අස්වැසුමට නව ප්‍රතිලාභීන් ලක්ෂ 04ක්

derana news today

ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව අස්වැසුම වැඩසටහන සඳහා නව ප්‍රතිලාභී ලක්ෂ හතරක් මෙම වසරේ සිට ඇතුළත් කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සදහන් කළේය.

අස්වැසුම ප්‍රතිලාභ ලබාදීම සම්බන්ධයෙන් ලැබී ඇති අභියාචනා හා විරෝධතා ලක්ෂ 11ක පමණ ප්‍රමාණයෙන් මේ වනවිට නම ලක්ෂ විසි දහසක පමණ අයදුම් පත්‍ර සලකා බැලීම සිදුකර අවසන් බවත් ඉන් දෙලක්ෂ හතළිස් තුන්දහසක ප්‍රමාණයක් අස්වැසුම ප්‍රතිලාභින් ලෙස නව ප්‍රතිලාභීන් පිරිසක් හඳුනාගෙන තිබෙයි.

නව ප්‍රතිලාභීන් සඳහා ඉල්ලුම්පත්‍ර කැඳවීම සඳහා සැලසුම් මේ වන විට සූදානම් කර ඇති බවත් මෙහිදී අස්වැසුම ප්‍රතිලාභ ලබා ගැනීමට සුදුසුකම් ලබන පුද්ගලයින් ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කරනු ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය.

අස්වැසුම ප්‍රතිලාභ ලබාදීමට කැබිනට් මණ්ඩලය ප්‍රමුඛ පාර්ලිමේන්තුව විසින් ප්‍රතිලාභීන් මිලියන විස්සක් සඳහා අනුමැතිය ලබාදී තිබුණ ද ඉන්පසුව ලැබුණු ඉල්ලීම් මත පවුල් ලක්ෂ විසිහතරක් දක්වා වැඩි කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් බවත් එය මෙම වසරේ සිට ක්‍රියාත්මක කරනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මාර්තු මාසයේදී පමණ දෙවන සමාලෝචනය සිදුකරනු ඇති බවත් ඒ අනුව රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මගපෙන්වීම අනුව කෙටි කාලයක් තුළදී ශ්‍රී ලංකාව තුල ශක්තිමත් ආර්ථිකයක් ඇති කිරීමට හැකි වූවා.

මේ වනවිට සියයට අටකට තිබූ රාජ්‍ය ආදායම 11.2 % දක්වා වැඩිකර ගැනීමට රජයට හැකි වූ බවත් එය 2026 වසර වන විට 15% දක්වා රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම බලාපොරොත්තුව බවද මෙහිදී බදු නොගෙවෙන සහ අඩුවෙන් බදු ගෙවන පිරිස් පිළිබඳව විශේෂ අවධානය යොමු කර ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසිය.

ධනාත්මක ආර්ථික ක්‍රමය සෘණාත්මක ආර්ථික ක්‍රමයක් බවට පත්කර ගැනීම අවධානය යොමු කළ යුතු බවත් පවතින නායකත්වය සමඟ ආර්ථික ප්‍රතිසංස්කරණය තවදුරටත් ශක්තිමත් කරගෙන පවත්වාගෙන යෑම සිදු කළ යුතු බවද රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සදහන් කළේය.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….