කොරියානු භාෂා පරීක්ෂණ ප්‍රවේශපත්‍ර අද(26) සිට

2024 වර්ෂයේ කොරියානු භාෂා පරීක්ෂණයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම හෙට (26) සිට 29 වනදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ පමණක් සිදුකිරීමට තීරණය කර ඇත.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ කාර්යාංශයේ නිල වෙබ් අඩවියට (http://www.slbfe.lk) පිවිස Registration for Point System Examination -2024 (Manufacturing, Fishery, Construction, Shipbuilding, Service 1 & Service 2)‍ වෙත පිවිස අයදුම්කරුවන් සිය තොරතුරු ඇතුළත් කළ යුතු බවය.

එසේම 29 වනදායින් පසුව එම සබැඳිය වසාදැමෙන බැවින් ඊට පසුව කිසිදු ආකාරයකින් අයදුම්කරුවෙකුට තොරතුරු ලබාදිය නොහැකි බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය සිය නිවේදනයෙන් පෙන්වාදෙයි.

නිෂ්පොදන, ධීවර, නැව් කර්මාන්තය, ඉදකිරීම්, යන ප්‍රධාන ක්ෂේත්‍ර යටතේ සේවා 1 සහ සේවා 2 යටතේ අයදුම් කළ යුතු වෙයි.

විභාග ප්‍රවේශ පත්‍ර ලබාගැනීම සඳහා සපුරාලිය යුතු සුදුසුකම් පහතින්,

වයස අවුරුදු 18 – 39 අතර අයකු වීම ( 1984 පෙබරවාරි 27 සිට 2006 පෙබරවාරි 26 දක්වා උපන් අයයකුවීම,

උසාවියකින් වරදකරුවකු වී දඩ මුදල් ගෙවීමක් හෝ සිරදඩුවම් නොලැබුණු අයයකු විය යුතුය. එසේම කොරියානු ජනරජ‍යෙන් ආපසු හරවා එවු හෝ නෙරපා හැරි අයකු නොවීම,

ඊ-9 හෝ ඊ-10 යන වීසා කාණ්ඩ යටතේ වසර 05ක් හෝ ඊට වැඩි කාලයක් දකුණු කොරියාවේ සේවය කර නොමැති අයකු විය යුතුවේ.

විභාග ප්‍රවේශපත්‍රය සම්පූර්ණ කිරීමට ප්‍රථම සෑම අයදුම්කරුවෙකුම, ඉදිරියට අවම මාස 03 ක වලංගු කාලයක් සහිත තම ගමන් බලපත්‍රයේ ඡායාරූපය සහිත පිටුව ස්කෑන් කර (1MB විය යුතුය) ගෙන සිටිය යුතු වන අතර මාස 03ක් ඇතුළත ලබාගත් 3.5 cm * 4.5 cm ප්‍රමාණය සුදු පැහැති පසුබිම සහිත පැහැදිළි ස්කෑන් කරන ලද වර්ණ ඡායාරූපයක් (JPG විය යුතුය) සූදානම් කරගෙන සිටිය යුතුවෙයි.

විභාග ප්‍රවේශ ගාස්තුව – ඇමරිකානු ඩොලර් 28 ට සමාන මුදල (රු 8,887/- ) ජාතික ඉතිරිකිරිමේ බැංකුව, ලංකා බැංකුව, හෝ මහජන බැංකුවට ගෙවා අදාළ රිසිට්පත අයදුම්පත්‍රය සමග උඩුගත කිරිම අනිවාර්ය බවද අදාළ නිවේදනයේ සඳහන් කර තිබේ.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….