සර්, මැඩම් හා අයියා, අක්කා, රැකියා

dailyreporter
මේ ලිපිය ලියන්නට හේතු වුණේ අප මිත්ර චන්දන ගුණසිංහ ඩෙන්මාර්කයට සංක්රමණය වුණාට පස්සෙ ලියපු ලිපියක්. ඒක මෙහෙමයි:

අන්කලුයි , මමයි…..

මල්කා මීගහතැන්නෙ ස්පිරිතාලෙ DMO ඉන්න කාලේ මගේ මිත්රයෙක්ගේ දියණියක් එයාගෙ පළවෙනි පත්වීම විදිහට මීගහතැන්නෙ ස්පිරිතාලෙ වැඩ බාරගත්තාය.
දොස්තරලගෙ සිරිතක්නෙ වැඩිමහල් දොස්තරලට අයියෙ අක්කෙ කියල ආමන්ත්රණය කරන එක. ඉතින් අර කෙල්ල මගෙ බිරින්දැට අක්කෙ කියන ගමන් තාත්තගෙ සමකාලීනය වෙච්චි මට අන්කල් කියන්න ගත්තාය.
ඩෙන්මාර්කයේදී දැන් තත්වය තවත් බරපතලය. මෙහෙට ඇවිත් ඉන්න දොස්තරලා වැඩි හරියක් ඉන්නෙ මගේ ලොකු කොල්ලාට වඩා අවුරුද්දක් හමාරක් වැඩිමල් උන්ය. සමහරවිට උන්ගේ අම්මලා තාත්තලත් වයසින් මට බාලය.
ඒත් මම අයියාය…..
හැබැයි උන්ගේ සමහර දරුවන්ට මම සීයාය.
ප්රශ්නය ඇත්තේ මට නොවේ පොඩි උන්ටය. තාත්තාගේ අයියා කවුදැයි ඇසුවොත් උන් කියන්නේ සීයා කියලාය.

රස්සාවෙදි නම කියලා කතා කරන්නට පුරුදු නොවීම ලංකාවේ වෟත්තීය සංස්කෘතියේ බරපතල ගැටලුවක්. රැකියාවෙදි සර්, මැඩම් ආමන්ත්රණයන් රාජ්ය සේවයේ බරපතල ධූරාවලි පරතරයකට හා පීඩනයකට හේතු වෙනවා. අයියෙ, අක්කෙ කතාවත් ඔය වගේ ගැටලුවක්. රැකියාවෙදි අංකල්, ආන්ටි භාවිතය පවා තියෙනවා. අංකල්, ආන්ටි යෙදුම භාවිතා වෙන්නෙ සුළුකොට තැකීම සඳහාමයි. අංකල්, ආන්ටි කියනවා නම් කියන්නෙ තාවකාලිකව බඳවා ගන්නා ඔය ක්ලීනිං සර්විස්, සිකියුරිටි වගේ අයට. ඒ නිසා අපි වගේ වැඩිහිටි අයට රැකියාවලදි අංකල්, ආන්ටි කියලා කතා කරන්න බැහැ. අපේ දරු මුණුබුරන් වගේ අය පවා අපට අයියා, අක්කා කියනවා.

