ප්‍රදේශ රැසක පොල් වගාවට හානි

මෙරට පොල් වගාවෙන් සියයට අසූවක ප්‍රමාණයකට සුදු මැස්සාගේ හානිය පැතිරී ඇති බවත් මේ නිසා ඉදිරියේ දී පොල් හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලයේ මධ්‍යම පළාත් ප්‍රාදේශීය කළමනාකාර වසන්ත කුමාරසිරි බමුණුකොත්ගෙ මහතා පවසයි.

මධ්‍යම පළාතේ පොල් වගාව තුළ සුදු මැස්සාගේ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් ආරම්භ කරන වැඩසටහන් අතුරින් එහි පළමු වැඩසටහන ගම්පොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේ දී සිදු කරමින් ඒ මහතා මේ බව පැවසීය.

තවදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ මෙරට පොල් වගාව ප්‍රධාන ලෙස ඇති දකුණ, බස්නාහිර හා වයඹ පළාත් තුළ මේ වන විට සුදු මැස්සාගේ ව්‍යාප්තිය හා හානිය ශීඝ්‍ර ලෙස පැතිරී ගොස් අවසන් බවයි.

සෙන්ටිමීටර් දෙකක් පමණ ඉතා කුඩා සුදු මැස්සා පොල් පත්‍රවල යටි පැත්තේ වාසය කරමින් පොල් ගසට සිදු කරන හානිය නිසා පොල් ගස ක්‍රමයෙන් කහ ගැන්වී එහි වර්ධනය බාල වීම සමඟ පොල් ඵලදාව ශීඝ්‍ර ලෙස පහත වැටෙමින් පවතින බවත් පොල් ඵලදාව අඩු වීම නිසා අද වෙළෙඳ පොළේ පොල් හිඟයක් මතුවීම සමඟ පොල් ගෙඩියක් රුපියල් 120 -130 අතර මිලකට ඉහළ යෑමේ අවස්ථා තිබෙන බවත් ඉදිරියේදී තවත් පොල් ඵලදාව අඩු වීම නිසා එහි මිල තවත් ශීඝ්‍ර ලෙස ඉහළ යාම වැළැක්විය නොහැකි බවත් එතුමා පෙන්වා දෙයි. මෙම තත්ත්වය මඟ හැරවීම සඳහා පොල් වගා කිරීමේ මණ්ඩලය මඟින් දැනටමත් පියවර රැසක් ගෙන තිබෙන බවත් ඉන් ප්‍රධානම දේ හැටියට සුදු මැස්සා මර්දනය කිරීම උදෙසා කොහොඹ තෙල් සමඟ සබන් කුඩු මිශ්‍රණය ඉසීමෙන් මෙය මර්දනය කළ හැකි බව සොයා ගෙන තිබෙන බවත් එය අඩු වියදම් ක්‍රමයක් වන අතර මෙම ක්‍රමය සඳහා ඉසින ටැංකි 45ක් මේ පළාතට ලබාදී තිබෙන අතර තවත් පහසුකම් රැසක් ලබාදීමට පියවර ගන්නා බවත් පවසා සිටියේය.

ඔබේ ගෙවත්තේ පොල් ගස රැක ගැනීම සඳහා ළඟම සිටින පොල් සංවර්ධන නිලධාරි හමුවන ලෙස අප පොල් වගාකරුවන්ගෙන් ඉල්ලා සිටින බව වසන්ත කුමාරසිරි මහතා පවසා සිටී. මෙම අවස්ථාව සඳහා එක් වූ ගම්පොළ උඩපලාත ප්‍රාදේශීය ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය ද අදහස් දැක්වූ අතර, පොල් සංවර්ධන නිලධාරි එන්. විට්ටච්චි මහතා ඇතුළු ගොවි මහතුන් හා රාජ්‍ය නිලධාරීහු මේ අවස්ථාවට සහභාගි වූහ.

ගම්පොළ සමූහ – සුරංග දිල්හාන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….