රටට කිසිදු ආදායමක් නොඑන හොර කවුලුවක් මේ ආණ්ඩුවෙනුත් විවෘත කරලා

හාල් සහ පොල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් ආණ්ඩුව ජනතාවට ජනකාන්තවාදී බොරු ප්‍රකාශ කරන බවට එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා චෝදනා කරයි. සහල්, පොල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර සුරක්ෂිතතාව පිළිබඳ එක්සත් ජනරජ පෙරමුණ පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා පෙන්වා දුන්නේ ආණ්ඩුව බලයට පත්වීමට පෙර හාල් මෝල් හිමියන්ට එරෙහිව දැඩි ප්‍රකාශ කළ නමුත්, බලයට පත්වීමෙන් පසු ඔවුන් සමඟ එකඟතාවකට පැමිණ හාල් මිල ඉහළ දැමීමට කටයුතු කළ බවයි.

“ජනාධිපතිතුමා මේසෙට තට්ටු කරලා තමන්ට හිතු ගානකින් හාල් මෝල් හිමියන්ට එකඟ වෙන ගානකින් හාල් මිල වැඩි කරන්න නම් මොකක්ද ඒ ජනාධිපති ධූරයේ තත්ත්වය?”

වී කිලෝ 100කින් නිපදවිය හැකි හාල් ප්‍රමාණය සම්බන්ධයෙන් විවිධ පාර්ශව විවිධ මත පළ කළද, ලංකාවේ හාල් හිඟයක් නොමැති බව ද, රණවක මහතා පෙන්වා දෙයි.

“මහ මෝල් හිමියන් කියනවා වී කිලෝ සීයකින් හාල් කිලෝ හැට දෙකයි දශම පහයි හදන්න පුළුවන් කියලා. කෘෂිකර්ම අමාත්‍යාංශය කියනවා වී කිලෝ සීයකින් හාල් කිලෝ හැට අටක් හදන්න පුළුවන් කියලා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පර්යේෂණාගාරයේ ඉන්න මාරඹේ මැතිතුමා ඇතුළු අය කියනවා නෑ හැත්ත දෙකක් පුළුවන් කියලා. කුඩා මෝල් හිමියෝ කියනවා පනස් දෙකයි පුළුවන් කියලා. ඇත්තටම මේ පවරගත්ත, පනස් දෙක ගත්තත්, හැට දෙක ගත්තත්, හැට අට ගත්තත්, හැත්තෑ දෙක ගත්තත් ලංකාවේ හාල් හිඟයක් නැහැ. මේ සංඛ්‍යා ලේඛන දිහා බැලුවහම. එහෙනම් මොකක්ද මේ වෙලා තියෙන්නේ? ඉතාම පැහැදිලියි මේ බෙදා හැරීම සහ සහල් තොග පවත්වා ගැනීම පිළිබඳව විධිමත් දැනුමක් වෙළඳ ඇමතිට හෝ කෘෂිකර්ම ඇමතිට හෝ ජනාධිපතිට හෝ ඒ අදාළ ආයතන වලට නෑ.”

හාල් මිල පාලනය කිරීමේ වගකීම වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාට පැවරී ඇති බවත්, එම වගකීම ඔහු නිසි ලෙස ඉටු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් රණවක මහතා ප්‍රකාශ කළේය.

“වසන්ත සමරසිංහ මැතිතුමා වාණිජ ඇමති හැටියට දිවුරුම් දෙද්දී එතුමාගේ ගැසට් නිවේදනයේ, එතුමා බලයට පත් කරපු ගැසට් නිවේදනයේ, බොහොම පැහැදිලිව තියෙනවා. එතකොට මේ මේ ගැසට් නිවේදනයට අනුව තමයි, මේ නිල ලියවිල්ලට අනුව තමයි එතුමාට මේ බලය ලැබිලා තියෙන්නේ. අලි ගම් වැදිලා මේ විනාශ වෙනවා. මාෆියාකාරයෝ හාල් හංගං ඉන්නවා වගේ උත්තර දෙන්න බෑ. මේක තමයි ඔහුගේ වගකීම. ඒ නිසා ඒ වගකීම ඔහු ඉටු කරනවා ඇතියි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”

ආහාර ද්‍රව්‍ය ආනයනයේදී සිදුවන වංචා සහ හොරකම් පිළිබඳව ද රණවක මහතා ආණ්ඩුවට චෝදනා කළේය.

