ට්‍රම්ප් ඡන්දේ කාලේ දුන් පොරොන්දු ඉටු කරයි

අමෙරිකානු නව ජනපති ලෙස තේරිපත්වූ ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ටෙස්ලා අධිපති එලෝන් මස්ක්ට ධවල මන්දිරයේ ප්‍රධාන රැකියාවක් ලබා දී තිබෙනවා.

ඒ නව දෙපාර්තමේන්තුවක් හඳුන්වාදෙමින්.

එය නම් කර ඇත්තේ “රාජ්‍ය කාර්යක්‍ෂමතා දෙපාර්තමේන්තුව” නමින්.

ඒ අනුව නව “රාජ්‍ය කාර්යක්‍ෂමතා දෙපාර්තමේන්තුව” මෙහෙයවීමේ වගකීම එලොන් මස්ක්ට පවරා ඇති අතර එය ඔහුගේ නැගී එන නව කණ්ඩායම ලද නවතම පත්වීමයි.

ප්‍රකෝටිපති ව්‍යාපාරිකයා හිටපු රිපබ්ලිකන් ප්‍රාථමික අපේක්ෂක විවේක් රාමස්වාමි සමඟ එක්ව එම සංවිධානයට නායකත්වය දෙනු ඇති බවයි ට්‍රම්ප් පවසන්නේ.

මෙම නව දෙපාර්තමේන්තුව මගින් රජයේ වියදම් කපා හැරීමට, රජයෙන් පිටත සිට උපදෙස් සහ මගපෙන්වීම් ලබා දෙනු ඇති බවත් ට්‍රම්ප් සඳහන් කර තිබෙනවා.

මීට පෙර 2022 පමණ වන තෙක්ම ට්‍රම්ප් සහ මස්ක් එකිනෙකාව ප්‍රසිද්ධියේම විවේචනය කර ගන්නා පුද්ගලයින් පවට පත්ව සිටියත්, පසුගිය ජුලි මාසයේ ට්‍රම්ප් ඝාතන තැතින් ඉතා නිර්භීත ලෙස බේරීමත් සමගම, ට්‍රම්ප් – මස්ක් මිතුදමක් දළුලා වැඩුණා.

ඉන් ටික දිනකට පසුව ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපරයට මස්ක් ඩොලර් මිලියන 100 ක් පමණ ප්‍රදානය කළ අතර, මැතිවරණය ආසන්නවත්ම ට්‍රම්ප්ට සහාය පළ කරන්නන් සොයා දිනකට එක් අයෙකුට ඩොලර් මිලියනයක් බැගින් ලබා දුන්නා.

මේ අතර, මැතිවරණ ජයග්‍රහනය සඳහා ට්‍රම්ප්ට වැඩි සහයක් ලබා දුන් ෆොක්ස් නිවුස් සත්කාරක සහ සටන් ප්‍රවීණයෙකු වන පීට් හෙග්සෙත් ආරක්ෂක ලේකම් ලෙස ද ජෝන් රැට්ක්ලිෆ් ඔහුගේ ජාතික බුද්ධි අධ්‍යක්ෂවරයා ලෙස ද තෝරාගෙන ඇති බව සඳහන්.

එක්සත් ජනපද මැතිවරණයෙන් සතියකට පසු, රිපබ්ලිකන් පක්ෂයට සෙනෙට් සභාවේ බලය හිමි වන අතර , ඡන්ද ගණන් කිරීම දිගටම කරගෙන යන පසුබිමක ඔවුන් සභාවේ බහුතරයක් කරා ගමන් කරමින් යන බවයි බීබීසීය වාර්තා කරන්නේ.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….