සිත්ති විනායගර් හින්දු දේවාලයේ කොත් පැලදවිමේ මහ කුම්භාබිසේක උත්සවය මේ මස 30වන දින

හැටන් ගාමිණි පුර සිත්ති විනායගර් හින්දු දේවාලයේ කොත් පැලදවිමේ මහ කුම්භාබිසේක උත්සවය මේ මස 30වන දින පැවැත්වෙනු ඇත.
එහි කොඩි එසවිම 24වන දින පැවති අතර දේව ප්‍රථිමාවල තෙල් ආලේප කිරිම 29වන දින පෙරවරු 8.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වෙනු ඇත.
ඉන් අනතුරුව පැවැත්වෙන කොත් පැලදවිම හෙවත් මහ කුම්භාභිෂේක උත්සවය 30වන දින පෙරවරු 9.15ට සිදු කරන බව එහි බාර කාර මණ්ඩලය පවසති.
එම හංදු දේවාලයේ කොඩි එසවිමේ පුජාව 24වන දින ජනාධිපතිධුර අපේක්ෂක හිටපු පාර්ලීමේන්තු මංත්‍රි කේ. කේ. පියදාස මහතා ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

මෙහිදි අදහස් දැක්වු ‍කේ. කේ. පියදාස මහතා පවසන ලද්දේ මෙම ප්‍රදේශයේ ජිවත්වන ජනතාවගේ ඉල්ලිම මත 2017 වර්ෂයේ පෙබරවාරි මස 10වන දින මෙම හිංදු දේවාලය ඉදිකිරිම සදහා තමන් ඇතුළු පිරිසක් විසින් මුල් ගල් තබා මෙහි ඉදිකිරිම් සදහා මා හට කල හැකි උදවු උපකාර මම සිදු කලා .
එම මුල් ගල් තැබිමෙන් වසර කිපයකට පසුව මෙම හිංදු දේවාලය මෙසේ ඉදිකර ඇති බවත් එය දැඩි සතුටට කරුනක් මෙම ප්‍රදේශයේ සිංහල, ද්‍රවිඩ, මුස්ලිම්, සියළුම දෙනා ජාති ආගම් භේදයෙන් තොරව කටයුතු කරන පිරිසක් මෙම ප්‍රදේශය තුල ජාතිවාදි ගැටුම් ඇති නොවිම තුලින් හැටන් නගරය සාමයේ නගරය ලෙස හදුන්වනවා.

එහෙත් මේ වන විට හැටන් නගරය පවතින ආකාරය ඉතා කනගාටුදායකයි මොකද මේ වන විට මේ නගරය ඉතාමත් අපිරිසිදු තත්වයකයි පවතින්නේ මෙය වෙනස් කරන්න අපි උත්සහා කලා එත් සමහර බල ලෝභි දේශපාලකයන් නිසා එය කරන්න බැරි වුනා.
මේ කෝවිල් පන්සල් පල්ලි හැදුවට වැඩක් නැහැ එහි ආගමික වතාවත් සදහා ප්‍රදේශයේ ඔබලා සහාභාගි විය යුතුයි එමෙන්ම අපි තුල පවතින මෙම එකමුතු කම ඉදිරියටද පවත්වා ගෙන යායුතු අතර අපි සියලුම දෙනා ශ්‍රි ලාංකිකයන් ලෙස එකම පවුලක් ලෙස ජිවත් විය යුතුයි.

මෙහිදි අදහස් දැක්වු හැටන් දික්ඔය නගර සභාවේ හිටපු නාගරික මංත්‍රි ඒ. පි. අනුරද සිල්වා මහතා පියදාස මහතාගේ මුලිකත්වය තුලින් මෙම කෝවිල ඉදිකිරිමේ කටයුතු ආරම්භවුනාට පසුව මෙම ප්‍රදේශයේ සිංහල දෙමල මුස්ලිම් සියලුම දෙනාගේ සහාය මත මෙම කෝවිල අද ඉදිකිරිම් නිමවි තිබෙනවා.
දැන් මේ ගාමිණි පුර ප්‍රදේශය තුල පන්සලක් මුස්ලිම් පල්ලියක් කතෝලික මධ්‍යස්ථානයක් මෙන්ම කෝවිලක්ද පවතිනවා මෙම ප්‍රදේශයේ ජනතාව ඉතාමත් සහයෝගයෙන් ජිවත් වන පිරිසක් මෙම තත්වයන් ඉදිරියටත් පවත්වාගෙ යාමට අපි පියවර ගත යුතුයි මෙම කෝවිලේ උන්නතිය සදහා මාහට කල හැකි හැම උපකාරයක්ම ඉදිරියේදි කිරිමට මම පියවර ගන්නවා.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….