“ලංකාවට අදටත් ගෙන්නන ප්‍රධාන ආහාර ද්‍රව්‍ය වල ඒ රේගු දෙපාර්තමේන්තුවේ සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බලපත්‍රවල විශේෂයෙන්ම අර තාවකාලික බලපත්‍ර වලින් තමයි සීයට හැට පහක් වෙන්නේ. ඒකෙන් රටට කිසිම ආදායමක් දෙන්නෑ. අන්න ඒ හොර කවුළුව මේ රජය විවෘත කරලා තියෙනවා නැවතත්. මේ රජය හොර කවුළුව විවෘත කරලා තියෙනවා.”

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා විධිමත් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත්, ජනතාව ගැන සිතා කටයුතු කරන ලෙසත් රණවක මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.

පොල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් ද අදහස් දැක්වූ රණවක මහතා, ඉඩම් කට්ටි කිරීම, රිලවුන් සහ දඬු ලේන්නුන් වැනි සාධකවලට අමතරව, පොල් තෙල් නිෂ්පාදනයේදී සිදුවන අධික හානිය පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බව පැවසීය.

“රිලව්ගේ ප්‍රශ්නයක් නැහැ කියලා අපි කියන්නේ නැහැ. රිලව්ගේ ප්‍රශ්නයක් තියෙනවා පැහැදිලිව. දඬු ලේන්නුන්ගේ ප්‍රශ්නයක් තියෙනවා පැහැදිලිව. හැබැයි මේ දින පනහ ඇතුලේ ඇතිවෙච්ච ප්‍රශ්නයක් නෙවෙයි ඒක,” යනුවෙන් පැවසූ ඒ මහතා, ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ඇති වූ ගැටලු ලෙස පෙන්වා දීමට උත්සාහ කරන බවට චෝදනා කළේය.

හාල් සහ පොල් යන දෙඅංශයේම ගැටලු විද්‍යාත්මකව විසඳීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවත්, ජනතාවට ඇත්ත තත්ත්වය පැහැදිලි කළ යුතු බවත් රණවක මහතා අවධාරණය කළේය.

“අතීතයේ ඔබ අනික් අයට මඩ ගැසීම සඳහා, ඇමතිවරුන්ට මඩ ගැසීම සඳහා, ඔවුන් අවඥාවට ලක් කිරීම සඳහා, නොයෙක් ආකාරයේ ප්‍රකාශ කළාට, දැන් ඔබ බලයේ ඉන්නේ. ඒ නිසා, ඒ ආකාරයට ක්‍රියා කරන්න,” යනුවෙන් රණවක මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

More Stories

  • | | |

    පොල් මුඩ්ඩෙන් ලොවක් ජයගත් නදීෂා

    පොල් මුඩ්ඩ යනු සාමා­න්‍ය­යෙන් අපතේ යන දෙයක් ලෙස නොස­ලකා එයින් අගය එකතු කළ නිෂ්පා­දන රාශි­යක් නිර්මා­ණය කළ හැකිය. මේවා පරි­සර හිත­කාමි වීමට අම­ත­රව නව රැකියා අවස්ථා ද උත්පා­ද­නය කරයි. ඒ අනුව පොල් මුඩ්ඩෙන් නව සහ වටිනා නිෂ්පා­ද­න­යක් කර ලංකාවේ ආර්ථි­ක­ය­ටත් විදේශ විනි­මය රැගෙන ආ කාන්තා­වක් පිළි­බ­ඳ­වයි මේ කතාව. ඇය නමින් නදීෂා මධු­වන්ති ය. ඇයගේ කර්මා­න්ත­ශා­ලාව…

  • | |

    හරිත කර්මාන්ත

    පරි­සර හිත­කාමි කර්මාන්ත නැත­හොත් “හරිත” කර්මාන්ත යනු පරි­ස­ර­යට අවම හානි­යක් වන පරිදි ක්‍රියා­ත්මක වන සහ පාරි­ස­රික තිර­ස­ර­ත්වය ප්‍රව­ර්ධ­නය කරන ව්‍යාපාර වේ. වර්ත­මාන ගෝලීය අභි­යෝග හමුවේ විශේ­ෂ­යෙන්ම දේශ­ගු­ණික විප­ර්යාස සහ ස්වාභා­වික සම්පත් ක්ෂය වීම පිළි­බඳ ගැටලු වැඩි වශ­යෙන් මතු­වී­මත් සමඟ එවැනි කර්මාන්ත ආරම්භ කිරීම බෙහෙ­වින් වැද­ගත්ය. සාම්ප්‍ර­දා­යික කර්මා­න්ත­ව­ලින් සිදු­වන කාබන් විමෝ­ච­නය, අප­ජ­ලය බැහැර කිරීම සහ අනෙ­කුත්…

