අල්ලස, දූෂණය තුරන් කරන මඟ හෙළි කරන දූෂණ විරෝධී පනත් කෙටුම්පත වැදගත් ජයග්‍රහණයකි

parliament-of-sri-lanka Mesothelioma attorney specialized Best-structured settlement annuity companies Purchase structured settlements Offshore accident lawyer premium

දූෂණ විරෝධි පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේදී අනුමැතිය ලබාදීම මඟින්  මෑත යුගයේදී ඉතාමත්ම වැදගත් වූ කාර්යභාරයකට සහය ලබා දුන්  සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සාධාරණ සමාජයක් සඳහා වනජාතික ව්‍යාපාරය සිය කෘතඥතාවය පළ කරනු කැමැත්තෙමු.එමෙන්ම මෙම පනත සම්මත කරගැනීම පිණිස උපදෙස් ලබා දුන් ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයටත් ඒ සඳහා ඉමහත් වෙහෙසක් දරමින් කටයුතු කළ අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා වෙතද අපගේ ස්තූතිය පළ කරන්නෙමු.

දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබදව පාර්ලිමේන්තුව තුළ මෙන්ම එයින් පරිබාහිරවද සිදු කරන ලද සංවාද හා විවාදයන්හිදී ඇතැම් පාර්ශ්ව පෙන්වා දී ඇති ආකාරයට එය සර්ව සම්පූර්ණ එකක් නොවිය හැකි නමුත් ශ්‍රී ලංකාවේ අනාගත යහපත උදෙසා අත්‍යවශයෙන්ම තහවුරු කරගත යුතු දූෂණය තුරන් කිරීමේ දැඩි අවශ්‍යතාවය සැළකීමේදී ගෙන ඇති මෙම පියවර අගය කළ යුතුව තිබේ.

එමෙන් ම සමස්ත රටම අපේක්ෂා කර සිටින ආකාරයට මෙම පනතෙහි අරමුණ සාර්ථක කර ගැනීම උදෙසා එය සම්මත කරගැනීම පමණක් ප්‍රමාණවත් නොවනු ඇත. එකී අරමුණ සම්පූර්ණ කරගැනීමේදී රජයට බරපතල මැදිහත්වීමක් සිදුකල යුතුව ඇති අතර එය සම්පූර්ණ කිරීම රජයේ වගකීමද වනු ඇත. ඒ අනුව ප්‍රථමයෙන්ම දූෂණ විරෝධි කොමිසම ස්ථාපිත කිරීමේදී එය කාර්යක්ෂම අදීන හා නිවහල් ආයතනයක් බවට තහවුරු කල යුතුව තිබේ.ඒ සඳහා පත් කරගන්නා කොමසාරිස්වරුන් පටු දේශපාලන ළැඳියාවන්ගෙන් තොර පුද්ගලයන්ගෙන් විය යුතුම වන අතර සමාජයේ පිළිගැනීමට හා ගෞරවයට හේතු වන ආකාරයේ පුද්ගලයන්ගෙන් ද සමන්විත විය යුතුව තිබේ. එමෙන්ම එම පත්වීම් කල් නොයවා වහාම සිදු කල යුතුව ඇති බවද අපගේ විශ්වාසයයි.

එයට අමතරව මෙම කොමිසම යටතේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී පූර්ණ වශයෙන් ස්වාධීනත්වය තහවුරු වන ආකාරයට පොලීසීයේ හැසීරීම ඉතාමත්ම වැදගත් වන අතර ශ්‍රී ලංකා රේගුව හා අනෙකුත් ආයතන තුළින් ද එකී අපක්ෂපාතීභාවය පිළිබිඹු විය යුතුය.

එමෙන්ම නව අල්ලස් හෝ දූෂණ කොමිසම් සභාව ඔවුන්ගේ විමර්ශනයන්ගෙන් අනතුරුව සිදු කරන සියළුම නඩු කටයුතු ඉතාමත්ම කඩිනමින් අවසන් කිරීමට සියළු පියවර ගත යුතුව ඇති අතර ඒ හරහා අල්ලසට හා දූෂණයට එරෙහිව සැබෑ කැපවීමක් රටට මෙන්ම සමස්ත ලෝකයටද ප්‍රදර්ශනය කල යුතුව තිබේ.විශේෂයෙන් ම එක් එක් ආණ්ඩුවල වෙනස්වීම් අනුව විමර්ශනය කරමින් සිටින චෝදනාවන්ට අදාළව කොමිසමේ ස්ථාවරයන් හා ක්‍රියාමාර්ග වෙනස් නොවිය යුතුව ඇතැයිද එහිදි අපි අවධාරණය කරනු කැමැත්තෙමු.

මෙම පනතට පාර්ලිමේන්තු අනුමැතිය ලැබීම පිළිබඳව සිවිල් සමාජ සංවිධානයක් ලෙස සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සිය සතුට පළ කරනු ලබන්නේ අල්ලස හා  දූෂණයට එරෙහිව බලවත් මැදිහත්වීමක අවශ්‍යතාවය පිළිබඳව අප සංවිධානයේ ආරම්භක යුගයේ සිටම  අඛණ්ඩව පෙනී සිට ඇති බැවිනි.

මීට මාස කිහිපයකට පෙර යෙදුණ දූෂණ විරෝධී අන්තර්ජාතික දිනයේදී අපි මෙවැනි පනතක අවශ්‍යතාවය පිළිබඳව සිවිල් සමාජ සංවිධාන සමඟ එකට එක්ව පෙනී සිටීමක් සිදු කළ අතර එයට අධිකරණ අමාත්‍යවරයාටද ආරාධනා කරමින් සංවිධානයක් ලෙස වන අපගේම වූ යෝජනාවලියක් ද ඉදිරිපත් කරනු ලැබුවෙමු. අප ඒ මඟින් අපේක්ෂා කරන ලද්දේ අප රටට අත්ව ඇති වර්තමාන ඛේදනීය කළදසාව අපගේ අනාගත පරම්පරාවට හෝ උරුම කර නොදීමට අද අප සතුව ඇති වගකීම නොපිරිහෙලා ඉටු කිරීමටය.

ඒ අනුව පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත් පනත ඇතැම් පාර්ශ්ව පෙන්වා දෙන ආකාරයේ යම් අඬු ලුහුඬුකම් තිබිය හැකි වුවත් ඉදිරියේදී ඒවා යථාවත් කරගන්නා තුරු මේ වන විට බලාත්මක කරගත් පනත මඟින් උපරිම දායකත්වයක් රටට ලබාදීමට සියළුම පාර්ශ්ව නොපිරිහෙළා කටයුතු කල යුතුව ඇතැයි අප අපේක්ෂා කරන්නෙමු.

කරු ජයසූරිය.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….