බිත්තරයට වෙන දේ රනිල් කියයි

මේ රටේ ආර්ථිකය ආරක්ෂා කලේ නැතිනම් බිත්තරය රුපියල් දහස දක්වා ඉහල යාහැකි බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග කරන අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරිමේ කොටගල පැවති රැස්විමක් අමතමින් මේ බව පැවසු රනිල් වික්‍රමසිංහ මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.

අද පොල් මිල කියද පොල් මිල ඉහල ගිහින් මේ ගැන මේ ජනාධිපති බලන්නේ නැහැ මේ අය කියන්නේ පාර්ලීමේන්තුව සුද්ද කරන්න ඡන්දය දෙන්න කියලා ඡන්දය දෙන්න මේ අය කවුද කියලා දන්නවාද හුග දෙනෙක් දන්නේ නැහැ අපේ පැත්තේ සමහර අය ජි. එස්. පි. තාක්ෂනය ඔස්සේ තමයි ජනතාව සොයා යන්නේ.

අපි දාලා තියෙන්නේ දන්න අය මේ නොදන්න අයට ඡන්දය දෙන්න කියලාද මේ අය කියන්නේ එයද ප්‍රජාතන්ත්‍රවාදය මේ අය කියනවා පාර්ලිමේන්තුවේ හිටියේ හොරු කියලා අපි ගෙනාවා දුෂණ මර්ධන කිරිමේ පනත මෙය ගෙනාවේ මේ අය කියන විදියට හොරු කියන අය ඒක කොහොමද හොරු අල්ලන්න පනත ගෙනාවේ මේ අය හොරු කියන අය.

අපි ගෙනාපු අනික් එක තමයි මැතිවරණ වියදම් සිමා කිරිමේ පනත මාලිමාව එයට විරුද වුනා තව නිතියක් ගෙනත් තියෙනවා ඒ තමයි අපරාධවලින් හම්බකරන දේපල රාජසන්තක කිරිම එය සම්මත කිරිමට ප්‍රථම මේ අය පාර්ලීමේන්තුව විසුරුවා හැරියා එම නිසා එය සම්මත කරන්න බැරි වුනා.

අපි රජයේ සේවයයනගේ පඩි වැඩි කිරිමට පියවර ගත්තා අපි සැලසුම් කලේ ලබන වෂරේ සිට වාහන ගෙන්විමටයි එවිට එයින් ලැබෙන තිරු බදුවලින් මේ සදහා මුදල් සොයා ගන්නයි අපි උත්සහා කලේ අහසින් මුදල් වැටෙන්නේ නැහැ මේ තේ ගස්වල සල්ලි වැවෙන්නේ නැහැ මේ සදහා විෂර්ජන පනතක් ඉදිරිපත් කල යුතුයි අපිට නිසි ලෙස 2027 ණය ගෙවන්න බැරි වුනොත් නැවත අපේ ආර්ථිකය කඩා වැටෙනවා.

අපි මේ වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් 1350 දක්වා වැඩි කලා සියයට තිස් පහකින් මේ අය එදා කිවුවා රුපියල් 2000 දක්වා වැඩි කරනවා කියලා අපි කියනවා දැන් රුපියල් දෙදහ දක්වා පඩි වැඩි කරන්න කියලා මේ වතු කරයේ ගෙවල් ප්‍රශ්නයට විසදුම් ලෙස ජිවන් සමග එකතුවෙලා මේ ප්‍රශ්නය විසදන් මේ ලයින් කාමර ඉවත් කරලා ගම්මාන බවට පත් කරන්න සැලසුම් කලා.

මේ වතුකරයේ ජනතාවගේ ප්‍රශ්නවලට විසදුම් අපි තමයි හොයලා දුන්නේ මේ වතු කරයේ බොහෝ පිරිසකට පුරවැසි බාවය ලබා දිමට පියවර ගත්තේ එක්සත් ජාතික පක්ෂයයි එදා එයට ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ වුනා වතුකරයේ අධ්‍යාපනය නගා සිටුඅවිමට පියවර ගත්තේ එක්සත් ජාතික පක්ෂයයි.

දැන් බිත්තර මිල ඉහල ගිහිල්ලා  තියෙන්යේ ඇයි දන්නවද මතක තියාගන්න මේ බිත්තර දාන කිකිළියන් මේ මාලිමාවට විරුද්ධයි ඒ නිසායි බිත්තර මිල ඉහල ගිහින් තියෙන්නේ මේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරිමට මේ ගැන දන්න අය පාර්ලිමේන්තුවට යැවිය යුතුයි.

එකයි අපි කියන්නේ මේ 14 වෙනිදා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් අලියාගෙනුත් අනික් පලාත්වලින් සිලින්ඩරයෙනුත් වැඩිම පිරිසක් පාර්ලීමේන්තුවට යවන්න කියලා මොකද ආර්ථිකය දන්න පිරිසක් පාර්ලීමේන්තුවට යැවිය යුතුයි එහෙම නැතිව නොදන්න පිරිසකත් ගිහින් ආර්ථිකය ආරක්ෂා නොවුනොත් බිත්තරය රුපියල් දාහාක් වෙයි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….