ඉදිරියේදි දුම්රිය වර්ජනයන් ඇති නොවන බව ප්‍රකාශයක්

ඉදිරියේදි දුම්රිය වර්ජනයන් ඇති නොවන බවත් එසේ දුම්රිය වර්ජන කලහොත් වර්ජනය කරන දුම්රිය සේවකයන් සේවය හැරගියාසේ සලකා රැකියාවෙන් ඉවත් කිරිමට පියවර ගන්නා බව ප්‍රවාහන හා මහා මාර්ග ඇමති බන්දුල ගුණවර්ධන මහතා පැවසිය.
හැටන් දුම්රිය ස්ථානයට අයත් භුමිය තුල රුපියල් මිලියන හාර සියයක ප්‍රතිපාදන යටතේ නාගරික සංවර්ධන අධිකාරිය මගින්ඉදිකරන ලද නව ගොඩනැගිල්ල දුම්රිය දෙපාර්ථමේන්තුවේ ආදායම් උපයා ගැනිම සම්බන්දව 20වන දින හැටන් දුම්රිය ස්ථානයේ නිරික්ෂන චාරිකාවකට එක්වෙමින් බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසිය.
එහිදි වැඩි දුරටත් කරුනු දැක්වු බන්දුල ගුණවර්ධන මහතා මේ වන විට දුම්රිය සේවය අත්‍යවසය සේවයක් බවට පත් කරලායි තියෙන්නේ එම තත්වයන් මත ඉදිරියේදි දුම්රිය වර්ජන ඇති වන්නේ නැහැ මෙයට අවනත නොවි දුම්රිය වර්ජන කලහොත් වර්ජනය කරන පිරිස් සේවය අත් හැර ගියාසේ සලකා රැකියාවෙන් ඉවත් කිරිමට පියවර ගන්නවා.
දුම්රිය කේෂත්‍රයේ යම් ගැටලු පවතිනවානම් එය සකච්චා කර විසදාගත යුතුයි එසේ නැතිව ජනතාව ප්‍රිඩාවට පත් කරමින් වර්ජන කලහොත් සේවය අත් හැර ගියාසේ සලකා රැකියාවෙන් ඉවත් කිරිමට පියවර ගන්නවා ලංකාවේ නිතියට ගරු නොකිරිම මත රටක පවතින නිතියට සියලුම දෙනා ගරු කල යුතුයි එහෙම නැතිව රාජ්‍ය සේවය කරන්න බැහැ.
ලෝකයේ අනිකුත් රටවල් සමග සකච්චා කරලා පැරිස් ඒකාභද්ධ ආධාර කණ්ඩායම ජපානය, ඉංදියාව, චිනය වගේ රටවල් සමග ණය ආපසු ගෙවිමේ ගිවිසුමකට එලඹ තියෙනවා එම නිසා දැන් ණය සහන මත නතර වෙලා තියෙන ව්‍යාපෘති ආරම්භ කරන්න පුලුවන් වෙලා තියෙනවා.
අද සුරුට්ටු කඩයක්වත් කරපු නැති අයට කියන්න පුලුවන් මම ඇවිල්ලා අරක කරනවා මේක කරනවා කියලා ඒ වගේම සමහර දේශපාලකයන් කියන විදියට ප්‍රාතිහාර පාන්නත් බැහැ එහෙම කරන්න මුදල් නැහැ.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….