නුවරඑළිය දිස්ත්‍රික්කයේ මන්ත්‍රිධුර අට ලබා ගැනිම සදහා අපේක්ෂකයන් තුන්සිය අට දෙනකු

elec set alarm for 11 30

මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණයේදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ මන්ත්‍රිධුර අට ලබා ගැනිම සදහා අපේක්ෂකයන් තුන්සිය අට දෙනකු (308) තරග බිමට එක්ව ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසන ලද්දේ 2024 පාර්ලීමේන්තු මැතිවරණය සදහා නාම යෝජනා බාර ගැනිමෙදි නුවරඑළිය දිස්ත්‍රික්කයේ මංත්‍රිධුර අට සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20ක් හා ස්වාධිණ කණ්ඩායම් 15 ක් නාම යෝජනා ලබා දිමට පියවර ගෙන තිබු බවත්ය.
එසේ නාම යෝජනා බාරදි තිබු කණ්ඩායම් අතරින් පිලිගත් දේශපාලන පක්ෂ වන ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ, ජාතික ජනතා පක්ෂය, අරුණලු ජනතා පෙරමුණ හා ස්වාධිණ කණ්ඩායම් 04රක නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප විමත් සමග පිලිගත් දේශපාලග පක්ෂ 17ක් හා ස්වාධිණ කණ්ඩායම් 11ක් තරග බිමට පිවිස ඇති බවත්ය.
එම තත්වයන් මත පිලිගත් දේශලන පක්ෂ වන ජන අරගල සංධානය, ජන සෙත පෙරමුණ, සමාජවාදි සමනතා පක්ෂය, දෙවන පරපුර, ශ්‍රිලංකා පොදු ජන පෙරමුණ, සමගි ජන බලවේගය, ජාතික ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදි එක්සත් ජාතික පෙරමුණ, සර්ව ජනබලය, ජාතික ජනබල වේගය,එක්සත් ප්‍රජාතන්ත්‍රවාදි හඩ, ප්‍රජාතන්ත්‍රවාදි ජාතික සංධානය, ප්‍රජාතන්ත්‍රවාදි වාමාංසික පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, සමබිම පක්ෂය, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ, එක්සත් සමාජවාදි පක්ෂය, සමග ස්වාධිණ කණ්ඩායම් 11ක් තරග කිරිම සදහා සුදුසුකම් ලබා ඇති බවද ඔහු පැවසිය.
එම තත්වයන් මත නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පාර්ලීමේන්තුව සදහා මංත්‍රිවරුන් අට දෙනකු තෝරා ගන්නා අතර එම තත්වයන් මත එක් කණ්ඩායමකින් අපේක්ෂයන් 11 දෙනකු ඉදිරිපත් කෙරෙන අතර ඒ අනුව මෙම දිස්ත්‍රික්කයේ මංත්‍රිධුර අට ලබා ගැනිම සදහා අපේක්ෂකයන් තුන්සිය අට දෙනකු (308) දෙනකු තරග බිමට එක්ව ඇත.
නුවරඑළිය දිස්ත්‍රික්කය හගුරන්කෙත, නුවරඑළිය මස්කෙලිය, කොත්මලේ, වලපනේ යනුවෙන් මැතිවරණ බල ප්‍රදේශ හතරක් පවතින අතර මෙම දිස්ත්‍රික්කය තුල ඡන්දදායකයන් හය ලක්ෂ පන්දාහාස් දෙසිය අනු දෙදෙනකු (605292) ලියා පදිංචිව ඇත.
එම තත්වයන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන් දහනවදාහාස් හයසිය හැට හය දෙනකු (19666) සදහා එක් අපේක්ෂකයකු මෙවර පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සදහා එක්ව ඇත.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….