නුවරඑළියේ බොහෝ පිරිසක් සුපුරුදු ඡන්ද ලකුණක් වන අලියා ලකුණට එක් රෝක් වෙයි

නුවරඑළිය දිස්ත්‍රික්කයේ බොහෝ පිරිසක් මේ වන විට සුපුරුදු ඡන්ද ලකුණක් වන අලියා ලකුණට එක් රෝක් විමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ මෙවර එක්සත් ජාතික පක්ෂයට විශිෂ්ඨ ජයක් ලබා ගත හැකි බව නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂිකා කල්‍යාණි සතරසිංහ මහත්මිය පවසයි.
ආගරපතන ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේදි මේ බව පැවසු කල්‍යාණි සතරසිංහ මහත්මිය එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට නුවරඑළිය දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂය තරග කරන්නේ මේ ප්‍රදේශයේ ජනතාවට හුරු පුරුදු අලියා ලකුණින් එම තත්වයන් මත මෙම දිස්ත්‍රික්කයේ බොහෝ පිරිසක් මේ වන විට අපි වටා එක් රෝක් වෙමින් සිටිනවා.

එමෙන්ම මේවර වතුකරයේ විශාල බලයක් පවතින ජිවන් තොණ්ඩමන් මහතාගේ ලංකා කම්කරු කොංග්‍රසයත් මැතිවරණයට ඉදිරිපත් වෙලා ඉන්නෙත් එක්සත් ජාතික පක්ෂය සමගයි එම තත්වයන් මත අපි විශිෂ්ඨ ජයක් මෙවර මැතිවරනයේදි ලබා ගන්නවා.
එම විශ්ෂ්ඨ ජයත් සමග මෙම දිස්ත්‍රික්කයෙන් අපිට මංත්‍රිධුර පහක් ලබා ගැනිමට හැකිවෙයි එක්සත් ජාතික පක්ෂයේ එකම කාන්තා අපේක්ෂිකාව මමයි මේ දිස්ත්‍රික්කයේ ජිවත් වන කාන්තාවන් තුල පවතින විවිධාකාර ප්‍රශ්න මොනවාද යන්න මම දන්නවා මොකද මම දිර්ග කාලයක් මෙම ප්‍රදේශයේ කාන්තාවන් සමග උරෙන් උර ගැටි විවිධ කටයුතුවලට සම්බදවු කෙනෙක් නිසා.

කාන්තාවන් තුල පවතින ප්‍රශ්න පිලිබදව පාර්ලීමේන්තුව තුල හඩක් නගා එම ප්‍රශ්නවලට අවශ්‍ය විසදුම් ලබා ගැනිම සදහා මට මෙවර අවස්ථාවක් ලබා දෙන ලෙස මම මෙම දිස්ත්‍රික්කයේ කාන්තාවන්ගෙන් විශේෂ ඉල්ලිමක් කරනවා.

එමෙන්ම මෙම ප්‍රදේශයේ ජිවත්වන සියළුම දෙනාගේ අවදානයත් මා වෙත යොමු කරන්න කියා මම ඉල්ලා සිටිනවා මොකද මමත් මේ දිස්ත්‍රික්කයේ ජිවත් වන සමන්‍ය අයෙක් නිසා මේ සමන්‍ය ජනතාවගේ දැවෙන ප්‍රශ්න සදහා අවශ්‍ය විසදුම් ලබා දිමට මම උපරිම අකාරයෙන් කටයුතු කරන බවත් මෙහිදි පවසන්න කැමතියි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….