ලංකාවෙ අවලස්සන ලෙනින් – අජිත් පැරකුම් ජයසිංහ

දැන් දේශපාලකයන්ට බැන්නාට, අපේ රටේ ආර්ථික, දේශපාලනික ප්‍රතිසංස්කරණ කරන්නට ජනතාව පාලකයන්ට කවදාවත් ඉඩ දුන්නෙ නැහැ. විශේෂයෙන් වාමාංශිකයන් හැම ප්‍රතිසංස්කරණයකටම විරුද්ධ වුණා. ඒ විතරක් නෙමෙයි, 2005, 2015 වගේ ජවිපෙ ආණ්ඩුකරණයට සම්බන්ධ වුණ අවස්ථාවලදී රාජ්‍ය සේවය උපාධිධාරීන්ට රැකියා දීමට යොදාගැනීම (2005), නීතියට පිටින් හොරු අල්ලන්නට ගිහින් ඒ සියල්ල ජෝක් කර දැමීම (2015 – FCID) වගේ වැඩ කරලා මගදි මාරු වුණා. එළියට ගිහින් ජනතාව අතර කඩාකප්පල්කාරීත්වය පැතිරෙව්වා.

ජනප්‍රියවාදී දේශපාලනය ඇතුළෙ ණය ගන්න පුළුවන් කල් සියලු ආණ්ඩු විසින් කළේ ජනතාව අතර ජනප්‍රිය නැති ක්‍රියාමාර්ග කල් දාලා ණය අරගෙන රජයේ වැටුප්, සහනාධාර, සංවර්ධන සංදර්ශන ආදිය කරමින් බලය රැකගන්න එක. මහින්ද රාජපක්ෂ තමයි මේකෙ පිකාසෝ. දැන් ජවිපෙ අනුගමනය කරමින් ඉන්නෙත් ඒ රාජපක්ෂවාදයම තමයි.

මේ තත්වය වෙනස් කිරීම අනිවාර්ය වන විප්ලවීය අවස්ථාව උදා වුණේ 2022දී. ලෙනින්ලා බිහි වෙන්නෙ සාහිත්‍යයෙන් නෙමෙයි. ප්‍රායෝගිකත්වය ඇතුළෙයි. විප්ලවීය අවස්ථාවකදි බලය ගැනීම ඉතා වැදගත්. ඒකට අවශ්‍ය අවදානම ගන්නට එඩිතරකම තියෙන්නට ඕනැ. එක පාර්ලිමේන්තු ආසනයක් විතරක් තියාගෙන ඒ විප්ලවීය අවස්ථාවට උර දුන්න ලංකාවෙ සැබෑ ලෙනින් තමයි රනිල්.

රනිල්ගේ ඉතිහාසයේ කැළැල් තියෙනවා. වාමාංශික කතිකාව ඇතුළෙ ප්‍රබන්ධකරණය කරපු ඉතිහාසයක් ඔහුට නැහැ. ඔහු අහංකාරයි. චර්යාමය ගැටලු තියෙනවා. හැබැයි, ඔහු අති දක්ෂ ප්‍රායෝගික චින්තකයෙක්. වයස ගියත්, ලංකාවේ බොහෝ තරුණ දේශපාලකයන්ට නැති ගැඹුරින් සිතීමේ හැකියාවක් ඔහුට තියෙනවා. ඒක ඔහුට ඉබේ පහළ වුණ එකක් නෙමෙයි. 1970 දශකයේ සිට මහජන මුදලින් නායකත්වයට පුහුණු කරපු දේශපාලනඥයෙකු වීම තමයි රහස.

ලංකාවේ කළ හැකි මූලික ක්‍රම වෙනස කරමින් ඉන්නවා. ඒක කරන්නෙ ඉතා සියුම් ලෙස බලය හසුරුවමින්. රනිල් පිරිසිදු දේශපාලකයන් හොයන්න ගියේ නැහැ. ඉන්න එවුන්ගෙන් තමයි කරන්නෙ.

කරපු මූලික විප්ලවීය වෙනස්කම් කීපයක් විතරක් කියන්නම්. ණය නැතුව රජයට ආදායම් වියදම් තුලනය කරගන්නට පුළුවන් වීම ඒ අතරින් ප්‍රධානයි. ඒකට තමයි කියන්නෙ ප්‍රාථමික ගිනුමේ ශේෂය ධන අගයක් ගැනීම කියන්නෙ. තවදුරටත් රජයට ණය ගන්නට වෙනවා. ඒ සංවර්ධනය වෙනුවෙන්. ඒ වගේම ණය ගෙවන්නටත් ණය ගන්නට සිදුවෙනවා. මේක සරල කාරණයක් ඔබ ණය ගෙවාගන්නට බැරිව බංකොලොත් වෙලා නම්, මුලින්ම කළ යුතුව තිබෙන්නෙ නොමැරී ජීවත් වෙන්නට පුළුවන් විදියට ආදායම් වියදම් තුලනය කරගන්න එක. කන්න බොන්න නැතුව මැරෙන්නෙ නැතුව ඉඳලා තමයි ණය බේරන්නට පටන්ගන්න වෙන්නෙ. ලංකාවෙ ප්‍රායෝගික විප්ලවය ඔය වගේ දේ මිස දේශීය නිෂ්පාදනය දියුණු කරනවා වගේ වැල් බයිලා නෙමෙයි.

අඩ සියවසකට වැඩි කාලයක් තිස්සෙ කුණු වෙමින් ආපු සිස්ටම් එකක් එක රැයින් හදන්න බැහැ. ඒකට කාලය අවශ්‍යයි. සියලු මූලික වෙනස්කම් කළ යුත්තෙ රජය. ඒ සඳහා මුලින්ම රාජ්‍ය මූල්‍ය විනය හදාගන්නට ඕනැ. ඒ කියන්නෙ ආදායම්-වියදම් තුලනය කරගන්නට ඕනැ. ඒක තමයි පළමු පියවර. පසුගිය කාලෙ කොයි තරම් නීති සංශෝධන ප්‍රමාණයක් කළාද කියල බලන්න. ඒ තමයි දෙවන පියවර. මේ සියල්ල කළේ පටු ප්‍රතිවිප්ලවවාදී විරෝධතා මර්දනය කරමින්. ලෝකෙ ඕනැම රටක විප්ලවීය අවස්ථා කළමනාකරණය කරල තියෙන්නෙ මේ විදියට තමයි. මාර පිළිවෙලට, කිසි අඩු පාඩුවක් නැතුව, ලස්සනට රතු කොඩි දාගෙන නෙමෙයි. විප්ලවයට ඔය බාහිර සංකේත අදාළම නැහැ.

අජිත් පැරකුම් ජයසිංහ

praja

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….