ආචාර්ය ජය­ශං­කර්ගේ පූර්ණ සහය ජන­පති අනු­රට

දරුණු පසු­බෑ­ම­කට ලක්වූ ආර්ථි­කය ස්ථාවර මට්ට­ම­කට රැගෙන යමින් ශ්‍රී ලංකාවේ ආර්ථික පුන­රු­දය සඳහා පූර්ණ සහ­යෝ­ගය ලබා දෙන බවට ඉන්දි­යාව සහ­තික වෙයි. එක්දින නිල සංචා­ර­යක් සඳහා මෙර­ටට පැමිණි ඉන්දීය විදේශ කට­යුතු ඇමැති ආචාර්ය එස්. ජය­ශං­කර් මහතා ඊයේ (04) පස්ව­රුවේ ජනා­ධි­පති කාර්යා­ලයේ දී ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා හමු වූ අව­ස්ථාවේ මේ බව සඳ­හන් කළේය.

ශ්‍රී ලංකා­වට සිය ආර්ථික පුන­රු­දය ඉහළ නංවා ගැනීම වෙනු­වෙන් ඉන්දි­යාවේ දැවැන්ත වෙළ­ඳ­පොළ ප්‍රයෝ­ජ­න­යට ගැනීමේ හැකි­යාව පව­තින බවද ඉන්දීය විදේශ කට­යුතු ඇමැති ආචාර්ය එස්. ජය­ශං­කර් මහතා ප්‍රකාශ කරයි.

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ නව ධුර කාලය ආරම්භ වීමත් සම­ඟම මෙරට සංචා­ර­ය­කට එක්වී­මට ලැබීම පිළි­බඳ සතුට පළ­කළ ඉන්දීය විදේශ කට­යුතු ඇමැ­ති­ව­රයා ජනා­ධි­ප­ති­ව­රයා වෙත සිය උණු­සුම් සුබ පැතුම් පිළි­ගැ­න්වීය. එසේම ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි මහ­තාගේ සුබ­පැ­තුම් ද ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා වෙත පිළි­ගැන්වූ ජය­ශං­කර් මහතා ඉන්දු – ශ්‍රී ලංකා සහ­යෝ­ගි­තාව විවිධ ක්ෂේත්‍ර ඔස්සේ තව­දු­ර­ටත් ශක්ති­මත් කර ගැනීම පිළි­බ­ඳව ද ජනා­ධි­ප­ති­ව­රයා සමඟ සාකච්ඡා කළේය.

ශ්‍රී ලංකාවේ සංචා­රක ක්ෂේත්‍රයේ මෙන්ම ආයෝ­ජ­නය, විදු­ලි­බල හා බල­ශක්ති සහ දියර කිරි කර්මා­න්තය යන ක්ෂේත්‍ර සඳහා සහා­ය­වී­මට ඉන්දි­යාව දක්වන උන­න්දුව පිළි­බ­ඳව ද කරුණු පැහැ­දිලි කළ ඉන්දීය විදේශ කට­යුතු ඇමැ­ති­ව­රයා ශ්‍රී ලංකාවේ ආර්ථික පුන­රු­දය සඳහා ඉන්දි­යාවේ පූර්ණ සහ­යෝ­ගය ලබා­දෙන බවට සහ­තික විය. එසේම ශ්‍රී ලංකා­වට සිය ආර්ථික පුන­රු­දය ඉහළ නංවා ගැනීම වෙනු­වෙන් ඉන්දි­යාවේ දැවැන්ත වෙ‍ෙළ­ඳ­පොළ ප්‍රයෝ­ජ­න­යට ගැනීමේ හැකි­යාව ද ජය­ශං­කර් මහතා අව­ධා­ර­ණය කළේය.

මෑත කාලී­නව ශ්‍රී ලංකා­වට මුහු­ණ­දී­මට සිදු වූ ආර්ථික අර්බු­දයේ දී ඉන්දි­යාව ලබා­දුන් මූල්‍ය සහා­යට සිය කෘත­ඥ­තාව පළ­කළ ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ඉන්දි­යාව සමඟ අඛණ්ඩ සහ­යෝ­ගී­තා­ව­යෙන් කට­යුතු කිරීම තම අර­මුණ බවද පැව­සීය. ධීවර කර්මා­න්තය සහ ජාතික සම­ගිය ප්‍රව­ර්ධ­නය කිරීම ඇතුළු අන්‍යෝන්‍ය වශ­යෙන් උන­න්දු­වක් දක්වන ක්ෂේත්‍ර පිළි­බ­ඳව ද මෙම හමුවේ දී අව­ධා­නය යොමු කෙරිණි.

එසේම නුදුරු දින­ක­දීම ඉන්දි­යාවේ සංචා­ර­යක නිරත වන ලෙස අග­මැති නරේන්ද්‍ර මෝදි මහ­තාගේ ආරා­ධ­නය ඉන්දීය විදේශ කට­යුතු ඇමැ­ති­ව­රයා විසින් මෙහිදී ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා වෙත පිළි­ගැන්වූ අතර ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි මහ­තාට ද නුදුරු පහසු දිනක දී ශ්‍රී ලංකාවේ සංචා­ර­ය­කට එක්වන ලෙස ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ආරා­ධනා කළේය‍.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….