ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික සැලසුම ලෝක ආහාර වැඩසටහනෙහි විධායක මණ්ඩලය අනුමත කරයි

wfp

ඇමරිකානු ඩොලර් මිලියන 74.87ක් වටිනා 2023 සිට 2027 දෙසැම්බර් දක්වා වන ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික සැලසුම ලෝක ආහාර වැඩසටහනෙහි විධායක මණ්ඩලය අනුමත කර ඇත.

ඒ, ලෝක ආහාර අරමුදලේ ශ්‍රී ලංකා ක්‍රමෝපායික සැලසුම 2023 ජනවාරි මාසයේ සිට බලාත්මක වන අතර, එය ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්ති රාමුව මෙන්ම එක්සත් ජාතීන්ගේ 2023-2027 සඳහා වන තිරසාර සංවර්ධන සහයෝගීතා ප්‍රතිපත්ති රාමුව ( UNSDCF ) සමඟද අනුකූල වන බැවිනි.

රෝමයේ සිටින ලෝක ආහාර වැඩසටහනෙහි විධායක අධ්‍යක්ෂ ඩේවිඩ් එම්. බීස්ලි විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකරමින් සඳහන් කර ඇත්තේ, ලෝක ආහාර අරමුදලෙහි දෙවන නිත්‍ය සැසිවාරයේදී විධායක මණ්ඩලය මෙම අනුමැතිය ලබාදුන් බවයි.

මෙම ශ්‍රී ලංකාවේ උපායමාර්ගික සැලසුම තිරසාර සංවර්ධන ඉලක්ක අංක 02 ට අනුකූලව මෙරට ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණය 2030 වන විට සාක්ෂාත් කරගැනීම සඳහා සැලසුම් කර තිබේ.

එසේම තිරසාර සංවර්ධන ඉලක්ක අංක 1,5,10 සහ 13 ශක්තිමත් කිරීම මෙන්ම තිරසාර සංවර්ධන ඉලක්ක අංක 17 ට අනුව ජාතික මානුෂීය සහ සංවර්ධන ප්‍රතිචාර හවුල්කාරීත්වය ශක්තිමත් කිරීම සඳහාත් මෙම උපායමාර්ගික සැලසුම ඉවහල් වෙයි.

තවද, ආහාර සුරක්ෂිතතාව සහ ඉහළ පෝෂණය අත්පත් කර ගැනීම සහ 2030 වන විට තිරසාර සංවර්ධන ඉලක්ක අත්පත් කරගැනීම සඳහා ශ්‍රී ලංකා රජය දරන ප්‍රයත්නය ලෝක ආහාර වැඩසටහනේ ඇගයීමට ලක්ව තිබේ.

එහිදී කෙටි කාලීන ආහාර ආධාර ලබාදීම සහ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය ඉහළ දැමීම සුරක්ෂිත කිරීමෙන් ශ්‍රී ලංකාවේ අවධානමට ලක්වූ ජනකොටස් ප්‍රමාණාත්මකව අඩු කිරීම සඳහා හැකියාව ලබාදීම තුලින් ශ්‍රී ලංකාවට සහය වන බවත් සඳහන් කර ඇත.

එසේම ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සඳහා රජයේ ආයෝජන ඉහළ නැංවීමට ලෝක ආහාර වැඩසටහන ශ්‍රී ලංකා රජයට තාක්ෂණික සහය සහ ප්‍රතිපත්තිමය උපදෙස් ලබාදෙන බවත් එම ලිපියේ සඳහන් කර තිබේ.

මෙම ලෝක ආහාර වැඩසටහනේ ක්‍රියාකාරීත්වය සඳහා සම්පත් දායකත්වය ලබාදෙන්නේ ස්වේච්ජාවෙනි. එබැවින් ශ්‍රී ලංකාවේ උපායමාර්ගික සැලසුම් සඳහා ලබාදෙන ආධාර, ආධාරකරුවන් ලෝක ආහාර වැඩසටහනට ලබාදෙන්නාවු දායකත්වය මත රඳා පවතී.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….