ලාංකීය දොස්තරකම වගේ ‘අයියා, අක්කා රැකියාවලදි’ වයස්ගත අයට අංකල්, ආන්ටි, සීයා, ආච්චි කියන්න බැරි ඇයි කියන එක දැන් තේරෙනවා නේද?
මං කාලයක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලයේ වැඩ කළා. එතනදී මං දැක්ක හොඳ ලක්ෂණ කීපය අතරින් එකක් තමයි ඔය නම කියා කතා කරන වෘත්තීය සංස්කෘතිය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලංකාවේ ප්රධානියා වන ආර්සී හෙවත් නේවාසික සම්බන්ධීකාරක දක්වාම කතා කරන්නෙ නම කියලා. එහෙම නම කියලා කතා කිරීමෙන් එහි ධූරාවලියට කිසිම ගැටලුවක් ඇති වෙලා නැහැ. ධූරාවලි පරතරයන් හා පීඩනයන් පවා පවතිනවා.
එක වතාවක් අප බාහිර පුහුණුවකට සහභාගී වුණා. අපේ බාහිර උපදේශකවරයකු හිටියා, තරමක් වැඩිහිටි කෙනෙක්. අපි සාමාන්යයෙන් ඔහුට මිස්ටර් කියා කතා කරන්නට පුරුදු වී සිටියා. ඒ බාහිර පුහුණුවේ විදේශික උපදේශකවරයාට අපව හඳුන්වා දෙද්දි අනෙක් අයට නම කියා කතා කරන ගමන් ඔහුට විතරක් මිස්ටර් අහවලා කියන්නෙ ඇයි කියලා ඔහු ඇහුවා. අපට පැහැදිලි උත්තරයක් තිබුණෙ නැහැ. ඒකට එක හේතුවක් වෙන්නට ඇති, ඔහු කලින් රජයේ සේවයේ සිටියදීත් අප ඔහු සමග ගනුදෙනු කිරීම. අපට තිබුණු පීඩනයක් තමයි, රජයේ නිලධාරීන්ගෙන් අපට අවශ්ය දේ කරවා ගැනීම. ඒවා කරවා ගන්නට බැරි වුණොත්, වෙන් කරන ලද මුදල් ඉතිරි වෙලා බරපතල ගැටලුවලට මුහුණ දෙන්නට සිදු වෙනවා. ඒ නිසා වැඩසටහන් නිලධාරීන් රාජ්ය නිලධාරීන්ට මූණිච්චාවට සර්, මැඩම් කියලා රවටනවා.
මිස්ටර් වගේ නෙමෙයි මිස්, මිසිස්. අවිවාහක අයටත් ලංකාවේ මිස්ලා කියනවා. එහෙම මිස්ලාට මිසීලා කියලත් කියනවා. මගේ බිරිඳත් මිසී කෙනෙක්. ඒ කියන්නෙ හෙදියක්. ගුරුවරුන්ට සර්ලා කියනවා. ගුරුවරියන්ට මිස්ලා කියනවා. මැඩම්ලා කියන්නෙ ප්රින්සිපල්ලා වගේ බොස්ලාට. හැබැයි පිරිමි ප්රධානීන්ට බොස් කියල කතා කරන්නෙ නැහැ. එහෙම කරන්නෙ නැති තැන, අපහාසෙට වගේ. එතකොට බොස් නෙමෙයි බොසා. පොලිසියෙ අය තමන්ගෙ ප්රධාන නිලධාරීන්ට කියන්නෙ මහත්තයා. නිලධාරීන් තමන්ගෙ ඉහළ නිලධාරීන්ට චීෆ් කියනවා මං අහලා තියෙනවා. හමුදාවෙ නම්, ඉහළ සෙසු නිල අයට කියන්නෙ තනතුරේ නම, කෝප්රල්, සාජන් වගේ. යුද හමුදාවෙ ස්ටාෆ් සාජන් තනතුරේ සිට ඉහළට තමයි සර් කියන්නෙ.
ලංකාවෙ රජයේ සේවයේ නම්, නම කියා කතා කරන සංස්කෘතිය භාවිතයට ආවොත් විහිළු සහගත තත්වයක් එක පාරට ඇති වෙන්නට වුණත් පුළුවන්.
මේ ප්රශ්නය ලංකාවේ රාජ්ය නොවන සංවිධාන සංස්කෘතියේත් ප්රශ්නයක් බව මං මෑතදී අවබෝධ කරගත්තා. පැරණි ක්රියාකාරිකයන් රාජ්ය නොවන සංවිධාන ප්රධානීන් වුණාම, පැරණි අයට ඔවුන් ඉස්සර වගේම සරත් අයියා, සුනිල් අයියා වුණාට, ඔවුන් දැන් සර්ලා වෙලා. සමහර විට ඩොක්ටර්ලා, ප්රොෆෙසර්ලාත් වෙලා. මාර වැඩේ කියන්නෙ සර් කියන එක හරිත් නැහැ වගේ. අයියා කියන එක ඊට එහා. අලුතෙන් රාජ්ය නොවන සංවිධානවල සේවයට බැඳිලා ඉන්න හිච්චි ළමයින්ගෙ වෘත්තීය ජීවිතයේ ආරම්භයේදීම ඔවුන් හුරු පුරුදු වන්නේ විශාල අපහසුතාවක් ඇති කරන ආමන්ත්රණ සංස්කෘතියකට.
