අස්වැසුම ප්‍රතිලාභින් 1,35,000කට බැංකු ගිණුම් නෑ

derana news today

අස්වැසුම පළමු අදියර යටතේ ප්‍රතිලාභ ලබා ගැනීමට සුදුසුකම් ලැබූ ලක්ෂ 18කට අධික ප්‍රතිලාභීන් අතරින්, බැංකු ගිණුමක් මෙතෙක් විවෘත නොකිරීම සහ ජාතික හැඳුනුම්පතේ ගැටලු සහිත ලක්ෂ දෙකකට ප්‍රතිලාභ ලබා ගැනීමට නොහැකිවී ඇතැයි සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න පැවැසීය.

අස්වැසුම දෙවන අදියර යටතේ නව අයැදුම්කරුවන්ගේ තොරතුරු සංගණනය සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීමට ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (22 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී සභාපතිවරයා මේ බව කියා සිටියේය.

පළමු වටයේ ප්‍රතිලාභීන් අතරින් 135,000 ක් මෙතෙක් බැංකු ගිණුම් විවෘත කර නොමැති බවත්, ඉතිරි ප්‍රතිලාභීන්ට ජාතික හැඳුනුම්පත සම්බන්ධ ගැටලු පවතින බවද ඔහු කීවේය. කෙසේ නමුත්, මෙම ප්‍රතිලාභීන් අදාළ බැංකු ගිණුම් විවෘත කිරීමෙන් පසුව අදාළ ප්‍රතිලාභ සියල්ල ගෙවීමට සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය කටයුතු කරන බව ද සභාපතිවරයා කීවේය.

වයස්ගත සහ ආබාධිත පුද්ගලයන් රැසක් මෙලෙස බැංකු ගිණුම් විවෘත කර නොමැති බවත්, නිලධාරීන් ඔවුන් දැනුවත් නොකිරීම ද බැංකු ගිණුම් විවෘත නොකිරීමට හේතුවී ඇති බවත් අනාවරණය වී ඇත.

ඇතැම් ප්‍රතිලාභීන්ගේ ජාතික හැඳුනුම්පත් අංක පරීක්ෂා කිරීමේදී එම අංකය සහිත තවත් පුද්ගලයකු සිටින බවට තොරතුරු අනාවරණය වීම නිසා ප්‍රතිලාභ නිකුත් කිරීමට නොහැකිවී ඇතැයි ද එම මණ්ඩලය සඳහන් කරයි.

අස්වැසුම දෙවන අදියර සඳහා අයැදුම්පත් 455,697 ක් ලැබී තිබෙන බවත්, ඉන් වැඩිම අයැදුම්පත් සංඛ්‍යාවක් ලැබී ඇත්තේ වතුකරය ආශ්‍රිත නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවලින් බවත් සභාපතිවරයා කීවේය. නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අයැදුම්පත් 45,545 ක්ද,බදුල්ල දිස්ත්‍රික්කයෙන් අයැදුම්පත් 40,632 ක්ද ලැබී තිබේ. අඩුම අයැදුම්පත් සංඛ්‍යාවක් ලැබී ඇත්තේ මන්නාරම දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 2,047 කි.

දෙවන අදියර යටතේ තොරතුරු සංගණන කටයුතු මේ සතියේ ආරම්භ කරන බවත් එම කටයුතු මෙමස 31 වැනිදා අවසන් කෙරෙන බවත් සභාපතිවරයා පැවැසුවේය.

මෙම තොරතුරු සංගණනය සඳහා සමීක්ෂණ නිලධාරීන් යොදා ගන්නා බවත්, ඔවුන් ජංගම දුරකථන යෙදුමක් හරහා අදාළ තොරතුරු රැස්කර සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ පොදු දත්ත පද්ධතියට බාගත කරන බවත් ඔහු කීවේය.

මෙහිදී අධ්‍යාපනය, සෞඛ්‍ය, ආර්ථික මට්ටම, වත්කම්, පවුලේ ජන විකාශය ආදී කාරණා සම්බන්ධව සොයා බැලෙන බවත්, තොරතුරු සංගණනයේදී වැරදි තොරතුරු ලබාදෙන පුද්ගලයන්ට විරුද්ධව නීතිමය කටයුතු කරන බවත් එම මණ්ඩලය සඳහන් කරයි.

දෙවන වටයේ ප්‍රතිලාභ ලැබීමට සුදුසුකම් ලබන පුද්ගලයන් තෝරා ගැනීමෙන් පසුව, අදාළ ප්‍රතිලාභ ලබාදීම සම්බන්ධව මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් සහ එකඟතාව අනුව කටයුතු කරන බවද සභාපතිවරයා කීවේය.

අස්වැසුම පළමු අදියරේ ප්‍රතිලාභීන්ගේ නැවත දත්ත සමීක්ෂණයක් ඉදිරි කාලයේදී සිදු කිරීමට නියමිත බව ද ඔහු වැඩිදුරටත් පැවැසීය.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….