මට මේ ප්‍රදේශයේ සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් සියලුම දෙනා එක සමානයි – කේ. කේ. පියදාස

මට මේ ප්‍රදේශයේ සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් සියලුම දෙනා එක සමානයි තමන්ට අවශ්‍ය මනුෂ්‍යන් මනුෂයන් ලෙස ජිවත් වනවා දැකිම බව නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක කේ. කේ. පියදාස මහතා පවසයි.
2024 පාර්ලිමේන්තු මැතිවරණය පිලිබදචඒ මහතාගේ හැටන් කාර්යාලයේදි මාධ්‍ය වෙත මේ බව පැවසු අතර එහිදි වැඩි දුරටත් අදහස් දැක්වු පියදාස මහතා අද වන විට මෙම දිස්ත්‍රික්කයේ ජනතාවට ප්‍රශ්න රාශියක් පවතිනවා ආර්ථික ප්‍රශ්න, ඉඩම් ප්‍රශ්න, රැකියා ප්‍රශ්න, පරිසර ප්‍රශ්න ඒ අතින් ප්‍රධාන තැනක් ගන්නවා .
අද හැටන් නගරය ගත් විට මේ නගරයේ ජිවත්වන ජනතාව ඉවත් කරන කුණු කසල එකතු කරන නගර සභාවට එම කුණු කසල ටික දාගන්න නිසි තැනක් නැහැ එම තත්වයකන් මත මෙහි පවතින දැඩි පරිසර ප්‍රශ්නය හේතුවෙන් නගර වැසියන්ගේ සෞඛ්‍යට විවිධ තර්ජන එල්ලවිමේ අවදානමක් පවතිනවා.
එමෙන්ම මෙම ප්‍රශ්නය නිසා හැටන් දික්ඔය නගර සභාවද ජනතාවගේ අප්‍රසාදයට ලක් වෙමින් පවතිනවා මෙයට පිලියමක් ලෙස මම වතු සමාගමක් සමග කතා කරලා ස්ථාන දෙකක ඉඩමක් ලබා ගැනිමට පියවර ගත්තා එම ඉඩම් නිරික්ෂනය කිරිමටත් අපි ගියා එත් මෙම දිස්ත්‍රික්කයේ බලලෝබි දේශපාලනයේ යෙදෙන වෘත්තිය සමිති නායකයන් දෙදෙනෙක් ඔවුන්ගේ සමාජිතයන් පිරිසක් එක් කරගෙන උද්ගෝෂන කරලා එය නතර කිරිමට පියවර ගත්තා.
එදා මෙම වෘත්තිය සමිති නායක දේශපාලකයන් මුළු හැටන් නගරයේම ජනතාවට කරපු විශාල දෝහිකමක් ලෙසයි මම නම් දකින්නේ මේ සමහර වෘත්තිය සමිති දේශපාලකයන් කරන්නේ ඔවුන්ගේ සමාජිකයන් යොදවාගෙන විවිධ කඩාකප්පල් ක්‍රියාවන් එදා එය කලේ නැතිනම් අද හැටන් නගරයේ තැන තැන කුණු කසල ගොඩ ගැසිමේ ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ.
එම ප්‍රශ්නයට මෙන්ම මෙම ප්‍රදේශයේ ජනතාවට පවතින තවත් විවිධ ප්‍රශ්න සදහා අවශ්‍ය විසදුම් මා සතුව පවතිනවා එම විසදුම් ක්‍රියාත්මක කිරිමටයි මා ඔබලාගෙන් ඡන්දය ඉල්ලන්නේ එසේ නැතිව ඔබලාගේ ඡන්දය ලබා ගෙන මම විවිධ වරප්‍රසාද ගන්න නොවෙයි.
එම නිසායි මා මෙයට පෙරත් පැවසුවේ මාව පාර්ලීමේන්තුවට යැවිමට ඔබලා පියවර ගතහොත් පාර්ලීමේන්තුවෙන් ලැබෙන සියලුම දිමනා ඔබලාගේ සුභ සාධනය සදහාම වැය කිරිමට පියවර ගන්නා බව මෙම සැලසුම් ක්‍රියාත්මක කිරිම සදහා ඔබලාගේ වටිනා ඡන්දය මාවෙත ලබා දිමට පියවර ගන්නා ලෙස මා ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….