ඉස්සර කාලෙ දවසක හමුදා සොල්දාදුවෙකු මට කිව්වා, පොලිසියේ අය ඔවුන් එක්ක ඉරිසියයි කියලා. ඒකට හේතුව විදියට කිව්වෙ හමුදාවෙ අයගෙ ලොක්කන්ට සර් කියනවා, ඒ වුණාට පොලිසියෙ ලොක්කන්ට කියන්නෙ මහත්තයා කියලා නිසාය කියලා.
ඉස්කෝලවල ගුරුවරුන්ට සර් කිව්වට කලාප කාර්යාලවල වැඩ කරන ක්ලාක්ලා එහෙම කියන්න කැමති නැහැ. ඒ අය කියන්නෙ මහත්තයා කියලා. ඒ වුණාට ගුරුවරියන්ට නම් මිස් කියලායි කියන්නෙ. මහත්තයාට ස්ත්රී ලිංගික පදයක් භාවිතාවෙ නැහැ.
ගුරුවරියන්ට විතරක් සමහර විට ටීචර් කියනවා. ඒ වුණාට පිරිමි ගුරුවරුන් වෙනුවෙන් ඒක භාවිතා කරන්නෙ නැහැ. ඩොක්ට කියන එක නම් පිරිමි, ගැහැණු දෙපාර්ශ්වයටම භාවිතා කරනවා. ඒ වුණාට ෆ්රොක්ට කියන එක ගැහැණුන්ට ආමන්ත්රණය කිරීමෙදි භාවිතා කරනවා අඩුයි. කාන්තා ආචාර්ය, මහාචාර්යවරියන්ට ඩොක්ට, ප්රොෆෙස කියනවට වඩා මැඩම් කියනවා. ලංකාවෙ ආමන්ත්රණය සම්බන්ධයෙන් පුදුම සංකීර්ණ තත්වයක් නේද තියෙන්නෙ?
ලංකාවෙ අයියලා, අක්කලා ඉන්න තවත් ක්ෂේත්රයක් තමයි කලා ක්ෂේත්රය. මේ ළඟදි මං දැක්කා නිරෝෂා විරාජිනී සහභාගී වුණ රූපවාහිනී වැඩසටහනක්. ඒකෙදි නිවේදකයා ඇගේ ඥාතියකු වෙන්නට ඇති. ඔහු කියනවා මං දැන් ගැටලුවක ඉන්නෙ අක්කා කියනවද, නැන්දා කියනවද කියලා. ඒ වුණාට, කලා ක්ෂේත්රයේදි කියන්නෙ අක්කා කියල නිසා ඔහු දිගටම අක්කා කියනවා.
පෞද්ගලික බැංකුවල පොෂ් ඔෆිසර්ලා වුණත් තමන්ගෙ ගනුදෙනුකරුවාට ලෝබ නැතුව සර් මැඩම් කිව්වට, මතුගම වගේ ඩොටේ පැතිවල රජයේ බැංකුවල ඉන්න පන්දමින් රස්සා ගත්ත නිලධාරීන් එහෙම කියන්නෙ නැහැ. මහත්තයා කිව්වත් ඒ වචනෙ ටෝන් එක හෙවත් තාලය වෙනස්. මේක ගැන වීඩියෝ එකක් කරන්න ඕනැ. දැනට මෙහෙම කියන්නම්කො. ඇත්ත ගෞරවයකින් මහත්තයා කියනවා නම් මහත්තයා කියන වචනය උච්චාරණය කරන්නෙ අඩු බරකින්. “ඔය මහත්තයා ඇයි ඔතන හිටගෙන?” වගේ ප්රශ්නයක් අධිපති ස්වරූපයකින් අහනකොට එහි උච්චාරණය වෙනස්. මහත්තයා කියන වචනෙ බර කරලා තමයි කියන්නෙ.
ඇඟලුම් කර්මාන්තය වගේ ශ්රම සූක්ෂම කර්මාන්තවලදි ධූරාවලි පරතරය වැදගත් වෙන්න පුළුවන්. ඒත්, සෙසු රැකියාවලදි ධූරාවලි පරතරය කාර්යක්ෂමතාවට බලපාන ගැටලුවක්. මේ ආමන්ත්රණ ගැටලුව එතනදී අකාර්යක්ෂමතාවට දායක වෙන කාරණයක්.
මේ ලිපියෙ ලියවුණු දේ කියවද්දි ඔබට ඔබ ගැන ලැජ්ජාවක් ඇති වුණාද? එහෙනම්, රැකියාවෙදි හැකි හැම විටම නම කියා කතා කරන්න. නැතිනම්, තනතුරේ නම කියන්න. තමන්ගෙ ගනුදෙනුකරුවන්ට කට පුරා සර්, මැඩම් කියන්න. දැට්ස් බිස්නස්!
අජිත් පැරකුම්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….