හොරු ඇල්ලීම දුෂණ ප්‍රශ්නයේ රෝග ලක්ෂණයක් මිස හේතුව නොවේ – ආචාර්ය ටොම් පාමර්

දුෂිතයින්ට දඬුවම් කිරීම අවශ්‍ය වුව ද එය ආර්ථික අර්බුදයට විසඳුම නොවන බවත්, දුෂණය ප්‍රශ්නයේ රෝග ලක්ෂණයක් මිස හේතුව නොවන බවත් “ඇට්ලස් ජාලයේ” ජාත්‍යන්තර වැඩ සටහනේ විධායක උප සභාපති ආචාර්ය ටොම් පාමර් මහතා ප්‍රකාශ කළේය. පාලනයේ පවතින වැරදි නිවැරදි නොකර දුෂිතයින් ඇල්ලීමෙන් ප්‍රශ්නය විසඳෙනු ඇතැයි සිතා කටයුතු කළ හොත් සිදුවන්නේ එක් දුෂිතයින් පිරිසක් වෙනුවට වෙනත් පිරිසක් බිහිවීම පමණක් බව ඒ මහතා පෙන්වා දුන්නේ ය.

විශාල රජයකින් ජනතාවගේ ආර්ථික නිදහසට අනවශ්‍ය ලෙස මැදිහත් වීම දුෂණයට හේතු වන බව ආචාර්ය පාමර් මහතා පැහැදිලි කළේය.

ආර්ථික අර්බුදවලට මුහුණ දුන් ග්‍රීසියේ සහ යුක්රේනයේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලි සඳහා උපදේශකයකු ලෙස සහභාගී වීමෙන් ලද අත්දැකීම් ඒ මහතා විස්තර කළේය.

ග්‍රීසියේ ආරථික අර්බුදය දික් ගැසීමට හේතු වුයේ එරට දේශපාලනයේ මධ්‍යස්ත පිරිස්වල බලපෑම යටපත් කරමින් අන්ත වාමාංශික සහ අන්ත දක්ෂිනාංශික බලවේග ශක්තිමත් වීම නිසා ය. ආර්ථික අර්බුදයට ඔවුන්ගේ විසදුම් සාර්ථක වුයේ නැත.

කෙසේ වෙතත්, මේ වනවිට මධ්‍යස්ථ පක්ෂයක් බලය ලබා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරමින් සිටියි. දැන් එරට ආරථික වර්ධන වේගය යුරෝපය අභිබවා ගොස් ඇත. ජර්මනියට ද වඩා වේගයෙන් වර්ධනය වෙයි.

ග්‍රීසියේ තිබු එක් ප්‍රශ්නයක් නම් අනවශ්‍ය රාජ්‍ය ආයතන රාශියක් පැවතීමයි. ආයතනයක ගිනි නිවනය පරීක්ෂා කිරීමට රාජ්‍ය ආයතන එකොළහක් තිබිණි. දැන් එය එකක් දක්වා අඩු කොට ඇත. ඒ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව යි.

මෙලෙස රජයේ මැදිහත්වීම් අඩු කරන විට දුෂණයට ඇති ඉඩ අවම වෙයි.

ග්‍රීසියේ මෙන් ම යුක්රේනයේ ද ප්‍රධාන ප්‍රශ්නයක් වුයේ දුෂණය යි. කෙසේ වෙතත්, දුෂණය ප්‍රශ්නයේ හේතුව නොව එහි රෝග ලක්ෂණයක් පමණක් බව තේරුම් ගත් ඔවුහු බදු ක්‍රමය සරල කිරීම ඇතුළු ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළහ.

කවරෙකුට හෝ කිසියම් ආර්ථික තීන්දුවක් ගැනීමට අවශ්‍ය වූ විට ඒ සඳහා පවතින නීතිය පැහැදිලි විය යුතු ය. රාජ්‍ය ආයතන ගණනාවක අනුමැතිය ගැනීම වෙනුවට නීතියෙන් නියම කළ සීමා තුළ බාදාවකින් තොරව කටයුතු කිරීමට අවස්ථාව තිබිය යුතු ය. එවිට දුෂණයට තිබෙන අවස්ථා අඩු වෙයි.

දුෂිතයින් අල්ලා දඬුවම් කිරීමට අවශ්‍ය නම් එසේ කරන්න. නමුත් එය ප්‍රශ්නයට විසඳුම නොවන බව තේරුම් ගැනීම අවශ්‍ය ය.

ප්‍රශ්නයට විසඳුම වන්නේ ක්‍රමයේ තිබෙන වැරදි නිවැරදි කිරීම ය.

අඩ්වෝකාටා ආයතනය සංවිධානය කළ 2024 ආර්ථික සමුළුවට සහභාගී වෙමින් “ඇට්ලස් ජාලයේ “‘ ජාත්‍යන්තර වැඩ සටහනේ විධායක උප සභාපති ආචාර්ය ටොම් පාමර් මහතා මෙම අදහස් පළ කළේය.

ෆ්රේසර් ආයතනයේ නේවාසික නියෝජිත ෆ්‍රෙඩ් මැක්මොහාන්, ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති තිලාන් විජේසිංහ, පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා, , මුදල් අමාත්‍යංශයේ උපදේශක ආර්ථික විද්‍යාඥ ඩැනියල් අල්ෆොන්සස් මහත්වරු ද සාකච්ඡා මණ්ඩපයට සම්බන්ධ වුහ.

මහාචාර්ය රොහාන් සමරජීව මහතා විසින් සාකච්ඡාව මෙහෙයවනු ලැබී ය.

“ඇට්ලස් ජාලයේ” ජාත්‍යන්තර වැඩ සටහනේ විධායක උප සභාපති ආචාර්ය ටොම් පාමර්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….