13 වසරකට පෙර අතුරුදහන් කිරීමක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් අත්අඩංගුවේ

දහතුන් වසරකට පෙර සිදු කරන ලදැයි සැක කරන අතුරුදහන් කිරීමක් හා නීති විරෝධී රඳවා තබාගැනීමක් සම්බන්ධයෙන් අලව්ව පොලිසියේ සේවය කරන පොලිස් නිලධාරීන් දෙදෙනෙක 2024 වසරේ මැයි මස 4 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සමූහ මංකොල්ල පරීක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

අත්අඩංගුවට ගන්නා ලද නිලධාරීන් වනුයේ, පොලිස් සාජන් ආර්.එල්. කුමාර සහ පොලිස් කොස්තාපල් ආර්.ඩී.එස්.බී. රාජපක්ෂ යන අයයි. ඔවුන් දෙදෙනාම පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති අතර, රු. 50,000ක් බැගින් ඇප මුදල් මත නිදහස් කරනු ලැබිණි.

2010 ජූලි 25 වැනිදා ආසන්නයේ සිදු වූ බව සැලකෙන මෙම සිදුවීම සම්බන්ධයෙන් එවකට අලව්ව පොලිස් අපරාධ කොට්ඨාසයේ ප්‍රධානී ලෙස සේවය කළ ප්‍රධාන පොලිස් පරික්ෂක සමන් කුමාර දිසානායක මහතාද පසුගිය වසරේ දෙසැම්බර් 11 වැනිදා CID විසින් අත්අඩංගුවට ගන්නා ලදි. ඒ වන විට මීරිගම පොලිසියේ පරිපාලන කොට්ඨාස ප්‍රධානී ලෙස සේවය කරමින් සිටි ඔහු පසුව ඇප මත නිදහස් කරන ලදි.

මෙම නිලධාරීන්ට එරෙහිව නැගෙන චෝදනාව වන්නේ කෑගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ ගනේරලාලගේ ශාන්ත සමරවීර මහතා අනියම්ව රඳවා තබාගැනීමයි. ඒ මහතා පසුව අතුරුදන් වූ බව වාර්තාවේ. මෙම අත්අඩංගුවට ගැනීම් සිදු වූයේ ශාන්ත සමරවිරගේ සොයුරිය විසින් මානව හිමිකම් කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලක් ඔස්සේ පොලිස් මූලස්ථානයට ලැබුණු පැමිණිල්ලක් මත ආරම්භ කළ පරීක්ෂණයකට අනුවය.

පොලිසිය පවසන්නේ ශාන්ත සමරවීර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පළා ගිය බවයි. 2019 දී ITJP (සත්‍යය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතිය) වාර්තාවකට අනුව ශාන්ත ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ භූගත වධකාගාරයක රඳවා තබා ඇත. වධකාගාරයේ සිටි තවත් රැඳවියෙකු වන බස්නායක මුදියන්සේලාගේ විජයකාන්ත් නම් ත්‍රිකුණාමලය නාවික කඳවුරේ ගන්සයිට් නම් ස්ථානයක වසරක පමණ කාලයක් රඳවාගෙන සිටි බව කියන පුද්ගලයා පසු කලෙක රහස් පොලිසියට පවසා ඇත්තේ ශාන්ත තමන් සමග එම ස්ථානයේ රඳවා තබා සිටි බවයි. කුරුණෑගල, ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ ප්‍රගීත් නිසංසල විතානාරච්චි නමැති අයෙකු ද මෙම ස්ථානයේ රඳවාගෙන සිටි බව විජයකාන්ත් පවසා ඇත. ඔහු නාවික හමුදා ඔත්තුකරුවකු ලෙස ද කටයුතු කළ අයෙකි.

ශාන්ත සමරවීරගේ සොයුරිය වන ලලිතා ජයසිංහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පවසා ඇති පරිදි 2022 ජුලි මස 25 දින ඇය මීරිගම පොලිසියේදී නීතීඥ චූල රංජීව අධිකාරි සමග පොලිසියේදී ශාන්ත සමරවීර හමු වී තිබේ. මුලදී පොලිසිය ඔහු අත්අඩංගුවට ගත් බව ප්‍රතික්ෂේප කළද, පසුව නීතීඥ මැදිහත් වීම හේතුවෙන් සොයුරියට ඔහු පෙන්වා තිබේ. ඊළඟ සඳු දින ඔහු අධිකරණයට ඉදිරිපත් කරනු ඇති බව පොලිසිය පවසා ඇත.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….