අධික රස්නයෙන් ගැලවෙන්නේ මෙන්න මෙහෙමයි

අධික වියළි කාලගුණය හේතුවෙන් පාසල් ක්‍රීඩා තරග, වාර්ෂික මහා ක්‍රිකට් තරග සහ එළිමහන් ක්‍රීඩා කටයුතුවලදී ජලය හෝ වෙනත් පාන වර්ග වැඩි වශයෙන් පානය කරන ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා ඉල්ලීමක් කළේය.

දහඩිය සමග වැඩි වශයෙන් සෝඩියම් පිටවන හෙයින් විශේෂයෙන්ම ලවණ සහිත තැඹිලි නාරං කුරුම්බා පොල් වතුර කැඳ දොඩම් සුප් වැනි පාන වර්ග මේ දිනවල වැඩි වශයෙන් පානයට ගැනීම ඉතාමත් සුදුසු බවද හෙතෙම සඳහන් කළේය.

විශේෂයෙන්ම ක්‍රීඩා තරග උදේ වරුවේ හෝ ඉර බැස ගිය පසු සවස් යාමයේ පවත්වන්නේ නම් විජලනය සෑහෙන දුරට වළක්වා ගත හැකි බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා අධික අව් රශ්මිය පවතී නම් සෙවණ සහිත ස්ථානවල ක්‍රීඩා කටයුතු කිරීම වැදගත් බවද ප්‍රකාශ කළේය.

එළිමහනේ කුඹුරු වැඩ කරන, මාර්ගවල වැඩ කරන සහ හමුදාවේ විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙන පිරිස් අධික විජලනයට ලක්විය හැකි හෙයින් වැඩි වශයෙන් වතුර පානය කිරීම වැදගත් බවද ඔහු පෙන්වා දුන්නේය.

අව්ව සහිත වේලාවන්හිදී එළිමහනේ සිටියදී සුදු සරල කපු ඇඳුමකින් සැරසී තොප්පියක් හෝ වෙනත් හිස් වැසුමක් පැළඳීම වැදගත් බව පැවසූ දීපාල් පෙරේරා මහතා මත්පැන් පානයෙන් ශරීර උෂ්ණත්වය තවත් ඉහළ යා හැකි බවද ප්‍රකාශ කළේය.

පාසල් යද්දී දරුවන්මේ දිනවල වතුර බෝතල් දෙකක් රැගෙන යෑම වැදගත් බවත් වතුර වරින්වර බොන ලෙස ගුරුවරුන් දරුවන් දැනුවත් කළ යුතු බවත් ඔහු පැවසීය

එසේම මේ දිනවල දිනකට දෙපාරක් හෝ දිය නෑම ඉතා සුදුසු බවත් දරුවන්ට වතුරේ බැස සිටීමට සැලැස්වීමද ප්‍රතිඵලදායක බවත් විශේෂඥ වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙවැනි ක්‍රියාමාර්ග අනුගමනය නොකළහොත් දරුවන්ට තාප කම්පන තත්වයන් ඇතිවී මරණය පවා සිදුවිය හැකි බව පැවසූ හෙතෙම පාසල් රැසක දරුවන් තාප කම්පන තත්වයන් ඇතිවී ක්ලාන්ත වී ඇතැයි වාර්තාවූ බවද ප්‍රකාශ කළේය.

විශේෂයෙන්ම දරුවන් වාහනවල රඳවා පිටතට යෑමෙන් වළකින්නැයි මවුපියන්ගෙන් ඉල්ලීමක් කරන දීපාල් පෙරේරා මහතා අධික වියළි කාලගුණය සමග නිසි වාතාශ්‍රය නොලැබීම හේතුවෙන් දරුවන් වාහන තුළදී තාප කම්පන තත්වයන්ට පත්වී මරණය පවා ඇතිවිය හැකි බවද පෙන්වා දුන්නේය.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….