පියැසි මත විදුලිය වේගයෙන් ඉහළට

solor

2024 මුල් භාගය වන විට ශ්‍රී ලංකාවේ වහලය මත සූර්ය බලශක්ති උත්පාදනය ධාරිතාව මෙගාවොට් 750 ඉක්මවූ බව ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. පියැසි මත සවිකරන සූර්ය පැනැල මඟින් ද සූර්ය බලය ලබා ගැනීමේ ක්‍රමවේදයට පාරිභෝගික ජනයාව ද සම්බන්ධකරගෙන ඇත. ඒ අනුව පියැසි මත ස්ථාපනය කරන ලද සූර්ය පැනල මඟින් 2024 මාර්තු 31 වන විට විදුලි ඒකක මිලියන 176ක් ජාතික පද්ධතියට එක් කර ඇත.

පියැසි මත සූර්ය විදුලිබල නිෂ්පාදනය සඳහා ක්‍රමවේද හතරක් මේ වන විට ක්‍රියාත්මක වේ.

1. ශුද්ධ මනුකරණ ක්‍රමය (Net Metering)

2. ශුද්ධ ගිණුම්කරණ ක්‍රමය (Net Accounting)

3. නෙට් ප්ලස් ක්‍රමය (Net Plus)

4. නෙට් ප්ලස් ප්ලස් (Net Plus Plus)

ඒ අනුව රට පුරා විසිරි සිටින බොහෝ පිරිසක් මේ අයුරින් විදුලි උත්පාදනය කිරිමේ ක්‍රම වේදයට සහයෝගය ලබා දෙමින් ජාතික පද්ධතියට විදුලිය විකිණීමට පාරිභෝගිකයන් යොමු වී ඇත. මෙය පරිභෝජනයෙන් විදුලි ජනනයට යොමු වීමක් (Change from consumer to Pro-Sumer) ලෙස පෙන්වා දිය හැක.

විදුලි පාරිභෝගික භවතුන් ලංකා විදුලිබල මණ්ඩලය සමඟ එක් වී මෙලෙස පුනර්ජනනීය බලශක්තිය නිපදවීමේ කාර්‍ය පරිසර හිතකාමි වන අතර කාබන් විමෝචනය අවම වීමත් දේශගුණික විපර්‍යාස අවම වීමත් ආනයනික පොසිල ඉන්ධන මත පදනම්ව සිදු කරන බලශක්ති ජනනනය අවම කරගැනීම මගින් විදේශ විනිමය ඉතිරි කිරීමට ද මෙම මෙයින් ඉඩහසර විවර වේ.

සමකය ආසන්න පිහිටා ඇති රටක් ලෙස ශ්‍රී ලංකාවට සූර්ය ශක්තිය නිරන්තරයෙන් ලැබීම හේතු කොටගෙන රට තුළම සූර්ය බලශක්තිය මගින් විදුලිය උත්පාදනය කිරීමේ අවස්ථාව සාපෙක්ෂව ඉහළ මට්ටමක පවති. මෙයින් ආර්ථික වාසියක් මෙන්ම බොහෝ පාරිසරික ගැටලුවන්ට පිළියමක් ලෙස රාජ්‍ය බලශක්ති ප්‍රතිපත්තියට අනුව වසර 2030 වන විට ශ්‍රී ලංකාවේ බලශක්ති අවශ්‍යතාවයෙන් 70% පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ලබා ගැනීම ශ්‍රී ලංකා රජයේ අරමුණ වී ඇත.

සාමන්‍ය‍යෙන් අප රටට දෛනිකව පැය 5 ½ ක පමණ හොඳින් සූර්යාලෝකය ලැබෙන්නේ යැයි අධ්‍යයනයන් මගින් හඳුනාගෙන ඇත. ඒ අනුව රාජ්‍ය හා පෞද්ගලික අංශය යන දේපාර්ශවයෙන්ම භූමියමත ස්ථාපනය කරන මහා පරිමාණ සූර්ය බලාගාර ව්‍යාපෘති සඳහා ආයෝජනය කිරීම සිදු කරයි.

මේ ආකාරයෙන් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් තුළින් විදුලි උත්පාදනය කිරීමෙන් තාප විදුලි බලාගාර මගින් විදුලි උත්පාදනය අවම වන අතර මෙම ශත වර්ෂය මැද භාගය පමණ වන විට ගල් අඟුරු ගෑස් ආදී පොසිල ඉන්ධන භාවිතය අවම වනු ඇත.

චේතනා ගෝමිස් විසිනි

aithiya

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….