සූරියපුර ශෝකාන්තය

dailyreporter

සූරියපුර කියන්නෙ කන්තලේ හා සේරුවිල මාර්ගයේ ඇති කැලයෙන් වටවූ ජනපදයකි. මෙම ජනපදයට දැනට දශක හයකට ආසන්න කාලයක් ගතවී ඇති අතර පදිංචිව සිටින්නේ වැඩිපුරම කන්තලේ ප්‍රදේශයෙන් ගිය ගොවීන් හා ඔවුන් ගේ තරුණ දූ පුතුන් ය.
අති දුෂ්කර කටුක දිවි පෙවෙතක් ගෙවන මෙම ජනපදය අඩුම තරමින් මාසයකට එක වරක් හෝ වන අලින් ගේ පහර දීමක් හෝ වෙඩි වැදුන අලියකුගේ ශෝකාන්තයක් අසන්නට නොලැබුණොත් එය පුදුමයට කරුනක් වනු ඇත.
ආසන්නම සිදුවීම ඉකුත් සතියේ (31) සීනිගමට යන සීනිපුර මාර්ගයේ දී දහම්පාසල් ගිය දියණිය තම නිවසට රැගෙන යමින් සිටි 45 හැවිරිදි කාන්තාවකට පහරදී ඇයගේ කකුල් දෙකම කඩා බිඳ දමා ඇත්තේ පඳුරකට මුවාවී සිටි වන අලියෙකි. අලියා පන්නන අවස්ථාවේ දියණිය සමග මව දිවයද්දී කකුල පැටලී බිම වැටීමෙන් පසු දියණිය බලා සිටිද්දීම කකුල් දෙක පාගා කුඩුකර දමා ඇත්තේ හද කම්පා කරවන තරමේ ශෝකාන්තයක් මුළු ගමටම දායාද කරමිණි.
කෙසේ නමුත් දැන් වසර කීපයක සිට මෙම මාර්ගයේ 9 කණුව ලෙසින් හඳුන්වන ප්‍රදේශය ආශ්‍රිතව මාර්ග අයිනේ ඇති කැලෑ මණ්ඩියක ප්‍රාදේශීය සභා කුණු ලොරියෙන් දින පතාම කන්තලේ නගරයේ එකතුවන කුණු කසල ගෙනෙවිත් දැමීම නිසා එම භූමිය වන අලින්ගේ බොජුන් හලක් බවට පත්ව ඇතැයි ගම්වාසීන් ගේ මැසවිල්ලයි.ඒ වටා අලි වැටක් ඉදිකර තිබුණද කුණු වල ආසන්නයේම එය ඉදිකර ඇති බැවින් අලි එය කඩා බිඳ දමා කුණු වලට පැමිණීම වලක්වා ගත නොහැක්කකි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගොවි සංවිධාන සභාපති තක්ෂිල දේවප්‍රිය මහතා

අලි ගම් වැදීමට මූලික හේතුව කුණු වල බවට අපිට තර්කයක් නෑ.වනජීවී නිළධාරින් ද නිතර දෙවේලේ මේ ගැන කියා සිටිනවා. අලි විශාල සංඛ්‍යාවක් මෙහි කුණු කෑමට එනවා. දවස පුරාම කුණු වලට වෙලා කකා ඉඳලා රාත්‍රී කාලයට ගම් වැදීලා බව භෝග සේරම විනාශ කරමින් මිනිස් ජීවත බිලි ගනිමින් ගෙවල් දොරවල් කඩා බිඳ දමමින් මහත් විනාශයක් කිරීම නිතර දෙවේලේ සිදු වෙන දෙයක්.ඒ වගේම තමා කුණුත් එක්ක ප්ලාස්ටික් අප ද්‍රව්‍ය,ෂොපින් වගේ දේවල් කාලා අලිත්  5 ක් විතර මැරිලා තියෙනවා.ඒකත් මහා අපරාධයක්.”
කුණු වල සම්බන්ධව දැඩි කතාබහට ලක්වූ වකවානුවක එවකට රාජ්‍ය පරිපාලන හා කළමණාකරන නියෝජ්‍ය අමාත්‍ය වරයාව සිටි සුසන්ත පුංචිනිළමේ මහතා ගැටළුවට විසඳුමක් ලෙස ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට කුණු ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට යෝජනා කර තිබුණි. අදාල යෝජනාව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේ අනුමැතිය ලැබී තිබියදී ඇස්තමේන්තුව නොලැබීමෙන් අවාසනාවන්ත ලෙස එය ක්‍රියාත්මක කිරීමට නොහැකි විය.
2019 වර්ෂයේ එවකට ප්‍රාදේශීය සභා සභාපති සමන් ඒකනායක මහතා ගේ පාලන කාලය තුල පලාත් පාලන අමාත්‍ය‍‍ශයෙන් මිලියන 20 ක් වෙන්කිරීමෙන් පසු මෙහි කසල ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රයට අවශ්‍ය කසල වෙන් කිරීම, කැබලි කිරීම වැනි කොටස් සවිකර තිබුණද එහි වැඩකටයුතු සම්පූර්ණයෙන් අවසන් කිරීමට නොහැකිවූ බව සභාපති සමන් මහතා කියා සිටියේ ය.
මේ වනවිට එම කසල අංගනය විනාශ මුඛයට පාත්‍ර වෙමින් තිබෙන අතර අංගනය වටා ඉදිකර ඇති අලි වැටද කඩා බිඳ දමා තිබීම තවත් කණගාටුවට කරුණකි.මෙම කසල අංගනයට අක්කර 10 ප්‍රමාණයක් වෙන්කර දී ඇතත් එම ප්‍රමාණය වටකර ශක්තිමත් වැටක් ඉදිකිරීමට ඇති පසුබෑම හේතුවෙන් වටිනා උපකරණ ප්‍රමාණයක් විනාශ මුඛයට පත්වෙමින් තිබීමත් කුණු ප්‍රතිචක්‍රීකරණය මගින් ප්‍රදේශයට අවශ්‍ය පොහොර ටික නිපදවා ගැනීමට ඇති අවස්ථාවත් මඟහැරී යාම කුමණ අපරාධයක් දැයි ප්‍රදේශ වාසීහු ප්‍රශ්ණ කරති.
බලධාරින් ගේ ඇස් මෙවැනි නාස්තිකාර ක්‍රියාවන් වෙත යොමු කිරීමට දැන් කාලය පැමිණ ඇති බව නැවත නැවතත් මතක් කරමින් එය ඉටු වනතුරු ජනතාව බලා සිටී.

සුමිත්‍රා කුමාරිහාමි

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….