අලුත් පිරිසක් මෙවර පාර්ලීමේන්තුවට යැවිය යුතු බවට වතුකර ජනතාවගේ ඉල්ලිමක්

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලුත් පිරිසක් මෙවර පාර්ලීමේන්තුවට යැවිය යුතු බව මේ වන විට වතුකර ජනතාවගේ ප්‍රබල ඉල්ලිමක්වී ඇති බව එක්සත් ප්‍රජාතන්ත්‍රවාදි හඩ පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් කණ්ඩායම් නායිකා අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය පවසයි.

වටගොඩ ප්‍රදේශයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු අනුෂා චන්ද්‍රසේකරන් මහත්මිය එහිදි මෙසේද පවසන ලදි.

අද අපි වතුවලට ඡන්දය ඉල්ලන්න යන විට වතුකරයේ අති විශාල පිරිසක් අපිට කියන දෙයක් තමයි මෙච්චර කලක් අපෙන් ඡන්දය අරන් පාර්ලීමේන්තු ගිය හුග දෙනෙක් අපිට කිසි දෙයක් කරලා නැහැ කියන එක එම තත්වයන් මත මෙවර අලුත් පිරිසක් මෙම දිස්ත්‍රික්කයෙන් පාර්ලීමේන්තුවට යැවිමට පියවර ගන්නා බවද ඔවුන් පවසනවා.

මේ වන විට වතුකම්කරුවන් දැඩි ලෙස ආර්ථික අහෙනියකට පත් වෙලා ඉන්නේ මේ වන විට වතුකරයේ අධ්‍යාපන තත්වයන් අඩු වෙලා තියෙන්නේ පසු ගිය කාලවලදි මේ වතුකරයේ හිටිය තරුණ තරුණියන්ගෙන් බොහෝ පිරිසක් මේ වන විට වතුවල නැහැ ඒ අය කොළඹ ඇතුළු විවිධ ප්‍රදේශවල හෝටල්වල ගෙවල්වල කඩවල්වල රැකියා සදහා ගිහින් ඉන්නේ.

එසේ ගිහිපු සමහර අය විවිධ අතවරයන්වලට ලක් වෙනවා මේ පිලිබදවත් අපි අවදානය යොමු කල යුතුයි මේ පිලිබදව මේ අයගෙන් ඡන්දය ලබා ගෙන ගියපු සමහර අය නිසි අවදානයක් යොමු කරලා නැහැ.

මේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇගලුම් කම්හල් ඇතුළු විවිධ තර්මාන්ත ශාලා ඇති කල යුතුයි එවිට එම කර්මාන්ත ශාලාවල මේ ප්‍රදේශයේ තරුන තරුනියන් සදහා රැකියා අවස්ථා ලබා දෙන්න පුලුවන් එමෙන්ම මෙම ප්‍රදේශයේ විවිධ වෘත්තිය පුහුණු මධ්‍යස්ථානද ඇති කල යුතුයි ඒ තුලින් විවිධ රැකියාවන් සදහා මෙම දිස්ත්‍රික්කයේ තරුණ පිරිස් පුහුණු කල හැකියාව පවතිනවා.

එවැනි කටයුතු සදහා සැලසුම් මා සතුවද පවතිනවා එම සැලසුම් ක්‍රියාත්මක කිරිමට පාර්ලීමේන්තුව තුල හඩක් නැගිමටත් එම හඩ තුලින් එවැනි දේ ක්‍රියාත්මක කිරිමටත් ඔබලාගේ ඡන්දය මාවෙත ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….