සෙල්ලං නිරිඳුගේ සෙල්ලං ආණ්ඩුව;ශ්‍රී ලංකාව ඉන් ට්‍රබල්ය – අජිත් පැරකුම් ජයසිංහ

ඉතිහාසයේ සෙල්ලම් නිරිඳු ලෙස හැඳින්වෙන්නේ සිංහලේ අන්තිම රජු වූ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහයි. ස්ත්‍රීලෝලීත්වය, සුරාව, කෙළිලොල්බව ආදී හේතු නිසා ඔහු රාජ්‍ය පාලනය නිසි ලෙස නොකළ බවට මතයක් ඇත.

ලංකාවේ වත්මන් රජු වන අනුර කුමාර දිසානායක ගරු ජනාධිපතිවරයා ද එක්තරා ආකාරයකට සෙල්ලම් නිරිඳු කෙනෙකි. ඒ ඉහත කී කාරණා නිසා නොව, ඔහුත්, ඔහුගේ ආණ්ඩුවත් පහළ මාලයේ නිර්ප්‍රභූ ගංකබරකමක සිට සෙල්ලම් ගෙදරක් කරන ළමයින් පිරිසක් සේ ආණ්ඩුකරණය කරන බව පෙනී යාම නිසාය.

නිලධාරීන් සහ සහල් මෝල් ව්‍යාපාරිකයන් වැනි පාර්ශ්ව හමුවේ නිරිඳු මේසයට ගසමින් රංගනයන් පාද්දී වෙළඳපොළේ සහල් අර්බුදයක් නිර්මාණය වී ඇත. එයට විසඳුම් ලෙස රජු ඉහළ පාලන මිලකට ගැසට් ගසා ඇති අතර ගැසට්ටුවේ ද හිල්ය. එහි ඇත්තේ තොග මිලක් හා සිල්ලර මිලක් පමණි. මෝල් හිමියන්ට මිලක් නැත. ඔවුන් දෙන්නේ තොග මිලට නම්, තොග වෙළෙන්දා සිල්ලර වෙළෙන්දාට දෙන්නේ කුමන මිලටද?

නූතන සෙල්ලම් නිරිඳු මේ ඉගෙන ගනිමින් ඉන්නේ ආණ්ඩුවලට මිල පාලනය ඔස්සේ කළ හැක්කේ නොතිබුණු ප්‍රශ්නයක් ඇති කිරීම බවය. ලංකාවේ හාල් ප්‍රශ්නයක් තිබුණේ නැත. ප්‍රශ්නය තිබුණේ පාලක පක්ෂයේ ඔලුගෙඩි තුළය. ඔවුන් සිතන්නේ ව්‍යාපාරිකයන් යනු සොරුන් පිරිසක් නිසා ඔවුන් දමනය කිරීම තමන්ගේ ඩියුටියය කියාය. ඔවුන් සිතන ආකාරයට ව්‍යාපාරිකයන් ලාභ ලැබීම වැරදිය.

සෙල්ලම් ආණ්ඩුවේ පුංචි ළමයින් දැනගත යුතු කාරණයක් වන්නේ ධනේශ්වර ක්‍රමය තුළ ව්‍යාපාරිකයන් නොමැතිව රාජ්‍ය පාලනය ද කළ නොහැකි බවයි. ව්‍යාපාරිකයන් යනු සොරුන්, අපරාධකරුවන් පිරිසක් නොවේ. රජය නඩත්තු වන්නේ ඔවුන් මෙහෙයවන ආර්ථික කටයුතු හරහා රජය එකතු කරගන්නා බදු මුදලිනි. ව්‍යාපාරිකයෝ රැකියා නිර්මාණය කරති. ලාභය නැවත ආයෝජනය කරති. ඒවායින් ද නැවත රැකියා නිර්මාණය කරති. ආර්ථිකය ප්‍රසාරණය කරති. පහළ මාලයේ ජනතාව රැකියා කරති. ඔවුන්ගේ ඔලු කමින් ගංකබරයෝ වෛරය පතුරුවමින් දේශපාලනය කරති. දැන් ඔවුන් පැමිණ සිටින්නේ එජ් එකට හෙවත් සීමාව අද්දරටය. මේ දේශපාලනයට තවදුරටත් පැවතිය නොහැකිය.

ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස කියන දේවලින් පැහැදිලි වන්නේ ලබන කන්නයේදී ඔවුන් සැරසෙන්නේ මහජන බදු මුදල් වැය කර ඉහළ මිලකට අස්වනු මිලදීගෙන වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල ගබඩා කර තබාගෙන කුඩා මෝල්වලට දී කොටා (ගල්වැලි ඉවත් කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු) සමුපකාර හරහා අඩු මිලට අලෙවි කිරීමටයි. මෙම ව්‍යාපාරික මෙහෙයුමේ දැවැන්ත අලාභය පියවනු ඇත්තේ බදු මුදලිනි.

