“ව්‍යාපාරිකයෝ බලාගෙන ඉන්නෙ පොල් අපනයනය කරල ලාභ හොයන්න”

“මිනිස්සුන්ට කන්න පොල් නැතත් ව්‍යාපාරිකයෝ බලාගෙන ඉන්නෙ මේ අවුරුද්දෙත් පොල් අපනයනය කරල විශාල ලාභයක් හොයන්න. ආණ්ඩුව වහාම මේ ප්‍රශ්නයට මැදිහත් වෙන්න ඕන.” යැයි ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික පුබුදු ජයගොඩ පැවසීය.

පොල් මිල ඉහළ යාම සහ පොල් හිඟය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් ජන අරගල සන්ධානය මගින් කොළඹ ලයන්ස් ක්ලබ්හිදී  පැවැත්විණි.

එහිදී ඔහු සඳහන් කළේ පොල් හිඟය සඳහා ස්ථිරසාර විසඳුමක් ලැබෙනතුරු පොල් අපනයනය තාවකාලිකව නැවැත්විය යුතු බවය.

“පහුගිය කාලේ විශාල වශයෙන් රටේ පොල් ඉඩම් වෙන්දේසි වුණා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තමයි මේ කටයුත්තට විශාල මැදිහත් වීමක් කළේ. අනිත් කාරණය 2019 – 2020 කාලය තුළ ඇති වුණ පොහොර අර්බුදය. මේක නිසා පොල් වගාකරුවන් විශාල අපහසුතාවකට පත් වුණා. එහෙම තත්ත්වයක් ඇතුලෙ තමයි 2020 – 2021 කාලේ සුදු මැස්සා රෝගය පොල් වගාව ආශ්‍රිතව ව්‍යාප්ත වුණේ. ඒ වෙලාවේ අපි දිගින් දිගටම කිව්වා සුදු මැස්සා රෝගය ව්‍යාප්ත වෙන කොට මේකට නිශ්චිතව විසඳුම් අවශ්‍යයි කියලා. ඒ වෙලාවේ ආණ්ඩුවට කරන්න තිබුණේ හදිසි අවශ්‍යතාවක් විදිහට සලකලා පොල් වගාව ආරක්ෂා කරගන්න කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම. නමුත් කිසිම ආණ්ඩුවකට ඒ ගැන කිසිම සැලකිල්ලක් දැක්වුවේ නෑ. මේ සියලු ප්‍රශ්න සහ යම් දේශගුණික විපර්යාස එක්ක අද වෙද්දී රටේ පොල් අස්වැන්න සීඝ්‍ර අඩු වීමකට ලක් වෙලා. අද වෙද්දී අපනයන කරන්න තියා ජනතාවට කන්නවත් පොල් ගෙඩියක් නැති තත්ත්වයට පත් වෙලා. මේ අර්බුදය ඇති වෙන්න නියමිතයි කියලා දැනුවත් තත්ත්වයක් ඇතුලෙත් මේ ව්‍යාපාරිකයෝ පිටරටට කුරුම්බා අපනයනය කරලා විශාල ලාභයක් ලැබුවා. අද වෙද්දී ලංකාවේ පොල් අපනයන ඉල්ලුම මිලියන 800 සිට මිලියන 1400 දක්වා වැඩි වෙලා තියෙන්නේ.”

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….