බිත්තර සහල් මිල ඉහල යන්න ප්‍රධාන හේතුව

අදවන විට බිත්තර සහල් මිල ඉහල යන්න ප්‍රධාන හේතුව එය නිෂ්පාදනය කරන සමහර පිරිස් අධික ලාබයක් ලබන බැවින් බවත් එසේ නොමැතිනම් එම අයට හෙලිකොප්ටර්වලින් ගමන් යාමට නොහැකි බවත් කාරිටාස් සිටික් ආයතනයේ මහනුවර පදවියේ පුජක මිල්රෝයි ෆොන්සේකා පියතුමන් පවසයි.
ලෝක ආහාර දිනය නිමිති කර ගෙන 16වන දින හැටන් කරිටාස් සෙටික් ආයතනය විසින් සංවිධානය කර තිබු වස විසෙන් තොර ආහාර ප්‍රදර්ශනයකදි ඔහු මේ බව පැවසිය.
එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු මිල්රෝයි ෆොන්සේකා පියතුමන් අද වෙලද පලෙන් ගන්න තියෙන ආහාර වර්ග සියයට අනුවක් විස සහිතයි එලවළු ගන්න ගියත් එයට විෂ සහිත කෘමි රාසයන ද්‍රව්‍ය ගහාලා තියෙන්නේ පොඩි දරුවකුට පලතුරක් ගන්න ගියත් එහෙමයි ඇපල් ගෙඩියක් කුඩා දරුවකුට අරන් දෙන්න බැහැ එයට විෂ ගහලා තියෙන්නේ ඔබලාට බලන්න පුලුවන් ඇපල් ගෙඩියේ කුඩා ස්ටිකර් එක ගැලවු විට එතනින් කුමක් හෝ විෂක් එන්නත් කර ඇති අයුරු.
මෙයින් බොහෝ පිරිසක් පිලිකා හා වකුගඩු රෝගවලින් පෙලෙනවා අද බොහෝ පිරිස් විවිධ උද්ගෝසන කරනවා එත් ඇයි මේ වස විසෙන් තොර ආහාර දෙන්න කියලා උද්ගෝෂන නොකරන්නේ එයයි අද කල යුත්තේ අද වන විට බිත්තර සහාල් මිල ඉහල යනවා එයට හේතුව මෙයින් සමහර පිරිස් විශාල ලාබයක් ලැබිමයි එම නිසායි ඒ අයට හෙල්කොප්ටර්වලින් යන්න පුලුවන් වන්නේ එසේ විශාල ලාබයක් ලබන්න බැරිනම් ඒ අයට හෙලිකොප්ටර්වලින් ගමන් යන්න බැහැ.
මෙම වස විෂ ආහාරවලින් බේරිමට හැම කෙනෙක්ම තම තමන්ට හැකි අයුරින් තම ගෙවතුවල හැකි දෙයක් වගා කිරිමට පියවර ගත යුතුයි එසේ ගෙවතු වගාවන් කරන අයට අවශ්‍ය උදවු උපකාර කිරිමට කරිටාස් ආයතනය පියවර ගන්නවා.
මෙහිදි ලුක් නෙල්සන් පියතුමන්, නියුමන් පිරිස් පියතුමන් ඇතුළු තවත් කීප දෙනකුම කතා කරන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….