හර්ෂ ද සිල්වා වැනි ගංකබර ධනවාදීන් ද හිතන්නේ හාල් මාෆියාවක් ඇතැයි කියාය. එහෙම මාෆියාවක් තිබේ නම් විසඳුම මෙවැනි එකකි. අප සිතන පරිදි නම් හාල් මෝල් හිමියන් යනු ඔවුන් සිතන අන්දමේ තිරිසනුන් පිරිසක් නොවේ. ඔවුන්ට නිදහස් වෙළඳාමට ඉඩ දිය යුතුය. රජය කළ යුතුව තිබෙන්නේ වෙළඳපොළ සියුම්ව නියාමනය කිරීම, නිෂ්පාදනය සඳහා පහසුකම් සැපයීම හා ජනතාවගේ මිලදීගැනීමේ ශක්තිය වැඩිදියුණු කිරීම සඳහා කටයුතු කිරීමයි.

සෙල්ලම් නිරිඳු කරමින් ඉන්නේ රෝදය නැවත සොයාගැනීමයි. ඔය එක උදාහරණයක් පමණි. ඒගොල්ලන් හාල් මිල පාලනය කරමින් සිටින අතර මොන්ටිසෝරි ළමයින් දෙදෙනෙකු වන හඳුන්නෙත්තිටත්, චතුරංගටත් කර්මාන්ත පැවරී ඇත. ආයෝජන නොඑන බව ද, දේශීය ආයෝජකයන් පවා වෙන්නේ කුමක්දැයි බලා සිටින බව ද, ආර්ථිකය ප්‍රසාරණය නොවන බව ද, ඩොලරය පහළ යාම ඔය කියන තරම් හොඳ දෙයක් නොවන බව ද මතක තබාගන්න. අසල්වැසි ඉන්දියාව සියයට දහයක ආර්ථික වර්ධන වේගයක් ලබාගන්නා ආකාරය සැලසුම් කරමින් සිටියදී අපි එකතැන පල්වෙන හා සමුපකාර යුගයකට ආපසු යන හැටි ගැන සිහින දකින සෙල්ලං ආණ්ඩුවක් සමග සෙල්ලං ගෙවල් හදමින් සිටින්නෙමු.

සෙල්ලම් නිරිඳුගේ සෙල්ලම් පක්ෂය කරමින් සිටියේ අන්දරේ මෙන් ගල උස්සා කරේ තිබ්බොත් අයින් කරන බවට පාරම් බෑමයි. අවාසනාවට මුන්ගේ මළ කන්දොස්කිරියා කයිවාරුව ඇසූ ජනයා උස්සා ගල අන්දරේගේ කර පිටින් තැබූහ. දැන් තියෙන්නේ අද එතැන් සිටය. ගල විතැන් කරන හැටි නොදැන සෙල්ලම් නිරිඳු එකතැන කැරකෙමින් ඇත.

ව්‍යාපාරිකයන් අතර හොරකම ද නැතුවා නොවේ. බදු හොරකම එවැනි එකකි. එහෙත්, බදු හොරුන් හිරේ දමා ඉස්කාගාර වැහුවා කියා ද පළක් නැත. උන්ගේ දේපළ රාජසන්තක කිරීමෙන් උන් ණය වී ඇති මුදල ආපසු ලබාගත නොහැකිය. එක අතකට එවැනි ව්‍යාපාරිකයන් විනාශ වී යාම ද විසඳුමක් විය හැකිය. පහුගිය ආණ්ඩු කළේ ව්‍යාපාරිකයන් ඕනෑවට වඩා සුරතල් කිරීමය. වත්මන් ආණ්ඩුව සිතන්නේම ව්‍යාපාරිකයන් සොරුන් කියා නිසා දැන් ලේසි නැත. ව්‍යාපාරිකයන්ගේ සොරකම් ඔවුන් පවත්වාගෙන ගියේ නීතියේ සිදුරුවලින් රිංගමින් බව ද මතක් කළ යුතුය. සිදුරු වැසීම අනාගතයට හොඳය.

මේ අව් අස්සේ සෙල්ලම් ආණ්ඩුවේ සෙල්ලම් කතානායකගේ ආචාර්ය උපාධිය විහිළුවක් වී තිබේ. උගතුන් දේශපාලනයට ගෙන ආ ජාතික ජන බලවේගයේ නායකයන්ගේ කෙරුවාව ගැන බරපතල සැක මතු වෙමින් තිබේ. මාලිමාව කියමින් සිටියේ රටේ අනෙක් හැමෝම හොරුන් බව හා තමන් පමණක් සුපිරිසිදු නිර්හොරුන් බවය.

මේ අන්දමින් රටක් රවටන්නට බොරු කියන එවුන් හොරුන් බවට පත්වීම ලැබෙන අවස්ථාව පිළිබඳ ප්‍රශ්නයක් පමණි. පුරවැසි දේශපාලනය අතිශය වැදගත් වන්නේ මෙම සංදර්භය තුළය. ජනතාව සිදුවන දෙය ගැන අවධානයෙන් සිටිය යුතුය.

සෙල්ලං නිරිඳුගේ සෙල්ලං ආණ්ඩුවට මේක සෙල්ලමක් වුණාට, මහජනයාට දැන් නිවාඩු කාලෙ හින්ද නෑ ඉස්කෝලේ – හායි හායි ආපි ඔන්න සෙල්ලං කාලේ නොවේ. අපායේ ඉන්ටවල් එකක් ද නොවේ. ඉන්ටවල් නැත. ශ්‍රී ලංකාව ඉන් ට්‍රබල්ය.

Praja.lk

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….