  • |

    කිරි­පිටි වෙනු­වට මෝල්ට් එයි

    වෙළෙ­ඳ­පොළේ විකි­ණී­මට ඇති පිටි කිරි නිසා මතු විය හැකි සෞඛ්‍ය ගැටළු බොහෝය. එන­මුත් පිටි කිරි පානය පුරු­ද්දක් කර ගත් අයට උදෑ­සන අවදි වු සැනින් කිරි වීදු­රු­වක් පානය කළ යුතු­මය. ඔවුන් එයින් බලා­පො­රොත්තු වන්නේ අම­තර පෝෂ­ණ­යක් ශරී­ර­යට එක් කර ගැනීම සහ ප්‍රබෝ­ධ­මත් බවකි. එය එසේ වුවත් පිටි කිරි නිසා සෞඛ්‍ය ප්‍රශ්න මතු වන්නේ පසු කාලී­න­වය. මේ…

  • |

    “Miss bakers” පියුමි

    කාන්තාවක් මුළුතැන්ගෛට සීමා වුන කාලය දැන් ඉක්ම ගිහින්. ඒ වගේම ගෙදර අයට ගැලපෙන විදිහට හොද්දක් බතක් උයාගෙන සැනසෙන්න දැන් කාන්තාවන් සූදානම් නැහැ. තමන්ගේ උසස් අධ්‍යාපනය කටයුතුද සාර්ථක කර ගනිමින්ම ස්වාධීන යැපුම් මාර්ගයක් උදා කර ගැනීම ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා. ඇය පියුමි නිසසංසලා… එහෙමනම් ඔයාගේ මේ ගමන ගැන විස්තරයක් හැමෝටම දැන ගන්න කියමුද? මගේ ගම කොළඹ…

  • |

    මූල්‍ය සාක්ෂරතාව යනු කුමක්ද?

    මූල්‍ය සාක්ෂරතාව යනු බුද්ධිමත් ආකාරයකින් මුදල් කළමනාකරණය කරන්නේ කෙසේදැයි දැන ගැනීමයි. එය අපගේ දෛනික ජීවිතයේ අපට අවශ්‍ය මූලික දේවල් වන මුදල් උපයන්නේ කෙසේද, වියදම් කරන්නේ කෙසේද, ඉතිරි කරන්නේ කෙසේද, ණයට ගන්නේ කෙසේද සහ ආයෝජනය කරන්නේ කෙසේද යන්න තේරුම් ගැනීමයි. මූල්‍ය සාක්ෂරතාව ඇති පුද්ගලයෙකුට මුදල් සම්බන්ධයෙන් හොඳ තීරණ ගැනීමට දැනුම සහ කුසලතා ඇත. මෙය වැදගත් වන්නේ…

  • |

    What is Social Entrepreneurship? සමාජ ව්‍යවසායකත්වය කියන්නේ කුමක්ද?

    සමාජ ව්‍යවසායකත්වය කියන්නෙ ව්‍යවසායකත්ව ක්‍රමවේද ඔස්සේ සමාජ ප්‍රශ්නවලට විසඳුම් නිර්මාණය කිරීමටයි. එහිදී බාහිර පාර්ශ්වයක උදව් ලබාගත්තත්, විසඳුම තිරසරව පවත්වාගැනීම ගැන සිතන්නට ඕනැ. ඒ සඳහා ව්‍යාපාර ක්‍රමවේදය භාවිතා කිරීම තමයි මෙහිදී කෙරෙන්නෙ. ඔටාරා ගුණවර්ධනගෙ එම්බාක් ආයතනය මේ සඳහා උදාහරණයක්. ඔටාරා තමයි ඔඩෙල් නම් ප්‍රසිද්ධ මෝස්තර සන්නාමය ගොඩනැගුවෙ. පසුව ඇය එය විකුණා සමාජ ව්‍යවසායකත්වය පැත්තට නැඹුරු වුණා….