ට මංකොල්ලකෑමට ඉඩ නොදිය යුතුයි.
මේ සිහිනය ගැන අපි කතා කළා. විශේෂයෙන්ම, චින්තන විකල්ප ජීවිතයක් ගැන අගනා ඉදිරිපත් කිරීමක් කළා. මහාචාර්ය රොහන් සමරජීවගේත්, දුලාන් දසනායකගේත් ඉදිරිපත් කිරීම් සාරගර්භයිි. වසන්තිත්, ශානිකා හසංගිත් වැඩේ හොඳින් මෙහෙයෙව්වා. මතුපිටින් පෙනුණෙ අප ටික දෙනා විතරක් වුණාට පසුබිමේ ඉඳගෙන අපේ කණ්ඩායම වැඩේ බර ඇද්දා. මුදලින් ආධාර කළා. ඉදිරි වැඩ සඳහාත් මුදලින් ආධාර කිරීමට ඇතැමෙක් ඉදිරිපත් වුණා. සංවිධාන කටයුතු භාරගත්තා. ඒ අය දේශපාලකයන් හෝ වෙනත් එවැනි බලවේග නොවෙයි. අප වැනිම වූ සුන්දර රටක් හා යහපත් අනාගතයක් ගැන සුබවාදී සිහින දකින මිනිසුන්. මෙතන මහ ලොකු දෙයක් නොවුණට අපි යමක් පටන් ගත්තා. පළමු පියවර තිබ්බා.

ව්‍යාජත්වය වෙනුවට අපි ඇත්ත වෙනුවෙන් පෙනී සිටිනවා. මේ අප සැමගේ ඇත්ත උවමනාවන්. අපි ඒ සිහින සැබෑ කරගන්නට අපට හෝ අප කැමති අහවලාට බලය දෙන්නැයි කියන්නේ නැහැ. දේශපාලන බලය හුවමාරු කරගැනීම දේශපාලකයන්ගේ වැඩක්. කුමන නායකයා බලයට පත්වුණත්, අප කියන්නේ මහජනයාගේ සිහිනය වන තිරසරව සංවර්ධනය වන රටක් වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකළ යුතු බවයි.
අපි ඒ ප්‍රතිසංස්කරණ සිදුකරන ඕනෑම බලවේගයකට අපේ නොමසුරු සහයෝගය දෙන්නට සූදානම්.

පරණ කතා අතහැරලා අපි රට වෙනුවෙන් යළි එක්වෙමු. අපට ඉන්න පුළුවන් රටක් නැවත හදාගන්න වැඩකරමු.

අජිත් පැරකුම් ජයසිංහ

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….