නිර්මානි මිතුරියගේ අකල් වියෝව

nirmani

ගෝඨාගෝගම අරගල භූමියේ බුද්ධිමය සංවාද සිදු කෙරුණු ‘පුරවැසි සභාව’ වෙනුවෙන් විශාල කාර්යභාරයක් කළ නිර්මාණී ලියනගේ හදිසියේ අභාවප්‍රාප්ත වී තිබේ. සෙනසුරාදා සන්ධ්‍යා කාලයේ ලංකා හොස්පිටල්ස්හිදී හදිසි හෘදයාබාධයකින් ඇය ජීවිතයෙන් නික්මුණාය.

බෝල් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ හා මොරටුව විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියකවූ ඇය කොළඹ විශාඛා විදයාලයේ ආදි ශිෂ්‍යාවකි.
පර්යේෂිකාවක, නාගරික සැලසුම් ශිල්පිණියක, අධ්‍යාපනඥයෙකු, ජනවාර්ගික අධ්‍යයන වේදියෙකු වූ ඇය කොළඹ City School of Architecture හි බාහිර කථිකාචාර්ය වරියක ලෙස කටයුතු කළාය.

වඩා යහපත් රටක් වෙනුවෙන් හීන දුටු නිර්මාණි ඉතා දක්ෂ තරුණ නායිකාවක වූ අතර ඒකාබද්ධ වෘත්තීයවේදීන්ගේ ව්‍යාපාරයේ පරිසර කමිටුව හා සම්බන්ධ වී දැඩි කැපවීමෙන් ක්‍රියාකළ ක්‍රියාකාරිණියකි. අගේ හදිසි වියෝව සමීපතමයින්ගේ කම්පනයට හේතුවී තිබේ.

නලාවද? මරුවැලද? කේ සංජීව ලියයි

මේ වෙනකොට ලංකා හොස්පිට්ල්ස් ගැන කතාබහක් ආරම්භ වෙලා. ඒ නිර්මානි මිතුරියගේ අකල් වියෝව සමග. මම රාවයට ඇවිත් 2013 මුලින්ම ලීවේ නවලෝකේ ස්කෑන් මැෂින් එකක් අස්සේ මැරුණු පුංචි මල් කැකුලක් ගැන. මේ මෑතක හේමාස් එකේ දී කරපු සැත්කමක් නිසා අකාලයේ මියැදුන තරුණ කාන්තාවක් ගැන සමාජයෙ ලොකු කතාබහක් ඇති වුණා.
ලංකාවේ පුද්ගලික රෝහල් සමූහයේ තත්ත්වය තමයි මේක. මේක ඇත්තටම පොදු තත්ත්වයක්. මේක පුද්ගලික රෝහල් ජාලයට විතරක් නෙවෙයි රාජ්‍ය රෝහල් පද්ධතියටත් පොදුයි. කවුරුහරි රාජ්‍ය රෝහල් තුළ වෛද්‍යවරුන් ගේ නොසැලකිල්ලෙන් මැරෙන මිනිස් ජීවිත ගැන රිසර්ච් එකක් කළොත් මේකේ පුදුමය අපිට හිතාගන්නත් බැරිවෙයි. මේකට ප්‍රධානම හේතුව තමයි දොස්තර මාෆියාව. දොස්තරවරුන් ගොඩනගාගෙන ඉන්න අසීමිත බලය.
සෞඛ්‍ය පුද්ගලීකරණයට කෑගහන අපේ මිත්‍රයෝ මේවා ගැන බරපතළ විදිහට හිතන්න අවශ්‍යයි. ලංකාවේ සෞඛ්‍ය සේවය කියන්නේ මිනිස්සු ජීවත් කරන්න ගොඩනැඟුණ යාන්ත්‍රනයක් නෙවෙයි. මිනිස්සු මරාගෙන කාලා හැදෙන්න ගොඩනැගුණ යාන්ත්‍රනයක්. පිළිකා යාන්ත්‍රනයක්. මගේ අම්මා පිළිකා රෝගියෙක් උනාට පස්සේ මට මේක හොඳටම පෙනුනා. මම ඒක ප්‍රායෝගිකව තවමත් අද විඳිමින් ඉන්නවා.
තාජුඩීන් මරලා දැම්මාම ඒකට බොරු වාර්තාවක් දෙන්නේ අධිකරණ වෛද්‍යවරයා. ලසන්ත වික්‍රමතුංග මරලා දැම්මා වෙඩි තියලා මරලා තියෙන්නේ කියලා බොරු වාර්තාවක් දෙන්නේ අධිකරණ වෛද්‍යවරයා. මේක මේ සිද්ධි දෙකක් විතරයි.
වෛද්‍ය මාෆියාව ගැන රෝහලකට එන රෝගියෙක් කතාකළොත් ඌට වෙන්නේ රෝහල අස්සේ මැරෙන්න. වෛද්‍යවරයා ප්‍රශ්න කළත් ඒකම තමයි වෙන්නේ.
පුද්ගලික රෝහලකට ගියොත් (ඔය ලංකා ඇතුලු ඕනෑම එකකට) අතේ තියෙන සල්ලි විතරක් නෙවෙයි බැංකුවේ තියෙන සල්ලිත් දීලා යාලුවෙක් ගෙනුත් අතමාරුවක් ඉල්ලගෙන ගෙවලා තමයි එළියට එන්න වෙන්නේ. ඒක තමයි වෛද්‍යවරුන් හරහා ගොඩනැගුන මේ සෞඛ්‍ය මාෆියාව අද වෙනකොට වර්ධනය වෙලා තිබෙන තැන.
රෝහල් පරිපාලනයට ඇයි වෛද්‍යවරුන්ම ඕනී. මට ඒක හැමදාම තිබුණ ප්‍රශ්නයක්. මේක අස්සෙත් තියෙන්නෙත් මේ මාෆියාව මිසක් වෙන බක්කක් නෙවෙයි.
මේ විවේචනය මගේ මිත්‍ර හොඳ වෛද්‍යවරුන් ට නෙවෙයි. නමුත් ඔවුන්ගේ නිහැඬියාවත් කරන්නේ මේ මිනීමරු සෞඛ්‍ය සංස්කෘතියට උඩගෙඩි දෙන එක.
උදේට රෝහලකට ගියාම ලෙඩ්ඩුන්ට වඩා පෝලිමේ ඉන්නේ වෛද්‍යවරුන් මුණගැහෙන්න ඇවිත් ඉන්න ඖෂධ සමාගම් වෙළඳ නියෝජිතයෝ. මම දන්න විදිහට ලෝකයේ දියුණු රටවල මෙහෙම කතාකරලා අහුවුණොත් රස්සාවත් නැති වෙනවා. ඒත් ඇයි ලංකාවේ මෙහෙම?
මම හිතන්නේ ලංකාවේ අධ්‍යාපනයට සහ සෞඛ්‍යට අවශ්‍ය වෙන්නේ පුද්ගිකරණය නෙවෙයි ඒකට අවශ්‍ය හොඳ සංගායනාවක්. ඒ සංගායනාවෙන් පස්සේ මේ මාෆියාව මර්දනය කිරීම සඳහා නීතිමය යාන්ත්‍රනයක් හදන්න ඕනී. නියාමනය ශක්තිමත් කරන්න ඕනී. දොස්තරවරුන් ට එකවර රජයේ සහ පුද්ගලික රෝහල්වල වැඩකිරීම තහනම් කරන්න ඕනී.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….